Thursday, April 19, 2012

"හදපතුල" බෙදා දීමට අයිතිකරුවන් අවශ්‍ය කර තිබේ..!

"හද පතුල" බ්ලොග් අඩවිය අවුරුදු දෙකකුත් මාස කීපයක් මට හැකි විදිහට හා හොඳයි කියා හිතෙන විදිහට පවත්වාගෙන ආයෙමි.. දිගින් දිගටම පවත්වාගෙන යන්නට අදහස් කරගෙන උන්නෙමි.. එහෙත් මට දැන් හිතෙන හැටි වෙනස්ය.. මෙය මට වඩා ලියන්ට පුළුවන් වගේම ලියන්ට වෙලාව ඇති කෙනෙක් පවත්වාගෙන යනවා නම් හොඳයි කියලා හිතෙයි.. මටත් ඔය ඉඩක් ලැබුණොත් පෝස්ටුවක් දාන්ට බැරියෑ.. කියා හිතෙයි..

හැබැයි අයිති කාර කම දුන්නට නෝටි පෝස්ටු දාන්න නම් ඔට්ටු නෑ.. බලන කෙනාට මොකක්ම හරි වැදගත් කරුණක් කියවෙන ලිපි තමයි මෙහි පළ වෙන්ට ඕන..

එහෙම කෙනෙක් ඉන්නවා නම් මට මේ තොරතුරු ටික එවන්ට..

ඊ ලිපිනය:
දු.ක. (ජංගම/ස්ථාවර)
ලියපු ලිපියක් හෝ කළ නිර්මාණයක් (තමන්ගේම) ..

විහිළුවක් එහෙම නෙවෙයි... සමහර විට මං හෙමීට කැපෙන්නත් පුළුවන්..!


මගේ ඊ ලිපිනයට එවන්ට..
canwijekoon@gmail.com


ප.ලි.
කෙනෙකුට අවශ්‍ය නම් අලුතින් බ්ලොග් එකක් පටන් ගැනීම මහා දෙයක් නෙවෙයි.. ඒත් අවුරුදු දෙකක් පවත්වාගෙන ආපු, දවසට 100ක් විතර බලන බ්ලොග් එකක අයිතිකරුවෙක් වෙන්ට ලැබීම බෝනස් එකක් වෙයි මයෙ හිතේ..

17 comments:

  1. දවස උදා විය...
    ඈය ආවාය.....
    අපි ගියෙමු.....
    ඈය කෑවාය.....
    මම ගෙව්වෙමි....
    ඔහු ආවෙය.....
    ඈය ගියාය....
    මම.....?

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට බෙහෙවින් ස්තුතියි පියුමි.. හදපතුලේ කතුවරියක වීමට ඔබ කැමැති නම් මට ඊ ලිපියක් එවන්න..

      Delete
  2. අක්හරින්න එපා. වෙලාව තියන විදියට ලියන්න.

    ReplyDelete
    Replies
    1. අත හරින්න ම නෙවෙයි.. හොඳ කීප දෙනෙකුට බාර දෙන්න ලැබුණොත් දුක නැතුව අත හරින්නත් පුළුවනි.. ඉඩක් ලැබුණාම ඉතිං මටත් ලියන්න බැරියෑ...

      Delete
  3. නිසල වූ රැය
    සසල වන්නට විය මසිත
    අන් කිසිවක් නිසා නොව
    ඔබ නිසාවෙන්මය

    පිදූ සෙනෙහස
    උපන් ගෙයිම වියැකෙනු
    දෑස් ඉදිරියේ
    බලා සිටින්නේ කෙලෙසද නෙත් හැර

    බලාපොරොත්තුවක තුඩඟක් දරාගෙන
    එනමුත්
    ඔබ ගියා යන්නට
    තනිකර දමා
    මා ලොව සදහටම
    දුන් සෙනෙහසේ
    අඩුවක් වී ද?
    අදයි ඒ දින
    මා ලොවින් ඔබ
    සමුගත්....
    අදහන්නේ කෙලෙස ද
    මා සිත කඳුලින් නැහැවූ

    පුංචි පුතේ...!!!

    ReplyDelete
    Replies
    1. නිර්මාණය ලස්සනයි.. ඒත් මං බලාපොරොත්තු වෙන්නේ මෙය ඉදිරියට පවත්වාගෙන යන්න හොඳ කීප දෙනෙක්.. ඔබ කැමති නම් මට ඊ ලිපියක් එවන්න..

      Delete
  4. හැමෝම සපෝට් එක දෙයි... පුළුවන් විදිහට ලියන්න..‍.

    ReplyDelete
  5. නිසල වූ රැය
    සසල වන්නට විය මසිත
    අන් කිසිවක් නිසා නොව
    ඔබ නිසාවෙන්මය

    පිදූ සෙනෙහස
    උපන් ගෙයිම වියැකෙනු
    දෑස් ඉදිරියේ
    බලා සිටින්නේ කෙලෙසද නෙත් හැර

    බලාපොරොත්තුවක තුඩඟක් දරාගෙන
    එනමුත්
    ඔබ ගියා යන්නට
    තනිකර දමා
    මා ලොව සදහටම
    දුන් සෙනෙහසේ
    අඩුවක් වී ද?
    අදයි ඒ දින
    මා ලොවින් ඔබ
    සමුගත්....
    අදහන්නේ කෙලෙස ද
    මා සිත කඳුලින් නැහැවූ

    පුංචි පුතේ...!!!

    ReplyDelete
  6. පුළුවන් විදියට අල්ලන් යමු අපෙනුත් සප් එක

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... ! ඒත් කාට හරි මේකෙ සුක්කානම දෙන්නයි මගේ වැඩි කැමැත්ත..

      Delete
  7. නවත්තනන් එපා බං... කමැට් නොකරට මම ගොඩක් ලිපි බැලුවා... අර කවි හදන් හැටි පෝට් එහෙම මාරයි.. නොදන්න දේවල් ඉගන ගත්තා.. ඉඩ තියෙන විදියකට ලියන්න කියල තමයි ඉල්ලන්නෙ...

    ReplyDelete
    Replies
    1. කොහොමත් නවත්තන්නේ නෑ.. උත්සාහ කළේ වෙනසක් එකතු කරන්නයි.. වගකීම් බෙදලා දෙන්නයි.. ඒක හරියන පාටක් නෑ..යෝජනාව අකුල ගන්නම්..

      Delete
  8. පොඩි මෑන් කියන දේට සහසුද්දෙන්ම එකඟයි...
    නවත්තන්නැත්නම් මමත් කැමතියි
    ආසාවෙන් බලන බ්ලොග් එකක් මල්ලී මේක..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තිස්ස අයියා..

      Delete
  9. අසාධාරණයි . පොඩි මැන්ට මාත් එකඟයි . පොදු වේ බ්ලොග් එකක් කිරීම හොඳයි . ඒත් ඔබේ අනන්‍යතාවයට අපි කැමතියි . බලන්න අපි කවි ලියන්න ගත්තු කවි මුතු වලට මොකද වුනේ .

    ReplyDelete
    Replies
    1. හොඳයි.. ඒ අනන්‍යතාවයෙන්ම පුළුවං හැටියට ලියන්නංකෝ එහෙනං..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..