ජුලිස් මැන්ඩිස් අපේ රිකට් පිළේ ලොක්කා වෙලා ඉන්න කාලෙ තමයි මං රිකට් අහන්න බලන්න පටං ගත්තේ..
මතකද අපේ එකෙක් මුල්ම ටැස්ට් ලකුණු 1000 ගහපු දවස..? මට මතක හැටියට ඒ 1985 විතර කාලෙ.. ප්‍රතිවාදියෝ කවුද කියලා නං මතක නෑ.. මං ඒ තරඟය රේඩියෝ එකෙන් ඇහුවා මතකයි.. රෝයි ඩයස් තමයි 1000ට ලං කරලා උන්නෙ.. දුලිප් මැන්ඩිස් උන්නැහේත් ඒ තරම් පිටිපස්සෙන් නෙවෙයි උන්නෙ.. ඔන්න ඉතිං රෝයි අයියා 1000 ට කිට්ටු කරනකොට ම දුලිප් අයියා වේගවත් පිතිහරඹයක නිරත වෙලා ලකුණු සමාන කරගත්තා 999යි.. හැබැයි ඉස්සෙල්ලා ම 1000 ගැහුවේ රෝයි වගෙත් මතකයි.. ඒත් හරියටම මතක නෑ..
ඔය කාලෙම තමයි අපි ඉන්දියාව පරද්දලා ටැස්ට් තරඟයක් හා තරඟාවලියක් දිනන්නේ.. ඒක අපේ පළමු ටැස්ට් ජය හින්දා ක්‍රිකට් උන්මාදයක් රට පුරා පැතිරෙනවා.. ඔය කාලේ දවසක් අපි ගමනක් යද්දී මට වඩා චුට්ටක් වැඩිමල් (මට එතකොට අවු.8ක් විතර ඇති) කොල්ලෝ කීප දෙනෙක් රිකට් ගහනවා (එයාලා කියන්නේ එහෙමයි) . අපේ අප්පච්චි එයාලගෙන් ඇහුවා.. අපේ ටීම් එකේ කැමතිම ක්‍රීඩකයා කවුද? කියලා.. ගත් කටටම එක කොල්ලෙක් කියපි.. "ජුලිස් මැන්ඩිස්" කියලා..
ඒත් මං නං ඒ කණ්ඩායමේ වැඩියෙන්ම ආසා කළේ.. රෝයි, අර්ජුන, රන්ජන් (රාමණායක නොවේ.. මඩුගල්ල) , සිදත් හා රුමේෂ් රත්නායක.. කියන කට්ටියට.. පස්සේ ඔය ලිස්ට් එකට රොෂාන් මහානාම එකතු වුණා.. ඉස්සර ඇස්ට්‍රා එක්ක රිකට් ගහන අයගේ ඉට්ටිකල් දෙනවා.. ඉතිං ආසාවෙ ඉන්නේ ඉස්සෙල්ලා කියපු අයගේ ඉට්ටිකල් හම්බ වෙනකං..
අපේ ඉස්කෝලෙ ක්‍රිකට් වලට වඩා ගහන්නේ එල්ලේ.. ලොකු පංතියේ අයියලා රිකට් ගහපු වෙලාවල් තිබුණා.. සමහර වෙලාවට එයාලත් එක්ක සැට් වෙලා රිකට් ගහනවා.. මාව ගන්න ඒ අය අකැමති නෑ.. මොකද එතන එවුන්ගේ හැටියට ටිකක් හොඳට පිත්ත වනන්න මට පුළුවං හින්දා..
ටික ටික රිකට් උන්මාදේ ලංකාව පුරා පැතිරිලා යද්දී මටත් රිකට් උණ හැදිලා තිබුණා.. ශිෂ්‍යත්වෙන් පාස් වෙලා ලොකු ඉස්කෝලෙකට ගිහිං රිකට් ගහන්න හීන පවා ඒ කාලෙ තිබුණා.. එහෙවු ඉස්කෝලෙකට ගියාට පස්සේ තමයි තේරුණේ ඒවා එහෙම ලේසියට කොරන්න පුළුවං වැඩ නෙවෙයි කියලා.. අනික මං හිතාගෙන හිටි තරං හපනෙකුත් නෙවෙයි කියලා මට තේරුණා..
මේ වෙනකොට ටීවී එකේ හොඳට රිකට් පෙන්නනවා.. අපිත් කට ඇරං බලං ඉන්නවා.. ඔහොම ගිහිං අපි උ/පෙ ලියපු අවුරුද්දෙ තමයි අපේ අයියලා ටික ලෝක කුසලානෙ උහං ආවේ.. ඒ කාලෙ සංතෝෂෙ පැලුන් නැති ටික විතරයි..
ඊට පස්සේ වෙච්ච දේවල් ටික ඉතිං ඒ හැටි පරණ නෑ නොවැ.. කොහොම වුණත් මෙච්චර කාලයක් සනීප කරන්ට බැරුව හිටිය රිකට් උණ සනීප කොළේ "කෝලි" කොලුවා.. එදා මාලිංගට කාලිංග වෙන්ට දෙන්ට දෙන්ට මාලිංගවම දානකොට ඒ දාද්දි ඉස්සෙල්ලත් වඩා ගහනකොට දැනුණ රහ මතක තිබුණොත් නං ආයෙ රිකට් වලට වහ වැටෙනවා බොරු.. ඒත් ඉතිං ඔයි වගේ ලෙඩ නිට්ටාවට සනීප කොරන්ඩ අමාරුයි..
ඉස්සර ඉතිං රිකට් අහනවා විතරනේ..ප්‍රේමසර හොයියා රස කර කර කියනවනේ....
ReplyDeleteඇයි අපේ පාලිත මාමා.. උන්නැහේ තමයි මගේ නම් ප්‍රියතම නිවේදකයා..
Deleteමාලිංග අව්ට් ඔෆ් ෆෝම් මටනම් හිතෙන්නේ....අයි.පී.එල් එකෙත් මෙපාර අප්සට් නෙද...
ReplyDeleteඕක මාලිංග ගේ වරදක් නෙවෙයි.. ගහනවා කියලා පෙනි පෙනී මාලිංගව ම දාපු අපේ මහේල ගේ වරද..
DeleteIPL එකේ පළවෙනි මැච් එකේ රිකට් දෙකක්ම අරං කියලා ආරංචියි.. අවුට් ඔෆ් ෆෝම් කියන්ටමත් බෑ.. කෝලිට සැට් වුණු දවසක තමයි රඟේ බලාගන්න පුළුවං..
"එහෙවු ඉස්කෝලෙකට ගියාට පස්සේ තමයි තේරුණේ ඒවා එහෙම ලේසියට කොරන්න පුළුවං වැඩ නෙවෙයි කියලා.. "
ReplyDeleteඅන්න නියම කාරණාව...
ඒකනේ.. රිකට් පිති ගන්ට ඕන, අත් වැසුම්, බෝල් ගාර්ඩ් ආදී බොහෝ දෑ ගන්ට ඕන..ඒවට අම්මා අප්පච්චිට කරදර කොරන්ටත් දුකයි.. ඔක්කොටමත් හපං.. ටික කාලයක් අපටත් වඩා බාල ඇච්චො යටතේ බෝල අහුලන්ට පුරුදු වෙන්ට ඕන.. ඊටත් ඉතිං මං ඔය ඉස්කෝලෙට ගියේ බෝඩිං වෙලා කොට.. නිවාඩු මාසෙ පැට්ටිස් එන්නෙ කෝමෙයි.. එක මාසෙන්ම මං ඒ හීනෙ අමතක කොල්ලා දැම්මා..
Deleteඅදද කොහේද ආවෙ. ටිකක් කියවලම බලමුකෝ.
ReplyDeleteහද පතුලින්ම පිළිගන්නවා..
Deleteහපෝ, කෝලි මලයටවත් බැරි වුනා මගේ නම් උණ යවන්න. මටත් අයියට වගේම අප්පරසන්න වෙලා වමනෙට යන්න වගේම ආවත් උගුරේ හිරවෙලා නතර වුනා. අර 300+ දිනුම් දෙක නොවෙන්නම් අනිවා පපුව කඩාගෙන වමනේ යනවාම තමා...!
ReplyDeleteමේ ටිකෙත් දවල්ට ටෙස්ට්, රෑට IPL... අපි හැදෙයි ද ඉතින් !!!
හික්.. හික්.. ඒවා එහෙම ලේසියෙන් සනීප කරන්ට බෑ.. මගෙත් උණ නැති වුණා.. විතරයි.. ලෙඩේ ඇඟ ඇතුලෙ තියෙනවා.. ඉඳ හිට ක්‍රික් ඉන්ෆො එක පැත්තෙ ගිහිං මොකද වුණේ කියලා බලනව.. අපේ පිටිගල විත්ති බැලුවාම අනික් තොරතුරු ටිකත් ගත්තෑකි නේ..
Deleteඅත්දැකීමෙන් කියන්නේ මලයා.. ඕවට වැය කරන කාලේ සිගරැට් බිවුවා වගේ තමයි.. මෙලෝ පරෝජනයක් නෑ.. අගුණයක් මිස.. ඒ වෙලාවට ත්‍රිල්ය කියලා හිතුවට ඇති ත්‍රිලකුත් නෑ.. ඇබ්බැහි වුණු නිසා බලනවා..
අපෝ ඕක හොඳ වෙන්නේ නැහැ . බැන බැන හරි බලයි .මට නම් ඔයාකාර උණක් නැහැ . අපේ ගෙදර උන්දැට නම් ඉතින් ඕක ජානගත රෝගයක් වෙලා . අපේ ඉස්කෝලේ කෙල්ලෝ හිටියා අටේ නාමයේ පන්තියේදී ඔය ඉට්ටිකල් එකතු කල .මුස්ලිම් කෙල්ලෝ ඉම්රාන්ට තමයි කැමැත්ත . අනික් උන් අපේ උන්ට
ReplyDeleteආ.. ඉට්ටිකල් වල..ඉම්රාන් හිටියද කියලා නං මතක නෑ.. වසීමුයි, ඉම්රානුයි එකතු වෙලා අපිව නන්නත්තාර කරපු විදිහ නං මතකයි.. ලෝකයේ මං වඩාත්ම ආසා කරපු ක්‍රීඩකයෙක්.. ඉම්රාන්..!
Deleteහැබෑටම නිට්ටාවට සනීප කරගන්න විදිහක් අපේ වෙදනා වත් දන්නේ නැද්ද මංදා..
චතුරට සුභ නව වසරක් වේවා!
ReplyDeleteමේ පැත්තේ ආවේ පමා වෙලා.
මමත් ඉඳල හිටලා ක්‍රිකට් බැලුවට ඔය ලෙඩේ නං නෑ. ඒත් ඉතින් කස්ටිය හොඳට ගහනවා නං බලන්න ආසයි.
පළමු වෙනි ටෙස්ට් ජයග්‍රහණය ලබපු වෙලාවේ ජේ. ආර්. උන්නැහැ ඊට පහුවදා රජයේ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කළා මතකයි.
අපොයි පප්පා නිවාඩු දෙන්න දෙයියා.
Deleteපටන් ගත්තෙම සතියක නිවාඩුවකින්.හැබැයි පොලිසියට
පමා වෙලා හරි ආව එක මදැයි..
Deleteඔවු නේද? ඇත්තටම ඔය වගේ දේවල් වලට නිවාඩු දෙන එක ඒ තරම් හොඳ දෙයක් නම් නෙවෙයි.. ඒත් අපේ රටේ එහෙම දේවල් වෙනවා..ජනප්‍රියත්වය උදෙසා..
ඇස්ට්‍රා මාජරින් එක්ක දීපු රෝයි අය්යගෙ රවුම් ඉට්ටිකර් එකක් මේ ලගක් වෙනකල් මගෙ ලග තිබුනා
ReplyDeleteඔය කාලෙ මගෙ වීරයා උනේ රොමේෂ් රත්නායක.....ඔලුවෙ පටියක් බැදගෙන ඔයලගෙ ගෙදරට යන කන්ද පාරෙ මැදක් වෙනකල් ගිහින් දුවගෙන ඇවිත් මම වේග පන්දු යැව්වා මතකයි.
අජිත් අලිරාජා ගැන මතකයෙ තියෙනවද....
ඒ කාලෙ අපි දෙන්නා විතරක් කොයි තරං රිකට් ගහලා තියෙනවද?
Deleteමතකද දවසක් ලොකු සැට් එකක් එක්ක රිකට් ගහන්න ගිහිං නසරානි කෑමක් කාපු හැටි..?
රුමේෂ් මගෙත් කැමතිම ක්‍රීඩකයෙක්..
අජිත් අලිරාජා කියලා කෙනෙක් නම් මට මතක නෑ..