"හද පතුල" බ්ලොග් අඩවිය අවුරුදු දෙකකුත් මාස කීපයක් මට හැකි විදිහට හා හොඳයි කියා හිතෙන විදිහට පවත්වාගෙන ආයෙමි.. දිගින් දිගටම පවත්වාගෙන යන්නට අදහස් කරගෙන උන්නෙමි.. එහෙත් මට දැන් හිතෙන හැටි වෙනස්ය.. මෙය මට වඩා ලියන්ට පුළුවන් වගේම ලියන්ට වෙලාව ඇති කෙනෙක් පවත්වාගෙන යනවා නම් හොඳයි කියලා හිතෙයි.. මටත් ඔය ඉඩක් ලැබුණොත් පෝස්ටුවක් දාන්ට බැරියෑ.. කියා හිතෙයි..
හැබැයි අයිති කාර කම දුන්නට නෝටි පෝස්ටු දාන්න නම් ඔට්ටු නෑ.. බලන කෙනාට මොකක්ම හරි වැදගත් කරුණක් කියවෙන ලිපි තමයි මෙහි පළ වෙන්ට ඕන..
එහෙම කෙනෙක් ඉන්නවා නම් මට මේ තොරතුරු ටික එවන්ට..
ඊ ලිපිනය:
දු.ක. (ජංගම/ස්ථාවර)
ලියපු ලිපියක් හෝ කළ නිර්මාණයක් (තමන්ගේම) ..
විහිළුවක් එහෙම නෙවෙයි... සමහර විට මං හෙමීට කැපෙන්නත් පුළුවන්..!
මගේ ඊ ලිපිනයට එවන්ට..
canwijekoon@gmail.com
ප.ලි.
කෙනෙකුට අවශ්‍ය නම් අලුතින් බ්ලොග් එකක් පටන් ගැනීම මහා දෙයක් නෙවෙයි.. ඒත් අවුරුදු දෙකක් පවත්වාගෙන ආපු, දවසට 100ක් විතර බලන බ්ලොග් එකක අයිතිකරුවෙක් වෙන්ට ලැබීම බෝනස් එකක් වෙයි මයෙ හිතේ..
දවස උදා විය...
ReplyDeleteඈය ආවාය.....
අපි ගියෙමු.....
ඈය කෑවාය.....
මම ගෙව්වෙමි....
ඔහු ආවෙය.....
ඈය ගියාය....
මම.....?
ප්‍රතිචාරයට බෙහෙවින් ස්තුතියි පියුමි.. හදපතුලේ කතුවරියක වීමට ඔබ කැමැති නම් මට ඊ ලිපියක් එවන්න..
Deleteඅක්හරින්න එපා. වෙලාව තියන විදියට ලියන්න.
ReplyDeleteඅත හරින්න ම නෙවෙයි.. හොඳ කීප දෙනෙකුට බාර දෙන්න ලැබුණොත් දුක නැතුව අත හරින්නත් පුළුවනි.. ඉඩක් ලැබුණාම ඉතිං මටත් ලියන්න බැරියෑ...
Deleteනිසල වූ රැය
ReplyDeleteසසල වන්නට විය මසිත
අන් කිසිවක් නිසා නොව
ඔබ නිසාවෙන්මය
පිදූ සෙනෙහස
උපන් ගෙයිම වියැකෙනු
දෑස් ඉදිරියේ
බලා සිටින්නේ කෙලෙසද නෙත් හැර
බලාපොරොත්තුවක තුඩඟක් දරාගෙන
එනමුත්
ඔබ ගියා යන්නට
තනිකර දමා
මා ලොව සදහටම
දුන් සෙනෙහසේ
අඩුවක් වී ද?
අදයි ඒ දින
මා ලොවින් ඔබ
සමුගත්....
අදහන්නේ කෙලෙස ද
මා සිත කඳුලින් නැහැවූ
පුංචි පුතේ...!!!
නිර්මාණය ලස්සනයි.. ඒත් මං බලාපොරොත්තු වෙන්නේ මෙය ඉදිරියට පවත්වාගෙන යන්න හොඳ කීප දෙනෙක්.. ඔබ කැමති නම් මට ඊ ලිපියක් එවන්න..
Deleteහැමෝම සපෝට් එක දෙයි... පුළුවන් විදිහට ලියන්න...
ReplyDeleteස්තුතියි..!
Deleteනිසල වූ රැය
ReplyDeleteසසල වන්නට විය මසිත
අන් කිසිවක් නිසා නොව
ඔබ නිසාවෙන්මය
පිදූ සෙනෙහස
උපන් ගෙයිම වියැකෙනු
දෑස් ඉදිරියේ
බලා සිටින්නේ කෙලෙසද නෙත් හැර
බලාපොරොත්තුවක තුඩඟක් දරාගෙන
එනමුත්
ඔබ ගියා යන්නට
තනිකර දමා
මා ලොව සදහටම
දුන් සෙනෙහසේ
අඩුවක් වී ද?
අදයි ඒ දින
මා ලොවින් ඔබ
සමුගත්....
අදහන්නේ කෙලෙස ද
මා සිත කඳුලින් නැහැවූ
පුංචි පුතේ...!!!
පුළුවන් විදියට අල්ලන් යමු අපෙනුත් සප් එක
ReplyDeleteස්තුතියි... ! ඒත් කාට හරි මේකෙ සුක්කානම දෙන්නයි මගේ වැඩි කැමැත්ත..
Deleteනවත්තනන් එපා බං... කමැට් නොකරට මම ගොඩක් ලිපි බැලුවා... අර කවි හදන් හැටි පෝට් එහෙම මාරයි.. නොදන්න දේවල් ඉගන ගත්තා.. ඉඩ තියෙන විදියකට ලියන්න කියල තමයි ඉල්ලන්නෙ...
ReplyDeleteකොහොමත් නවත්තන්නේ නෑ.. උත්සාහ කළේ වෙනසක් එකතු කරන්නයි.. වගකීම් බෙදලා දෙන්නයි.. ඒක හරියන පාටක් නෑ..යෝජනාව අකුල ගන්නම්..
Deleteපොඩි මෑන් කියන දේට සහසුද්දෙන්ම එකඟයි...
ReplyDeleteනවත්තන්නැත්නම් මමත් කැමතියි
ආසාවෙන් බලන බ්ලොග් එකක් මල්ලී මේක..
බොහොම ස්තුතියි තිස්ස අයියා..
Deleteඅසාධාරණයි . පොඩි මැන්ට මාත් එකඟයි . පොදු වේ බ්ලොග් එකක් කිරීම හොඳයි . ඒත් ඔබේ අනන්‍යතාවයට අපි කැමතියි . බලන්න අපි කවි ලියන්න ගත්තු කවි මුතු වලට මොකද වුනේ .
ReplyDeleteහොඳයි.. ඒ අනන්‍යතාවයෙන්ම පුළුවං හැටියට ලියන්නංකෝ එහෙනං..
Delete