Sunday, October 7, 2012

කවුද බොලේ මං කපන්න ඉස්සෙල්ලා කැපුවේ? (18+ ම නොවේ..)

ඔන්න මටත් ඉන්න ගමං පරණ කතාවක් මතක් වුණා..

අපේ  සුමේධ සර් ගෙ ඇප්ලයිඩ් පංතියෙ.. ක්ලාස් ගියපු අය දන්නවා ඇතිනෙ.. අන්තිම දවස්වල යන්නෙ එක්ස්ප්‍රස් ට්‍රේන් එකේ.. මගෙ ලඟිං වාඩි වෙලා හිටියෙ සමීර.. ඊට එහා අංජන.. මං නෝට් එකක් ලියන්න ගිහාම සාමාන්‍යයෙන් පරක්කුයි.. සර් කියන විදිහටම හිතට අරගෙන හෙමීට පොතට දාගන්නකොට .. අනිත් අය ටිකක් වැඩිපුර දුර ගිහිං..

ඔන්න එදා පාඩමේ සර් (මොනවා ඉගැන්නුවාද කියලා නම් මට මතක නෑ..) පොයින්ට්ස් විදිහට යම් දෙයක් ලියන්න දෙන ගමං ඒ කරුණු ගැන විස්තර කරනවා...

1. බ්ලා.. බ්ලා.. බ්ලා.. බ්ලා..
2.


කියලා දෙවැනි පොයින්ට් එක ලියන්න දෙන්න කලිං.. ආයෙමත් පළමු කරුණ තව ටිකක් පැහැදිලි කළා.. ඊට පස්සෙ කිවුවා.. අර ලියපු 2 කපලා.. 1. යටතේම මේ ටිකත් ලියාගන්න කියලා.. හෙමීට ලියන මම පළවෙනි පොයින්ට් එක ලියලා ඉවර වෙද්දී දැන ගත්තා.. 2. කියලා දාන්න ඕන නෑ කියලා.. ඉතිං මං 2. කියලා ලිවුවෙ නෑ.. ඒත් මට එහා පැත්තෙ හිටපු සමීර 2. ලියලා තිබුණු නිසා.. මම 2. කපන්න කියන කොටම සමීරයගෙ පොතේ.. 2. කැපුවා....

සමීර 2. කපන්න බලනකොට.. කවුරු හරි කපලා.. මිනිහා අහනවා..

කවුද බොලේ.. මං කපන්න ඉස්සෙල්ලා මගේ 2 කැපුවේ...?

ඒක ඇහුණු අංජන කියාපි..

කවදා හරි උඹේ ගෑණිටත් වෙන්නේ ඔය ටික තමයි..

සමීරයා.. ඇයි මොකද?

අංජන හිනා වුණා විතරයි..

හැබැයි.. සමීරයට.. එහෙම අවුලක් නෑ.. ඌ වගේම පැටවු 3න් දෙනෙක් ඉන්නවා... දැං.. 
:D



ප/ලි:
නං ගං සත්‍ය යැයි නොසිතන්න..

8 comments:

  1. මිනිහ මොන ලෝකෙද ඉඳල තියෙන්නෙ, හොඳ වෙලාවට පොතේ දෙක විතරක් කැපුවෙ.

    අපිටනම් ඔය ගණන්වලදි තියරි කියල ලියන්න දුන්නෙම නැත්ද කොහෙද, තියරි ටික යෙදෙන විදියට ගණන් ටිකක් කියල දීල ක්ලාස් එකේ හැදෙව්වා, ඊට පස්සෙ ගමකට ප්‍රශ්න තියෙන ටියුට් මිටියක් දෙනව හදාපල්ල කියල.

    ReplyDelete
    Replies
    1. නෑ.. මිනිහා හිටියේ පාඩම අහගෙන.. ඔවු.. අන්තිම කාලෙ තියරි කියලා දුන්නෙ නැති තරම්.. මේකත් මොකක් හරි ප්‍රශ්නෙකට උත්තර ලියන්න ඕන විදිහක් ද කොහෙද..(දැං අවුරුදු 15ක් විතර වෙනවනේ අප්පා.. මතක නෑ පාඩම වත් මොකක්ද කියලා..ඈ)?

      Delete
  2. අනේ මන්දා....
    ඕක අපේ සිංහල පන්තියේ එහෙම උනානාම් සෙට් එකම ඉඳලා ඉවරයි.. හි හි...

    ReplyDelete
    Replies
    1. ඌ ඉස්සර බයිට් වෙන වැඩ ම තමයි වැඩි හරියක් කළේ.. ඒ හින්දා ඒක එච්චර ගානක් නෑ.. අනික.. මිනිහා ඒක වැඩිය සද්දෙන් කිවුවෙ නෑ.. සර්.. එක්ස්ප්‍රස් ට්‍රේන් එකේ ගිය හින්දා අපට හරියට හිනා වෙන්නවත් බැරි වුණා ඒ වෙලාවේ.. පස්සෙ කට්ටියත් එක්ක කියලා හිනා වුණාට වැඩි වෙලා යන්න කලිං උගේ ම අප්ඩේට් එකකින්.. අර කතාව වැහිලා ගියා..

      Delete
  3. හොඳ වෙලාවට ඕක 3 නොවුනේ.... නැත්තං කපන්න වෙන්නේ ඉතින්....

    ReplyDelete
  4. සර්ට ඇහුනේ නැද්ද බන්??

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද..? අපි තුන් දෙනාට විතරමයි ඇහුණේ.. ඇයි.. කට්ටිය.. එක්ස්ප්‍රස් ට්‍රේන් එකේ නේ..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..