සමහරු කියනව රට වැනසෙන බව බය හිතෙනව ඇහුවාම | පුතේ |
ඇත්තම කියලා මටත් හිතෙනවා නැති වෙනකොට මගෙ අතේ | සතේ |
පාරට බැස්සම එහෙම පෙනෙන්නෑ ලොකු ලොකු වාහන දසත | ඇතේ |
සැලා කියන්නෙත් රට ගොඩ යන බව රජයේ මහ මෙහෙවරක් | මතේ |
හෙජින් සූදුවෙන් කෝටි අටයි තව පොළියයි දෙන්නට වෙලා | ඇතේ |
අදියාපනෙ කෙරුවාව අහද්දී කෙළිං වෙනව නොවැ මයිල් | ගතේ |
බෙහෙත් පෝලිමේ ලෙඩ්ඩු පිරී ඇත ඉස්පිරිතාලේ බෙහෙත් | නැතේ |
අනේ ඒත් ඡන්දයක් තිබ්බොතින් වැඩිම මනාපය රජය | අතේ |
අබුද්දස්ස කාලේ හැටි මෙහෙමලු අහල තියේ නෙක කතා | පුතේ |
ගොම රිටි යට ගොස් කළු ගල් පා වෙයි තව ටික කලකින් ජලය | මතේ |
රටේ ලොක්කො ටික අපායෙ යන හැටි අනේ ඇඳෙනවා මගේ | හිතේ |
අනුකම්පා කර හිත පහදා ගමු නොහෙලමු ඒ ගැන කඳුළු | නෙතේ |
මම.. හදපතුලෙන් ම නැගෙන අදහස් අකුරු කරමි... ඔබ .. එය කියවන්න.. රස විඳින්න .. විවේචනය කරන්න... අපි .. මේ ලෝකය මොහොතකට සුන්දර කරමු...
Monday, November 5, 2012
නොහෙලමු ඒ ගැන කඳුළු නෙතේ!
Subscribe to:
Post Comments (Atom)
මෙහෙම හිතුවත් කවුරුත් දැන් දැන් මලේ
ReplyDeleteකාගෙත් අතේ නැති බව පෙනේ සතේ
අපි අපි හැදී හිටියොත් නම් චතුර මලේ
අනෙකුන් අපා ගත වෙන හැටි බලනු කෙසේ
අනේ ඔවු අක්කෙ, වැරදි කරන එවුං අපාගත වෙන එක අපිට මොකටද කියලා හිතන්නත් පුළුවං.. ඒත් ඉතිං දහමේ යම් යම් තැන් වලදී අපට උන් ගැන අනුකම්පා ඇතිවෙන අවස්ථාත් තියෙනවා.. ඒ වගේම අපේ පුංචි එවුන්ගෙ අනාගතේ ට මුං මේ කරන වින්නැහිය දැකලා හිතේ තරමක ගැටුමකුත් ඇති වෙනවා.. අපි අපි හැදෙන්න බලන එක තමයි හොඳම වැඩේ... මේ ලඟදි මම කියවපු පොතක තිබුණා.. නිවන් අරමුණට යද්දී අපිට හුඟාක් ආත්මාර්ථකාමී වෙන්ට වෙනවා කියලා..
Deleteහිතට හිතුන දේ අපූරුවට අකුරුකරලා...
ReplyDeleteස්තුතියි.. හි.හි. නංගී..
Deleteආශ්චර්යය අයියණ්ඩි ආශ්චර්ය්ය :(
ReplyDeleteනොවෙන්නම්..
Deleteරට කරවන්නට නම්
ReplyDeleteමසුරන් ඇතිව කැටේ
වටිනා කියනදේ
විකිණිය යුතුය රටේ
අමන දනන් කෑ ගැසුවත්
හතර වටේ
ඒවා නොවික්කොත්
අප හැම මකර කටේ
ඕවා ඉතිං අද ඊයෙ කියපු සිංදුය.. නේද?
Deleteලංකාවේ ඉන්න උන් රට දියුනු වෙනවාය, අපි කිසි කරදරයක් නැතුව ජීවත් වෙනවාය, රට ඉන්න උන්ට එක හතර වෙලා පේනවාය කිය කිය මාත් එක්ක රන්ඩු වුනු විදිහට මම හිතුවේ රට අගාදයට යන එක බඩු මිල වැඩිවන එක දැනෙන්නේ පිට රට ඉන්න අපිට විතරයි කියලා . . එහෙම ත් නෑ වගේ නේද . .
ReplyDeleteහෙක්.. හෙක්.. මරු විහිලුව දුකා.. රට ඉන්න එවුන්ට දැනෙන බඩුමිල වැඩි වීම අපේ එවුන්ට දැනෙන්නෙ නෑ කියන එක.. අනේ මංදා බං.. හැබැයි එක දෙයක්... මිනිස්සු ගාව දැං ඉස්සරට වඩා සල්ලි ගැවසෙනවා.. ඒත් ඒවා උංගෙ නෙවෙයි මයෙ හිතේ.. අනුංගේ සල්ලි.. අවශ්‍යතාත් එන්ට එන්ටම වැඩි වෙනවා නේ.. ඉතිං කොහොමෙයි ඔලුව උස්සන්නේ..?
Deleteඅනික ඉතිං ඔලුව උස්සන්න මොකක් හරි කරමයක් ඇති වෙනකොටම ඒකටත් කෙළවෙනවා නේ..
අපි අවුරුදු 4ක් අපේ ගේයි ඉඩමයි බද්දට දීලා.. මහරගමට ඇවිත් හිටියා කුලියට.. ඒ කාලෙ.. පොල් 50-60 යි..
ඊට පස්සෙ අපි ආපහු අපේ ගෙදරට ගියා.. අපේ වත්තෙ පොල් ගෙඩි 100-200ක් විකුණන්න පුළුවං.. පොල් ගාන 25ට බැස්සා නොවැ.. අපි වළක් කැපුවොත් ඒකෙත් ගෙම්බෙක් කියන්නෙ ඕකනේ..
දේශ ද්‍රෝහියෝ ..... ආශ්චර්යට තව හූවක දුර, එතකන් ඉවසන් ඉන්න බැරි හැටි.
ReplyDeleteඔය කවි දාද්දි දකුණු පැත්තෙ එලයින්මන්ට් එක හදාගන්න හැටි අළුත් මල්ලි ලියල තිබුණ.
http://aluth-malli.blogspot.com/2012/10/9.html
කොහේද මෙච්චර දවසක් ගිහින් හිටියෙ.
දේශ ද්‍රෝහියෝ.. ඇත්ත තමයි..
Deleteබොහොම ස්තුතියි ලිංක් එකට.. ඔන්න ඒ විදිහට හදලා දැම්මා..
කොහෙවත් ගියෙ නෑ මල්ලි.. අන්තර් ජාලෙ පැත්තෙ එන්න වගේම ලියන්න වෙලාව ලැබුණෙ හරිම අඩුවෙන්.. තව ටික දවසක් යනකම් එහෙම ම වෙයි මයෙ හිතේ..