රේසිං කාර් නං ලාබ වුණා.. ඇයි ඉතිං ලංකාවෙ පාරවල් වලට අඩු රේසිං කාර් විතරයි නේ..
හැබැයි බජට් එකේ ඇත්තටම වෙන්න පුළුවන් දේකුත් කියලා තියෙනවා.. 2015 වෙද්දී.. දුප්පතුන් නැතිකරනවා කියන එක.. ඒකෙ අරුත ඒ වෙද්දි උන්ව පොහොසතුන් කරනවා කියලා හිතුවා නම් ඒක මෝඩ කම.. ඔය කියන්නෙ 2015 වෙද්දි රටේ දුප්පත්තු ටික නැති බංගස්තාන කරන බව කියලා මට නං සුවර්..
මට කණගාටු බජට් එකෙන් පඩි වැඩි කරාවි කියලා බලං උන්නු
රා මදින කට්ටියට පොඩි චෑන්ස් එකක් දීම හොඳ දෙයකි.. අඩු ගානෙ උන්ට හිතේ අමාරුවට තෙලිජ්ජ ටිකක් වත් වක්කොරගන්ට ඇහැකියි නොවැ..
ආණ්ඩුවට නං.. බදු ගහලා හරි අයවැය පරතරය පියවා ගන්ට පුළුවං.. අපි මොනවා කියලා ගහන්ටද? අපේ බඩටම තමයි ගහන්න වෙන්නේ..
හෙජින් සූදුවෙන් කොච්චර ගානකට කෙළ වුණා ද? තාමත් කෙළ වෙනවා නේ.. අපිට තවමත් වැඩි ගානට පැට්‍රෝල් ගන්න වෙලා තියෙන්නේ අධිකරණ තීන්දුව නොසලකා හැරපු හින්දයි කියලා ඔය ඇන්. සිල්වා මහත්තයා කියන්නේ..
උන්නැහේගේ කතා නං අහගෙන ඉන්ට ආසයි.. ඒත් ඉතිං උන්නැහේට කතා කොරනවා ඇරෙන්ට වෙන කොරන්ට දෙයක් නෑ.. හරියට මේ මට වගේ..
එහෙවු එකේ වැඩකට නැති බජට් එකක් ගැන ලියන්ට ගෙහුං නිකරුණේ මගෙ කාලෙ නාස්ති කොර ගන්නෙ මක්කටෙයි.. තමන්ගෙ මැට්ටම් තම්මැට්ටම් කියලා.. ඡන්දෙ දීපු උන්දැලාම බජට් එකේ සුන්දරත්වය විඳ ගත්තාවෙ.. මං යනවා මගෙ වැඩක් කොරගන්ට..
වෙන මොනවා කියන්න ද? කාලෙ නාස්ති කොර ගන්නෙ මක්කටෙයි.
ReplyDeleteසත්තකින්ම..
Delete//රේසිං කාර් නං ලාබ වුණා.. ඇයි ඉතිං ලංකාවෙ පාරවල් වලට අඩු රේසිං කාර් විතරයි නේ..//
ReplyDeleteබේබිලා දැන් සෙල්ලම් කරන්නෙ රේසිං කාර් වලින් චතුර අයියා. ඉතින් කොහොමද රේසිං කාර් ලාබ නොකර...
මමත් ඉතින් දත කට මැදගෙන උන්නා යමක් කමක් ඉතිරි කරගෙන පොඩි කාර් කට්ටක් අර ගන්න. දැන් නම් පොඩි කාර් ගැනිල්ල අතෑරියා. මමත් ගන්නවා රේසිං කාර් එකක්. හදන පාරවල් වල හැටට හැටේ යන්නත් වාහන ඕනනෙ..
අර කියන්වත් වගේ ඕක ගැන කතා කරන්න කාලෙ නාස්ති කරන්නෙ මොකටද...
හෙහ්.. රේසිං කාර් වල බදු අඩු කළාට අපි කොහේ කිට්ටු කරන්නද ඕවට..
Deleteබලාන ගියාම ඒක රටේ අයවැයට වඩා පවුලෙ අයවැයක්. පවුලෙ සාමාජිකයොන්ගෙ අවශ්‍යතාවලට, එයාලගෙ යෝජනාවලට අනුව තමයි ඒක සකස් කරල තියෙන්නෙ.
ReplyDeleteඅර කිව්ව වගේ ආණ්ඩුවට බදු සරණයි ! ජනතාවට බුදු සරණයි !
අනේ මන්දා මලේ..
Delete10,000/= එපා කියලා 2,500/= ගන්න බලං හිටියා.. මොකද වුණේ..?
ReplyDeleteyanthan me as dekata lambogini balaganna labuna...:D
හෙහ්.. හෙහ්.. ඒක ඇත්ත.. නැත්නං ඉතිං කවදා දකින්නද?
Delete