ඒත් ආසියාතික විශිෂ්ඨ ක්‍රීඩකයන්ට එහෙම ගෞරව නාමයක් දීලා තියෙනවා මම නම් දැකලා නෑ. ඒ කියන්නේ විශිෂ්ඨ ආසියාතික ක්‍රීඩකයින් හිටියේ නෑ කියන එක ද..? සුනිල් ගවස්කාර්, ඉම්රාන් ඛාන්, සහීර් අබ්බාස්, කපිල් දේව්, අරවින්ද ද සිල්වා මම රස විඳපු අති විශිෂ්ඨ ආසියාතික ක්‍රිකට් ක්‍රීඩකයින් කීප දෙනෙක්. මට හිතෙන විදිහට නම් මේ අයටත් ශ්‍රීමත් ගෞරව නාමය දෙන්න ඕනි. දැන් මේ ලැයිස්තුවට අලුතින් ම එකතු වුණ කෙනා තමයි මුත්තයියා මුරලිදරන්.
කලින් කියපු අයට කෙසේ වෙතත් මුරලි ට නම් දෙන්න ම ඕනි කියන එකයි මගේ අදහස. මොකද මුරලි ක්‍රීඩා කරන කාලය තුල ක්‍රීඩාවේ විනය අපූරුවට රැකපු කෙනෙක්. තමාට අනිත් අයගෙන් මොන වරද සිදු වුනත් සිනා මුසු මුහුණින් ඒ සියල්ල විඳ දරා ගන්න මේ අපූරු මිනිසා සමත් වුණා. ඔහු ශ්‍රී ලංකාවෙන් බිහිවුණු විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයා බව මගේ අදහසයි. ඔහු ඉතා ආදර්ශවත් ක්‍රීඩකයෙක් මෙන්ම ආදර්ශවත් මිනිසෙක්.
ශ්‍රීමත් මුරලි! මම මුරලිව එසේ අමතමි. ඔබ ක්‍රිකට් පිටිය තුල අපව අමන්දානන්දයට පත් කළේය. ක්‍රිකට් පිටියෙන් පිටත සෙවණක් නැති මිනිසුන්ට සෙවණක් ලබා දුන්නේය. ඔබව විස්තර කරන්නට මා හට වචන නැත.
ශ්‍රේෂ්ඨ වූත්, විශිෂ්ඨ වූත්, නිහතමානී වූත්, ප්‍රසන්න වූත්, යථාර්ථවාදී වූත් ශ්‍රීමත් මුරලි! පසුගිය දශක දෙකකට ආසන්න කාලයක් තුළ ඔබ අප රට වෙනුවෙන් කළ මහඟු සේවයට මගේ ආචාරය!ඔබ හා සම කරන්නට කෙනෙකු මෙ දියත නැත. මුරලි අසම සම ය!
ඔබ කළ මෙහෙය සුපිරියි දිනවන්න රට
නැඟෙනවා නිරතුරුව සොහොයුර මතකයට
රණ විරුවෙකු නොවූවත් ඔබ රැකපු රට
රැකි හැටි විශිෂ්ඨයි සොහොයුර කළක සිට
පන්දුව, පිත්ත මොන එක ගත්තත් අතට
ඔබ අප පිනෙව්වා නැත කිසි හිඟක් කොට
සමු ගෙන යන්න නිසි කාළය පැමිණි විට
නැහැ ඔබ මැලි වුණේ හැම අත් හරින්නට
සහ ජීවනය යහ ගුණ දම් පිරුණු සිත
මහ ඉහලින්ම දස්කම් පිරි නුඹගෙ ගත
ඇතැමුන් කී නමුත් නොයෙකුත් දරුණු මත
නුඹ පෙන්නුවා "පත පොඩි බව ඇතොත් හිත"
පිංතූරෙ ගත්තෙ මෙතැනින්
ළමයෝ මේ අහන්න.
ReplyDeleteඔය "සර්" කම එංගලන්තේ රැජින විසින් තමන් යටතේ තියෙන රටවල්වල අයට දෙන නම්බු නාමයක්.
ලංකාව දැන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් ඉවත් වෙලා අවුරුදු 38 පහුවුණා.
ලංකාවේ රාජ්‍ය නායකයා රැජින නෙමේ ලංකාවේ අයට නම්බු නාම දෙන්න.
ඒක කරන්නේ මෙහේ ලොක්කායි. හැම අවුරුද්දෙම තියෙනවා නේද? ඔය කලාශූරි, දේශමාන්‍ය වගේ ටයිටල් දෙන උත්සව?
අපේ මුරලි එන්ගලන්තෙ පුක හෝදන්නෙ නැති සුද්දගෙ සර් ශ්‍රීමත් කෑලි නැතිවට රියල් වැඩකාරයෙක් කියල හැමෝම දන්නව..නියම වැඩකාරයො තමන්ගෙ නම අනුන්ට දෙනව....එහෙම නැතිව අනික් අයගෙන් නම් බු නාම එනකල් ඉන්නෙ නෑ...උදාහරනෙට කීවොත් එන්ගලන්තෙ ඔස්ට්‍රෙලියාවෙ පුහුනු වෙන ක්‍රීඩකයො මුරලිගෙ ස්ටයිල් එකට පන්දුයවන්න ට්‍රයි කරන සීන් එකක් මම දැක්ක...wiidiyoe ekaka
ReplyDeleteලංකාවේ නම්බුනාම පද්ධතිය ගැන මේ ලිපියෙන් දැනගන්න පුලුවන්.
ReplyDeletehttp://en.wikipedia.org/wiki/National_Honours_of_Sri_Lanka
මුරලිට දැනටමත් "දේශබන්ධු" තියෙනවා. (1996 ලෝක කුසලාන කණ්ඩායමේ හැමෝටම දුන්නා) එහෙමනං දෙන්න ඕනෙ දේශමාන්‍ය.
හැබැයි ඉතිං ඒක මුරලිට කරන අගෞරවයක්. ඈයි ලලිත් කොතලාවලත් දේශමාන්‍ය නේ :D
මං කැමතියි අර විද්‍යා නිදි එකක් මට ලැබෙනවනං.
ReplyDeleteඅදත් උදේ 11 වෙනකං නිදාගත්තා.
(නින්දට ගියේ උදේ හතරට නේ ඒකයි, හොඳේ!)
@කතන්දරකාරයා
ReplyDeleteඇත්තට..? එතකොට බටහිර ඉන්දීය කොදෙව්වයි, නවසීලන්තෙයි, ඕස්ට්‍රේලියාවයි ත් රැජිණගෙ යටත් විජිත ද..? මං ඔයා තරම් දන්නෙ නම් නැතුව ඇති. ඒත් අපේ හිටපු ඇතැම් ජන නායකයෝ ශ්‍රීමත් කෑල්ල දා ගත්තේ මොකද කියන එකත් මට ප්‍රහේලිකාවක්. අනික එංගලන්තෙට පුළුවන් නම් මුරලි ලාට සනත් ලාට සම්මාන, තෑගි දෙන්න, ගෞරව නාමයක් දෙන්න ඇයි බැරි වෙන්නෙ කියන එකත් මට තේරෙන්නේ නෑ.
කමෙන්ටුවට ස්තුතියි..
@Indi
ReplyDeleteඇත්ත. ස්තුතියි අදහසට.
@Pravin Indranama
ස්තුතියි ලින්ක් එකට. අපි මොනවා කිව්වත් ඔහුට ලැබෙන්න ඕන හැම සම්මානයක්ම මුරලි අරං ඉවරයි.
@ චතුර
ReplyDeleteමං හිතන්නේ කතන්දරකාරයා අදහස් කරන්නේ මේක. රැජින මුරලිට සම්මාන නොදෙන්න හේතු හොයන්න අවශ්‍ය නෑ, මුරලිවත් අපිවත් රැජිනගේ සම්මාන ගණංගත යුතුත් නෑ. ඒවා බලාපොරොත්තු වෙන්න ඕනෙත් නෑ. රැජිනගෙ නම්බුනාම නැති උනාට මුරලි කියන්නෙ කවුද කියල ලෝකෙම දන්නවා.
අනිත් අතර ඔබට දෙයක් කියා දෙන්න හිතුනා. ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය තවමත් (පාර්ශ්විකව) එංගලන්තය මගින් තමයි පාලනය වෙන්නේ. කරුණාකර විකිපිඩියාව පරිශීලනය කර බලන්න.
@Pravin Indranama
ReplyDeleteස්තුතියි. ඒත් මං හිතන්නේ සුද්දෝ අපට කරන කෙනෙහෙලිකම් ගැන අපි කතා කල යුතුයි. මොකද ලංකාවේ දේශමාන්‍ය සම්මානයක් පිරිනැමුවයි කියලා ඒක ක්‍රිකට් ලෝකයට ඒ තරම් වැදගත් නෑ. කොහොම වුණත් ඔබගේ දැනුවත් කිරීමට යළිත් ස්තුතියි.
අනේ බන් ඔය නාකි රැජිනගේ නයිට් නාම අපිට කුමටකද ??? අපේ කොල්ල ගැන මුලු ලෝකෙම දන්න්නවනේ.... අනික නයිට් නාම සුද්දො දෙන්න ඕනි අහවල් එහෙකටද අපිට.
ReplyDeleteමුරලි 800 ක් ගත්තත් වෝර්න් උසස් කියපු රටේ උන්ගෙ නාම අපේ බල්ලෙක්ටවත් එපා.
ප්‍රවීන් හරි. ඕස්ට්‍රේලියාව නවසීලන්තේ තාම දිවුරුම් දීම් වලදි රැජින ඉන්නවා. යම් විදියක යටත් විජිත. නාම මාත්‍රික වගේ.
@පිස්සා පලාමල්ල
ReplyDeleteනෑ මං නම් එහෙම හිතන්නේ නෑ. මං සුද්දට ආවඩනවා නෙවෙයි. ඔවුන් අපි ගැන තියෙන ආකල්පය අපි වෙනස් කළ යුතුයි. ඔබ කියන විදිහට අපි ජීවත් විය යුත්තේ තනි රටක් විදිහටයි. ඒත් මගේ අදහස මුරලි පෑ වික්‍රමයන් වලට ලැබිය යුතු හැම තැනින්ම සම්මාන ලැබිය යුතුයි. නැත්නම් මොන එහෙකට ද අපි මේ සුද්දාගේ ක්‍රීඩාව කරන්නේ? අපි මේ ක්‍රීඩාව තුලින් සුද්දාව පැරදවිය යුතුයි. මුරලි එහි පෙරමුණ ගත්ත වීරයෙක්.
ස්තුතියි සහෝ විචාරයට....
This comment has been removed by the author.
ReplyDeleteපොදුරාජ්‍ය මණ්ඩලයේ රටවල් ඔක්කොගෙම (ඒ කියන්නෙ එංගලන්තෙ යටත් විජිත වෙලා තිබ්බ රටවල් ) පුරවැසියන්ට මේ නයිට් පට්ටම දෙන්න පුළුවන්. කලාතුරකින් අවස්ථා වලදි පොදුරාජ්‍ය මණ්ඩලයෙන් පිට රටවල් වල අයටත් දීල තියෙනව . ඒත් ඒ අයට සර් කියලා නම මුලට පාවිච්චි කරන්න බෑ.
ReplyDeleteබණ්ඩාරනායක උන්නැහේට දීපු සර් පට්ටම ප්‍රතික්ෂේප කළා. රැජින දීපු දෙයක් ප්‍රතික්ෂේප කිරීම බරපතල අපහාසයක් විදිහටයි සළකන්නේ. ලංකාවේ රාජ්‍ය නායකයා නයිට් පට්ටම ප්‍රතික්ෂේප කරපු නිසා ඊට පස්සේ ප්‍රතිපත්තියක් විදිහට ලංකාවෙ අයට සර් පට්ටම දෙන්නෙ නෑ.
ආතර් c ක්ලාක් මහත්තයට සර් පට්ටම දුන්නට එයා ලංකාවෙ සහ එංගලන්තෙ දෙකේම ද්විත්ව පුරවැසියෙක්.
පොදුරාජ්‍ය මණ්ඩලයේ රටවල් ඔක්කොගෙම (ඒ කියන්නෙ එංගලන්තෙ යටත් විජිත වෙලා තිබ්බ රටවල් ) පුරවැසියන්ට මේ නයිට් පට්ටම දෙන්න පුළුවන්. කලාතුරකින් අවස්ථා වලදි පොදුරාජ්‍ය මණ්ඩලයෙන් පිට රටවල් වල අයටත් දීල තියෙනව . ඒත් ඒ අයට සර් කියලා නම මුලට පාවිච්චි කරන්න බෑ.
ReplyDeleteබණ්ඩාරනායක උන්නැහේට දීපු සර් පට්ටම ප්‍රතික්ෂේප කළා. රැජින දීපු දෙයක් ප්‍රතික්ෂේප කිරීම බරපතල අපහාසයක් විදිහටයි සළකන්නේ. ලංකාවේ රාජ්‍ය නායකයා නයිට් පට්ටම ප්‍රතික්ෂේප කරපු නිසා ඊට පස්සේ ප්‍රතිපත්තියක් විදිහට ලංකාවෙ අයට සර් පට්ටම දෙන්නෙ නෑ. ආතර් c ක්ලාක් මහත්තයට සර් පට්ටම දුන්නට එයා ලංකාවෙ සහ එංගලන්තෙ දෙකේම ද්විත්ව පුරවැසියෙක්.
@Chanaka Aruna Munasinghe
ReplyDeleteඑහෙනම් සොරි ම තමයි. හරි එහෙනම් අපි අපට පුළුවං විදිහට මුරලිට ගෞරව කරමුකෝ... ස්තුතියි සහෝ දැනුවත් කිරීමට...