අර ගුරුමුෂ්ටි පොත ගෙඩි පිටිං දෙනවට කර්තෲ තුමා වැඩි කැමැත්තක් නැති බව පෙනුනු හිංදා.. මං පුළුවං විදිහට ඒ පොත ඇසුරින් කවි හදන හැටි කියන ලිපි පෙළ ලියන්න ගත්තා.. (තාමත් ලියනවා..පොත ලොකු නිසා නෙවෙයි මගේ වැඩ හිමිං නිසා)
ඉන් මාස කීපයකට පස්සේ හේමදාස ලියනගේ සොයුරාගේ ඇරයුමින් එතුමා විසින් නිර්මිත මුහුණු පොතේ සඳැස සමූහය සමඟ එක්ව කටයුතු කරන්නට ලැබුණා.. මේ කාලය අතිශය සුන්දර වගේ ම දුෂ්කර කාලයක්. ඒත් එහිදී විශාල ලෙස දැනුම බෙදා හදා ගන්නට අපට පුළුවං වුණා..
මේ ලඟකදී සුජීව කොකාවල සොයුරා විසින් බින්දිගේ ඉහත ලිපියට පිළිතුරක් ලෙසින් ලියූ අපූරු ලිපියක් හමු වුණා.එයට පිළිතුරක් ලියන්ට ගියත්.. ඒක කාලයකට පෙර ලියූ ලිපියක් නිසා පෝස්ට් එකක් ලෙස මෙහි දැමීමට මට හිතුණා..
සුජීව බොහෝ දේ ගැන බොහොම විවෘතව හිතන කෙනෙක්.. ඔහුගේ එම ලිපිය ගැනත් මං හරිම සංතෝෂයි. ඒ වගේම බින්දි ගේ ලිපියත් ඒකට වැටුණු කමෙන්ටුත්, සුජීව ගේ ලිපියත් කියා පානවා අපේ කවිය ඉවර නෑ කියලා...
මේ මම සුජීවගේ ලිපියට ලියන්ට ගිය කමෙන්ටුව..
සඳැසක හෝ නිසඳැසක භාෂාවේ නිරවද්‍ය බව හා සුන්දරත්වය රැකගෙන නව්‍ය නිර්මාණ කෙරෙහි යොමු වන්නට හැකිනම් වඩාත් සාර්ථක කාව්‍ය නිර්මාණයක් එළියට එනු ඇතැයි හඟිමි. සුලභ සිද්ධියක් දෙස වුව විසල් මනසකින් බැලිය හැකිනම් එතැන නවමු නිර්මාණයකට අවැසි මූලික බීජය තිබේ. තව දුරටත් අවැසි වන්නේ බසත්, සම්ප්‍රදායත් නොනසා නිර්මාණය එළියට ගැනීමය.
සම්ප්‍රදාය නව ඉසවුවකට ගෙන යාමත්, සම්ප්‍රදාය වැනසීමත් දෙකකි.. එහෙත් අද බොහෝ දෙනා මේ දෙක පටලවාගෙන ඇතැයි මට සිතේ.. අඳුරට ශාප නොකර එක පහනක් වත් දල්වන්නට බැරි නම් දල්වන එකාට ඊරිසියා නොකර සිටීම අපගේ යුතුකමයි..
බස නිසි ලෙස යොදා බැන්දොත් මනාව
තොස නිසි ලෙස දැනෙයි මගෙ කල්-පනාව
විස ඉසි වෙස රැගෙන මේ කවි අනාව
රස විසි වස නොහෙනු බඳු කවි මනාව
මේ කමෙන්ටුව එතන නොදා මෙතන දැම්මේ ඒ පෝස්ටුව ටිකක් පරණ එකක් හින්දා..
බස නිසි ලෙස පද බන්දා
ReplyDeleteකල්පනාව මලක් සේ ගොතා
මිහිරි ලෙස ලොවට පෙන්නා
ගොතනා කවි පද වේ මනා
කෙනෙකුට කියා දී ඔවදන් මනා
කවි පද ගොතන්නේ මෙලෙසිනා
මෙලෙස හදපතුලට ගෙනෙනා
චතුර මල්ලී මිසක වෙන කවුරුන්දා
මගෙ බ්ලොග් එකට වැඩි වැඩියෙන් අත දුන්න
ReplyDeleteඅක්කා නියම අක්කෙකි කවුරුත් දන්න
තුති මම පුදමි සවියට ඔබ මට දුන්න
ලැබු නව වසරෙ කිරි පැණියෙන් ඉතිරෙන්න..