මම අපේ පුංචිලාගෙ ගෙදර ගිහින් ආපහු ගෙදර එන්න පිටත් වුණා. නුවර බස් එකකට නැගලා ඉඳගත්තා. ඊළඟ නැවතුමෙන් අවුරුදු 18 ක විතර පිරිමි ළමයෙක් නැගලා මගේ ලඟින් ඉඳ ගත්තා. කොන්දොස්තර මහත්තයා ලඟට ආවාම ඉස්සෙල්ලම ඔහු ටිකට් ගත්තා. ඔහුගේ ගාස්තුව අරන් කොන්දොස්තර මහතා ඉතුරු දුන්නා. ඉන්පසු මම ටිකට් ගන්න සල්ලි දුන්නා. මාරු සල්ලි රු.2 ක් දෙන්න. කොන්දොස්තර මහත්තයා කිව්වා. මම කවදාවත් දැකලා නැති අර මල්ලී ටක් ගාලා මගේ දිහා බැලුවා. කොන්දොස්තරට රු. 2 ක් දුන්නා. මට නම් ඇත්තටම පුදුම හිතුනා. ඊලඟට ඔහු හිනාවෙලා ඉස්සරහට ගිහින් තව නැවතුමකින් බැහැලා ගියා. අඩු ගානෙ මම හිනාවකින් සංග්‍රහ කරනවාද කියලාවත් බැලුවෙ නෑ. මේ තරම් අපූරු මිනිසුන් වෙසෙන රටක ජීවත්වෙන අපි කොයි තරම් වාසනාවන්තද? ඇත්තටම මගෙ හිතට මේ සිද්ධිය තදින්ම කා වැදුනා. ඒ විතරක් නොවෙයි මාත් නොදන්න මිනිසුන් එක්ක වුනත් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී කරන්න පුළුවං දෙයක් කරන්න හිතා ගත්තා.
ඊට පස්සේ මට ඊ ලිපියකිනුත් ඔය වගේ අපූරු කතාවක් කියවන්ට ලැබුණා.. ඇත්තටම ඒක Walker Clay කියන මහත්තයගෙ සිංදුවක් කියලා පස්සේ දැනගත්තා.. ඒක හැබෑවටම අපූරු සිදුවීම් පෙළක් කැටි වුණු නිර්මාණයක්.එම නිර්මාණය තුළ මතු වෙන වැදගත්ම දේ .. එකිනෙකාට අවශ්‍ය දේ වෙනස්.. දුප්පතාට පොහොසතාත්, පොහොසතාට දුප්පතාත් උදවු කර ගන්නවානම් සුන්දර මිත්‍රත්වය බෙදා ගන්නවා නම් ජීවිතය කොයි තරම් අපූරුද කියන එකයි..
මෙතැනට ගියා නම්.. ඒ සිංදුව අහන්න පුළුවං..
දන්නා නොදන්නා හැම හා හිනැහීලා
හැම දෙන වෙතම, හැම විට මෙත් සිත පාලා
හැකි හැකි විලස සැප දුකෙහි දි එක් වීලා
සතුටින් හිඳිමු සොයුරන් ලෙස වැජඹීලා
කොච්චර මරාගත්තත් සල්ලි භාගේ තිබ්බත් අන්තිමට මිනිස්සුන්ට මිනිස්සු ඕන වෙනවා!ඒ නිසා කරන්න ඕන පුලුවන් තරම් මිනිස්සු හම්බ කරන එක!
ReplyDeleteමනුස්සකම තරම් වටිනා දෙයක් නැහැ නෙව.
ReplyDeleteඒක හැබෑව
ReplyDeleteමටත් හිතට හරියට වැදෙන සිද්ධි තමා ඔව්වා චතුර
ReplyDeleteඅහසින් කඩා පාත් වෙනවා වාගේ සිද්ධි නේද?
කොච්චර අපූරු හිත් ඇත්තවුන්ද ඒ?
ඇත්ත අයියා.. ඒ හිත් ගැන පුදුම හිතලා නිකං ඉන්නේ නැතුව... ඒවා ආදර්ශයට ගන්නයි.. මං උත්සාහ ගන්නේ..
ReplyDeleteආපසු තමන්ට දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව උදවු කරන්න පුළුවන්නම් ඊටත් වඩා වටිනවා නේද?
ReplyDeleteකාසි වලට ගන්නත් බැරි
ReplyDeleteකාසි වලට දෙන්නත් බැරි
බොහොම වටින් දෙයක් නොවැ මේ මනුස්සකම කියන්නේ..