ගුරු මවු පිය වරුන්ගේ පිහිටෙන් අකුරු සෑස්තරේ, කොම්පියුටර් සෑස්තරේ ඉගෙන ගෙන, සයිබරයේ සාමූහික ගමනක් යන්න පටං ගත්තු මං බ්ලොග් කරුවෙක් වීමත් මගේ ජීවිතේ ගොඩාක් දේවල් වගේම අහම්බයක්..
එළකිරියේ Blog බොත්තම එබීමෙන් තමයි මේ අහම්බය සිද්ධ වුණේ. ඊට පස්සේ තමයි හදපතුල කියලා මගේම බ්ලොග් එකක් පටං ගන්න අදහස ආවේ.. ඒක පටං ගන්න දුකා, දිල්, මින්දද වගේ අයගේ අදහස් මට බෙහෙවින් ඉවහල් වුණු බව මං මතක් කරන්නේ බොහොම කෘතවේදීව.
මේ කාලෙ ඇතුලත හදපතුල ට ඇවිත් ගිය ගණන (Hits) 42,700 ත් ඉක්මවා තියෙනවා.. දවසකට සාමාන්‍යයෙන් 100 ක් විතර ගානක් මේ පැත්තට එනවා.. ඒත් ඉතිං කමෙන්ටු නං වැටෙන්නේ බොහොම අඩුවෙන්.. මං මේ ලිපියට ඉස්සෙල්ලා එළියට දාලා තියෙන ලිපි 62ටම මගේ කමෙන්ටුත් එක්කම වැටිලා තියෙන මුළු කමෙන්ටු ගාන 348යි.. ඒ කියන්නේ එක ලිපියකට කමෙන්ටු 5ක් විතර.. ඒ ගැන ඉතිං දුක් වෙලා මක් කරන්ටෙයි..
ඉතිං මේ තරං කට්ටියක් මේ පැත්තට ගෙන්න ගන්ට මට උදවු වුණු අයවත් අමතක කරලා බෑ නොවැ..
සින්ඩිකේටර
සින්ඩිකේටර ගොඩක ප්‍රචාරක පිංතූර, බැනර් හද පතුලේ පිරිලා..
මෙයින් වැඩිම පිරිසක් ඇවිත් තියෙන්නේ සිංහල බ්ලොග්කරුවන්ගේ එකතුවෙන්. කොත්තුවෙන් සහ ලාංකීය බ්ලොග් කියවනයෙනුත් සැලකිය යුතු පිරිසක් මේ පැත්තට ඇවිත් තියෙනවා.. ෆේස් බුක් වල ඇති සින්ඩි සහ මම ම දාන ලිංක් වලින් හොයාගෙනත් විශාල පිරිසක් මේ පැත්තට එනවා..
බ්ලොග් වලිනුත් මේ පැත්තට එනවා..
වැදගත්ම දේ තමයි.. බ්ලොග් වලින් බලලාත් මේ පැත්තට කට්ටිය එන එක. දුකා බ්ලොග් එක තමයි පළමුවැනි. එයට අමතරව ගලායන ජීවිතය, සංසාරේ කියන බ්ලොග් වලිනුත් සෑහෙන පිරිසක් ඇවිත් තියෙනවා..
මෙයිට අමතරව පුළු පුළුවං හැටියට මේ පැත්තට ආපු, ඇවිත් අදහස් දක්වපු, ඒ වගේම මේ පැත්තට කට්ටිය එවපු හැම දෙනාටමත් නිරතුරු මාව දිරිමත් කළ දුකා, ඩීන් අයියා, තිස්ස අයියා, චන්දි අක්කා, කල්හාර ආදී සෑම දෙනාටමත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා..
අපිට නොමිලේ මෙච්චර සෙල්ලම් දාන්න දීපු බ්ලොගර් වලටත් මගේ අවංක ආදර ස්තුතිය පුද කරන්ටම එපාය...
තව කවුරු හරි අමතක වුණා නං එහෙම සමාවෙන්ට ඕන..
මෙතෙක් මා සමඟ රැඳී මට දුන් දිරිය ඉදිරියටත් දෙන ලෙස ද, මාගේ දුර්වල තැන් ඇතොත් ඒවා නිවැරදි කර ගන්නට ඔබගේ යෝජනා හා චෝදනා ද මට ලබා දෙන ලෙස ද, මහත් වූ ගෞරවයෙන් යුතුව ඉල්ලමි..
වසර දෙකක් මා ඇසුරේ වැඩුණත් නිමක් නොවෙයි මෙහෙවර ඉතිනේ
මා මළ පසුවත් හද පතුලින් තව ගෙනෙනු ඇතේ රස ලිපි නිතිනේ
සරසා ලන්නට රසවත්, ගුණවත් අදහස් සමඟින් නිති තුටිනේ
අපත් සමඟ මෙහි රැඳුණු ඔබට පිං පතමි සෙනෙහසින්මම මෙදිනේ
මුල් පිංතූරෙ ගත්තේ මෙතැනින්
සුභ පැතුම්!
ReplyDeleteමගේ සුභපැතුම් චතුර සහෝදරයා..මූණු පොතේ සඳැසෙදී එකතුවුනු ඔබේ බ්ලොග් එකේ බැඳිය ලබාදුන්නේ නයෝමි සොයුරිය මීට මාසයකට විතර පෙර..එතැන් පටන් නිතර මේ පැත්තට එනවා..
ReplyDeleteහරවත් දෑ තව තවත් ලිය වේවා! සුබ පැතුම්!
ReplyDeleteගල්මල් අඩවියෙන් සහෝදර සුභ පැතුම්!
ReplyDeleteදවසින් දවස ඉදිරියට යන්න දිරිය පතමි.
මගේ ප්‍රියතම කවි ලියන්නන්ගෙන් කෙනෙක් ඔබ..
ReplyDeleteහිතට අල්ලන කවියක් ලිවීමමම දකින්නේ මැජික් එකක් වාගේ..
ඒකට නිසඟ හැකියාවක් ඕනේ මගේ හිතේ..
කොමෙන්ටු ගැනනම් මොකට හිතනවද
සිත් පහන් කරනා කිවිඳානෙනි දිගටම නිර්මාණකරනයේ යෙදෙන්නට හේතුවාසනා වේවා..
මුලින්ම සුබ පැතුම් ...මට සමහර විට මේ බ්ලොග් එකේ කමෙන්ට් කරන එක ටිකක් අවුල් සහගතයි . මගේ නොහැකියාව වෙන්න ඕන . ඒ නිසා සමහරවිට ටයිප් කරන කමෙන්ට් පොස්ට් නොකර ඇත ඇරෙන වෙලාවල් තියෙනව
ReplyDeleteකමෙන්ට් එකක් දාන හැම වෙලාවේම ඊමේල් එක ටයිප් කරන එක ටිකක් කරදරයි . දන්නවනේ අපි හරිම කම්මැලි ජාතියක්
ReplyDeleteකමෙට් දාන එක මාර අමාරුයි මේකෙ ඒක හැදුවනං මීට වඩා කමෙට් වැටේවි ... මටත් අර නින්දි කියන දේම වෙලා තියෙනවා.. අර කවි හදන හැටි පෝට් එකෙම මම මාර ආසාවෙන් කියවපුවා.. සදැස් ගැන නොදැගෙන ඉදපු දේවල් දැනගන්නත් ලැබුනා...
ReplyDeleteතව දීර්ග ගමනකට සුභ පැතුම්... හරවත් මෙන්ම සිනෝදවල් ලිපි ලියන්න ශක්තිය දෛර්ය ලැබේවා.... !!!
මට තේරුණා.. මේ ක්‍රමය ලේසි ඇති කියලයි හිතුවේ.. මේ ක්‍රමය හැකි ඉක්මනින් අයිං කරන්නම්.. බොහොම ස්තුතියි බින්දි සොයුරිය ඒ කාරනාව ගැන දැනුවත් කිරීමට..
ReplyDeleteහැබැයි හැම වෙලාවෙම ඊමේල් ටයිප් කර කර ඉන්න අවශ්‍ය නෑ.. පෝස්ට් ඈස් ගිහාම මතු වෙන වින්ඩෝවේ වම් පැත්තේ ගූගල් සිලෙක්ට් කළාම ඇති... අපි ගූගල් වලට ලොග් වෙලා නම් ඉන්නේ වැඩේ හරි.. මේක මාත් අල්ලගත්තේ ලඟදී..
ReplyDeleteබොහොම ස්තුතියි මලයා අදහසට.. පොඩියක් බලන්ට පෝස්ට් ඈස් ගිහාම ගූගල් සිලෙක්ට් කරලා පෝස්ට් කරලා.. වැඩේ ඒ තරම් අමාරු නෑ..
ReplyDeleteඔන්න තිස්ස අයියා.. කොලර් එක උඩ ඈ.. හික්.. හික්.. බොහොම ස්තුතියි..
ReplyDeleteඩීන් අයියාගේ සුභ පැතුම් හැමදාමත් මාත් එක්ක තියෙනවා කියලා ඉතිං මම දන්නවා..
ReplyDeleteබොහොම ස්තුතියි සාබිත් සොයුර..
ReplyDeleteමට මතකයි ඊට කලිනුත් ඉඳ හිට මේ පැත්තට ඇවිත් තියෙනවා වගේ.. කොහොම වුණත් බොහොම ස්තුතියි සොයුර..
ReplyDeleteබොහොම ස්තුතියි.. පූස් සහෝදරයාටත්..
ReplyDelete