අළුයම සෙල්ලමින් දඟ කරමින් උන්නා
අරුණළු සමඟ දැනුමට සිත යොදවන්නා
දහවල ජය පතා සිරුරම වෙහෙසන්නා
හැන්දෑ කොරේ නිති ජොලි කරමින් යන්නා
ඇඳිරිය එද්දි හිරු අවරින් බැස යද්දී
දිනයක නිමාවට සිත ගත හුරු වෙද්දී
දහමට යොමු වුණා බෑ කළුවර එද්දී
රෑ බෝ වෙද්දි හිටියා යහනෙහි පැද්දී
ප.ලි..
අන්තර්ජාලයේ සැරි සැරීමෙන් ඉහත පිංතූර සොයාගතිමි.. ඒ පිංතූර වල අයිතිකරුවන්ට පිං සිදු වේවා..
නූතන සිරිත් මල්දමකි :-)
ReplyDeleteස්තුතියි තිස්ස අයියා..
Deleteලස්සන කවියක් !!
ReplyDeleteස්තුතියි මධුරංග
Deleteජීවන චක්‍රය . . . !
ReplyDeleteඅපි ගෙම්බාගේ, සමනළයාගේ ජීවන චක්‍රය ඉගෙන ගත්තට.. අපේ ජීවන චක්‍රය ගැන හරි හැටි හිතන්නේ නෑ.. නොවැ.. හැබැයි.. මේකෙ පුරුක් කීපයක් අඩුයි.. තුති මචං..
Deleteඒත් අඩුවක් දැනුනේ නම් නෑ මචෝ
Deleteස්තුතියි මචෝ..
Deleteහ්ම්.. අදහස නම් හරියට පැහැදිලි නෑ.. මොකක් වුණත් මේ පැත්තේ ඇවිත් කවි පෙළ කියවලා මොනවා හරි කියලා ගියාට බොහොමත්ම ස්තුතියි.. හිරු..
ReplyDeleteජීවන අරගලයක් ම කියල කියන්නත් බෑ වගේ, ඒ වුනාට ඒ වගේ මෙව්ව එකක්ද කොහෙද. හැමෝගෙම ජීවිත ඔය වගේ තමා.
ReplyDeleteහෙහ්.. වචනෙ මොකක් වුණත් මළයෝ.. මට මතු කරන්ට ඕන වුණේ.. දහමට යොමු වෙද්දී කළුවර වැටිලා.. රෑ වුණාම ඉතිං දොයියන්ටම වෙනවා.. කියන එකයි..
Deleteවිවාහයත් එකතු උනා නම් තවත් සම්පූර්ණයි
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට..
Deleteඔවු.. ජීවිතේ සන්ධිස්ථාන ගැන හිතුවාම නම් ළිහිණි කියන දේ ඇත්ත.. ඒත් මං මෙතන මතු කරන්ට උත්සාහ කළේ කාලයත් එක්ක ගමන් කරද්දී.. මේ මර උගුලෙන් ගැලවෙන්ට අපි ප්‍රමාද වෙන හැටියි..
ලෝක සොබාවය නොවැ.... ඒත් සමහරු ඉන්නේ මේ ගැන වගේ වගක් නැතිව
ReplyDeleteඒක නොවැ ප්රශ්නේ..
Deleteඅරමුණ නම් සුහදතාවය සහෝ :)
ReplyDeleteඅපූරුයි හ්ම්ම් :)
හරි.. හරි.. මීට පස්සේ මතක තියා ගන්නම්..:) කියන්නේ සුහදතාවය කියලා.. බොහොම ස්තුතියි..
ReplyDelete