මම.. හදපතුලෙන් ම නැගෙන අදහස් අකුරු කරමි... ඔබ .. එය කියවන්න.. රස විඳින්න .. විවේචනය කරන්න... අපි .. මේ ලෝකය මොහොතකට සුන්දර කරමු...
Monday, August 27, 2012
සුබස දැන් නැද්ද? අලුත් තැනක ඇද්ද?
පරිගණකය ඇසුරු කරගෙන සිංහල බසින් ලියැවෙන ලිපි, නිර්මාණ ආදියෙහි අක්ෂර වින්‍යාසය හෙවත් අකුරු විනිස නිවැරදිදැයි දැන ගැනීමට අපට තිබූ කදිම මෙවලමකි.. සුබස අකුරු විනිස පිරික්සුව..
වැඩි විස්තර මේ ලිපියෙන් දැන ගත හැකි වනු ඇත...
එහෙත් අවාසනාවකට මෙන් පහු ගිය කාලයේ එම මෙවලමට අදාළ දිගුව ක්‍රියාත්මක වූයේ නැත.. එයට හේතුව කුමක් වුවත්.. ඒ ගැන අපි බොහෝ සේ කණගාටු වූයෙමු.. 100% නිවැරදියැයි විශ්වාසයක් නොවූවද.. වඩාත් හොඳම විකල්පය ලෙස අපි සුබස තෝරාගෙන සිටියෙමු.. එපමණක් නොව.. බොහෝ දුරට නිවැරදි වීමට සුබස මා හට නම් බොහෝ සේ උපකාරී වී ඇත.. ඒ නිසාම දැන් ඉස්සර තරම් වරදින්නේ නැත..
සුබස දැන් අලුත් තැනක ඇති බව දැකීමෙන් ඉතා සතුටට පත් වූ මම.. ඒ සතුට ඔබ හැම දෙනා සමගම මෙසේ බෙදා හදා ගන්නට සිතුවෙමි.. එහෙත් ඇතැම් විට ඔබට මෙය අලුත් ප්‍රවෘත්තියක් නොවනු ඇත..
හැකිතාක් නිවැරදිව සිංහල බස ඉදිරියට ගෙන යාමට උර දෙන සුබසට මගේ ප්‍රණාමය..
මේ තියෙන්නෙ අලුත් තැන..
Subscribe to:
Post Comments (Atom)
සොයමින් සිටියෙ බොහෝ කල් සිට අලුත් තැන. බොහොම ස්තුතියි !!
ReplyDeleteමගේ පුවත ප්‍රයෝජනවත් වූ බව දැන සතුටු වීමි..
Deleteකලින් වතාවක් දෙකක් අහම්බෙන් ඔය ගැන අහල තිබුණට මම ඒකෙන් වැඩක් නම් අරගෙන නෑ. බලමු ඉස්සරහට ඒකත් පාවිච්චිකරලම. දැනුවත් කිරීම ගැන ස්තූතියි ඔබට.
ReplyDeleteපාවිච්චි කරලා බලන්න.. අඩුපාඩු තිබුණත් සාපේක්ෂව හොඳ වැඩක්..
Deleteමම අද තමයි මුලින්ම මේ අඩවියට පැමිණියේ. මුලින්ම කියන්න තියෙන්නේ නිවැරදි සිංහලෙන්, ශිෂ්ට භාෂාවෙන්, සංවර කමෙන්, යුක්තව ලියා තිබෙන මෙවැනි බ්ලොග් අඩවියක් දකින්නට ලැබීම පිනක් ලෙස සලකන බවයි. ඔබ නැවත සොයාදී ඇති දිගුවත් ඉතා අගනේයි. මෙලෝ හසරක් නැති කුණු බසින් බ්ලොග් ලියන්නන්ට ඔබ පහන් ටැඹක්මැ වේවා.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ඔබටත් බෙහෙවින් ස්තුතියි මෙහි පැමිණ අදහසක් දැක්වීම සම්බන්ධව... ඔබගේ අඩවිය පැත්තෙත් ගියා..
Deleteමේක හුගාක් වටිනවා සැක සහිත අවස්ථාවලදී අතිශයින්ම ප්‍රයෝජනවත්...
ReplyDeleteබොහොම ස්තූතියි ඔත්තුවට....
ඒක තමයි ඉඳලා හිටලා ඔත්තු සපයන්ටත් එපාය..
Deleteඅවශ්‍ය අවස්ථාවලදී මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුලුවන් වේවිනේ. ස්තුතියි :)
ReplyDeleteඔවු.. ඔවු.. ගොඩක් ප්‍රයෝජනවත් වේවි..
Deleteස්තූතියි චතුර මල්ලී. මේ ගැන සොයමින් හිටියේ. මගෙ කොහොමත් ටිකක් සිංහල අවුල්.
ReplyDeleteටික ටික අවුල ලෙහා ගන්ට මේක ගොඩක් ප්‍රයෝජනවත් අක්කේ..
Delete