කඳු මුදුනට දිවුවේ නුඹ
හඳ අල්ලන්නට හිතාන
මුදුන අපට උසින් වුණත්
හඳට බෝම දුරයි..
පාත ඉඳං බැලුවම නං
කන්ද හඳට ලඟයි..
රොකට්ටුවෙන් හඳට බැහැපු
ආම්ස්ට්‍රෝං මහත්තයත්
එහෙට වෙලා ඉන්නෙ නැතිව
මෙහෙට ආවෙ කිමැයි..
හඳේ සිරිය දුරට මිසක
පුතේ ලඟට නොවෙයි..
හඳේ තැනින් තැන තියෙනා
අඳුරු වෙච්ච ආවාටය
ඈත ඉඳං බලනා කල
සා පොවුවෙක් වගෙයි..
ඒ වුණාට ලඟට ගියොත්
ආවාටය කැතයි..
කඳු පාමුල අපිත් එක්ක
හඳ බලන්න එකතු වෙයන්
ගාල කඩං දුවන්නෙපා
හැම දේ මඟ හැරෙයි..
අන්තිමේදි ඉතුරු වෙන්නෙ
කළ පිං පවු තමයි..
කන්දට හඳ ලඟයි..
ReplyDeleteහි හි .. මමත් එහෙම හිතන් හිටපු කාලයක් තිබුන. අපි හැමෝගෙම වගේ ළමා කාලෙදි හඳ කියන්නෙ අපිට කොච්චර ළඟින් හිටපු කෙනෙක්ද, ඒක සිහින ලෝකයක්. ඒකටත් එක්ක දැන් ...
මොකද දැන් වැඩිය ලියන්නෙ නැත්තෙ.
අන්තර්ජාලගතවීම අඩු කළා..
Deleteහඳ ඉතිං අපේ කලාකරුවාටත් නැතුවම බැරි දෙයක් නොවැ.. සඳ නැති කවි, ගීත නැති තරම්..
මම නිතර මේ බ්ලොග් එක කියවනවා. ඒත් කොමෙන්ට් කරන්නෑ.
ReplyDeleteඅද කවියෙ අන්තිද දෙපේළිය නැති වුනානම් මරුය. අන්තිම දෙපදය නිසා රස හීන වෙලා.
එහෙමද..? මං ඒ පදය යෙදුවෙ.. ගලාගෙන ආව අදහස එක පාරට වෙනස් කරන්න.. රස හීන වුණා නම් සමාවෙන්න..
Deleteපොඩ්ඩක් ආයෙ බලන්න..
අවසන් පදය කවියේ සමස්ථ අර්ථය ටිකක් ලොකු වෙනසට භාජනය කරනවා.. ඒකෙන් අර්ථයට හානියක් වෙන බවක් නම් මම දැක්කෙ නෑ..
ස්තුතියි.. මං ඒ පැත්තෙ ඉඳහිට යනවනේ..
ReplyDelete