සමගියෙන්ම ජීවත් වුණු නෝන, මහත්තයා
රති කෙළියෙදි නං පොඩියක් අප්සැට් උනි මෙයා
ඒත් ඉතිං ලෝකේ හැටි ඔහොම තමයි කියා
මේ දෙන්නා නිදා ගන්න සිරියහනට ගියා
මහ රෑ කෑ ගසා හපොයි බුදු අම්මෝ කියා
නෝනා ඇහැරිලා හතිත් දමමින් සිටි නියා
ඇයි හීනෙන් බය උනාද අහපු මහත්තයා
අන්දුන් කුන්දුන් කරමින් හිනා උනා එයා
මොකද්ද හීනේ පොඩියක් පවසන්නකො මට
"හෙට බලමුකො" නෝන' කීව' ඒ ඇවිටිල්ලට
බෙඩ් ටී එක හදං ඇවිත් ඔහු හනි හනිකට
උදයෙම ඔහු අහනවාලු හීනය හෙමිහිට
හරි වැඩේනෙ මෙයා අනේ ඊයේ හීනේ
දැක්කේ අහවල් ඒවා යේ ප්‍රදර්ශනේ
රේගන් ගේ ඔබාමගේ ඒවත් තිබුණේ
හිට්ලර්ගේ එකටයි මගෙ හිත නම් බැඳුණේ
පුදුම වැඩක් ලෝකේ හැම එකක්ම තිබුණද
ඔය අතරේ මගෙ එක හෙම තිබුණේ නැතිවද
මහත්තයා අහයි මහත් උජාරුවෙන් හිඳ
"තිබුණා තිබුණා පැත්තක" කීවා ඔද සිඳ
ඊළඟ දවසේ රෑ යළි නිදියන අතරේ
කෑ ගහගෙන නැගිට්ටෙ මේ සැමියනෙ මිතුරේ
හප්පේ මං දැකපු පුදුම හීනය අඳුරේ
දැන් නම් බෑ මට කියන්න නිදියමු සොඳුරේ
පසුදා උදයෙම හිමි හට තේක හදාගෙන
නෝනා ඇවිදින් තොරතුරු අහපි බදාගෙන
ප්‍රදර්ශනේ දැක්කේ ඔහෙලාගෙ කියාගෙන
මහත්තයා නැගිට්ටෙ සිය සරම හදාගෙන
කියන්නකො ඉතිං මිනිහෝ නොකර තව අගේ
ඩයනගෙ, මැතිණිගෙ ඒවත් තිබුණාද සගේ
තිබුණා තිබුණා ඔක්කොම පිළිවෙලට වගේ
ප්‍රදර්ශනය තිබුණෙ ඒත් එක තුළ ඔබගේ
විනෝදය තකා රචනා කළේ - චතුර විජේකෝන් වන මම වෙමි..
අන්තිම පදේ "ප්‍රදර්ශණය තිබුනේ එක තුල ඔබගේ"
ReplyDeleteකිව්ව නම්. වැඩේ පැහැදිලියි.
කොහොම උනත් හොඳ උත්සාහයක්...
හෙක් හෙක්.. එහෙම උනා නං තුන්වැනි පදෙත් වෙනස් කරන්ට වෙනවනේ.. බලමුකො එහෙනම් පොඩියක් වෙනස් කරන්ට..
Deleteලස්සනයි.නමුත් ඔබ යවහන් ගැන දන්නවාද යවහන් යනු ය ව හ න් යන අකුරු වලින් අවසන් වන යම් පද පේළියක් වේද එම අකුරට කලින් තියෙන සෑම අකුරක්ම එක සමාන විය යුතුය යන රීතියයි.
ReplyDelete"වෙන්නට එපා ඔබ මා සමගින් තරහ
ඊයෙයි මමත් දැනගත්තේ මේ පරහ"
බොහොම ස්තුතියි සොයුර.. ඔබ දැනගත් දේ.. අන් අය හා බෙදා ගැනීම සම්බන්ධව.. එහෙත් මේ පැදි පංතියෙහි යවහන් දොස් නැති බැවු කියනු කැමැත්තෙමි..
Deleteමා ලියූ කවි හදන හැටි
මේ ලිපි ටික කියෙවුවොත් කවි ගැන තව තවත් දේවල් ඉගෙන ගන්ට පුළුවන් වේවි.. නැවතත් බොහොම ස්තුතියි ඔබට..
කිසිවිට නොමැත මා නම් ඔබ හා තරහ
වසරක් දෙකක් වෙයි දැනගෙන ඔය පරහ
නියම උත්තරය
ReplyDeleteජයවේවා
ස්තුතියි හොඳේ..
Deleteසමහර තැන්වල මාත්‍රා වලත් අවුලක් තියේ..
ReplyDeleteමාත්‍රා වලත් කියලා කිවුවේ වෙනත් අවුලකුත් තියෙනවද?
Deleteඇත්තටම නලීන් මේකෙ මාත්‍රා අවුලක් ඇත්තෙම නෑ.. තියෙනවානම් තියෙන්නෙ යත් පිහිටුවීමේ ප්‍රශ්නය.. ඒකත් යතිය හඳුනගන්න අපහසුවක් උනොත් තමයි.. මුල් කවි දෙකේ මාත්‍රා 21කිනුත් එතැන් සිට සියළුම කවි මාත්‍රා 20කිනුත් තමයි රචනා වෙලා තියෙන්නෙ..
පළමු කවි දෙකේ යතිය යෙදෙන්නෙ.. 6-6-9 ලෙස.. 12-9 කිවුවත් වරදක් නෑ..
ඉතිරි කවි 12-8 ලෙස තමයි යතිය පිහිටන්නෙ..
මෙහි ඇති වෙනත් අවුලක් ඇතොත් පෙන්වා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා..
ඇත්තටම මා හමුදවේ නිසා නිර්මාණ කරන්නට කාලයක් තිබුනේ නැ නමුත් මා කැමතියි කියවන්න ඔබේ නිර්මාන නමුත් මගේ අම්මා ඇත්තටම ලස්සනට කවි ලියනවා ලගකදි මා ලියු කවියක් ඇයට පවසද්දී ඇයය මෙය මට කියා දුන්නේ සමාවන්න
ReplyDeleteඅවිවේකය අතර වුනත් ඔබේ අදහස් ඉදිරිපත් කරන්න.
Deleteඔබ කළේ වරදක් නොවෙයිනෙ.. ඉතා හොඳ දෙයක්.. මං එය දන්න කෙනෙක් කියලා හොයා ගන්න ඔයාට මගේ ලිපි ටිකක් බලන්න වෙනවනේ.. මාත් ඒ ගැන දැනගත්තෙ වසරකට නැත්නම් දෙකකට උඩදී.. නැවතත් ස්තුතියි ඔබේ මනුස්සකමට..
Deleteකියවල තියන කතාවක් කවි කරල තියනව. මැක්ස!
ReplyDeleteබොහොම ස්තුතියි රාජ්..
Deleteයවහන් පිලිබදව ඔබෙ ලිපි ටික කියෙව්වෙම්
ReplyDeleteයටහත් පහත් ලෙස තුති පුද කරන්නෙමි
කවියක් දෙකක් හැමදාමත් ගොතන්නෙමි
ඇවිදින් සදොස් පෙන්වන ලෙස යදින්නෙමි
ඔබෙ ඇරයුමත් සතුටින් මම දරන්නෙමි
Deleteවැව් ඉස්මත්ත වෙත මින් පසු ඇදෙන්නෙමි
මිනිසත් කමේ රුව ඔබගෙන් දකින්නෙමි
මිතුරෙකු වෙන්ට ඇරයුම මින් කරන්නෙමි
මම ගොඩාක් දුරට කවිය ගැන දැනගෙන කවි ලියනවා නොවේ මම ඒ ගැන අධ්‍යනය කරලා නැහැ. ඔය මාත්‍රා යතිය යන වචන මා අසා නැත ඒ ගැන ඉගෙන ගැනීමට අවස්ථාවක්ද ලැබී නැත.නමුත් ලැබෙන ඉඩ ප්‍රස්ථාවක ඒ පිළිබද අධ්‍යයනය කරන්නට මා කැමතියි.ඒ පිළිබද මා ඔබව ගුරු කොට ගැනීමටද මා කැමැත්තෙමි
ReplyDeleteමාත් ඔබ වගේම දන්නා දෙයක් කා එක්කත් බෙදා ගන්නෙක් මිස මහා කවියෙක් නෙවෙයි.. ඒත්.. සාර්ථක කවියෙක් වෙන්ට දැනගත යුතු මූලික රීති පද්ධතිය කියලා දෙන්ට තරම් දැනුමක් නම් තියෙනවා.. කොහොම උනත් දක්ෂ කවියෙක් වෙන්ට වියරණ දැනුම වගේම.. කාව්‍යකරණය පිළිබඳ වූ සහජ කුසලතාවයත්, සිතීමේ නිදහසත් අත්‍යාවශ්‍යයි.. නැත්නම් ලස්සන වචන එකතු කරලා කවි ලිවුවට රසිකයෙකුගේ හද කම්පනය කරවන්ට අමාරුයි..
Deleteඔය කවි වියරණ නොදන්න අය ලස්සන කවි ලියන්නෙ එයාලට සහජ කුසලතාවයත්.. සිතීමේ නිදහස තුළින් මතුවන නැවුම් සිතුවිළිත් මනාව පිහිටලා තියෙන නිසා කියලයි මට හිතෙන්නෙ.. ඒ අය කවි වියරණත් දැන ගත්තා නම් කොයි තරම් ලස්සන කවි නිර්මාණ බිහි වේවිද?
මගේ සහාය අවශ්‍ය ඕනෑම මොහොතක හැකි සියළු සහයෝගයන් ලබා දීමට කැමැත්තෙමි...
සඳැස් කවියේ රසතැන් සොයමින්, දැනුම වඩමින් සොඳුරු කවියන් හා සරන්නට.. මුහුණුපොතේ.. "සඳැස", "කෝකිල හඬ-සිහල කවි සංගමය" "සලජාකස" වැනි කවි පිටුවකට හෝ කිහිපයකට එක්වන්නැයි ඔබට ආරාධනා කරමි..
This comment has been removed by the author.
Deleteබොහොමත්ම ස්තූතියි ඔබ මා වෙනුවෙන් වැය වටිනා කාලයට ඒ වගේම වැව් ඉස්මත්තටත් චුට්ටක් විතර ගොඩවෙලා හොද නරත පෙනවා දෙනවානම් එය අගේ කරමි
Deleteකොහේදි හරි කියෙව්වා මේ කවි ටික ලඟදි දවසක...
ReplyDeleteරුවන් දැක්කා නම් අද උදේ හරි ඊයෙ මැදියම් රෑ හරි වෙන්ට ඕන.. මොකද මං මේ ටික ලිවුවෙ.. FB එකේ Hilarious රස කතා වල දාන්න. ඊයෙ මැදියම් රෑ.. ඊට පස්සෙ තමයි හිතුණෙ මගෙ බ්ලොග් එකෙත් දාන්න ඕන කියලා.. ලඟදී දවසක වෙන්ට නං විදිහක් ඇත්තෙම නෑ..
Deleteහරියටම හරි මිත්‍රයා
Deleteඒ පේජ් එකෙන් තමයි මම මේක කියෙව්වේ
තිබුන වැඩත් එක්ක කියෙව්ව විත්තිය විතරයි මතක තිබුනේ..
එල එල දිගටම ලියමු යාලුවා
මටත් ඔහොම වෙලා තියෙනවා.. අද උදේ වෙච්ච දේවල් දවසකට දෙකකට උඩදි උනා වගේ හැඟෙනවා.. බොහොම ස්තුතියි අදහස් දැක්වීමට මිත්‍රයා...
Deleteකතාව නම් කලින් අහල තිබුනට කවියෙන් ඇහුවමයි. ඔය කියන හිට්ලර්ගෙ එකේ නම් මොකක්දෝ අවුලක් තිබුනය කියල මම අහල තියෙනව. සමහරවිට අපහාසයට ගොතපු කතාද දන්නෑනෙව.
ReplyDeleteකොහොමටත් හිට්ලර් යම් යම් කරුණු වලින් බොහොම දුර්වල කෙනෙක් ලු නේ.. ස්තුතියි මල්ලි..
Delete