ගොතා කවි පද නිම කරන්නට නොහැක නුඹ ගැන | හිත් පුරා |
අපේ ලෝකයෙ මල් වවන්නට නුඹේ කඳුළැලි | වත් කරා |
පිපුණු මල් පිරියමින් රැකගෙන පුදසුනේ තැන් | පත් කරා |
සිතා නොසිතා මගේ දිවියම නෙළූ නුඹ විය | සිත්තරා |
මගේ ආයුෂ තිබේ නම් තව එයත් නුඹටම අයිති | වේවා |
මා කරන හැම කුසල් නිසැකව නුඹට අනුමෝදන්ව | යේවා |
සිතේ ඇතිවන නොයෙක උවදුරු දුරුව නිබඳව තොස් වැ | ඩේවා |
නුඹට මට මතු භවක් තිබුණොත් මා නුඹේ පුතණුවන් | වේවා |
මගේ ආදරණීය මෑණියන්ගේ උපන් දිනය වෙනුවෙන් කවි පංතියක් ලියන්නට නොහැකි වීම කණගාටුවකි.. ඇයට නිරෝගී සුවය, චිර ජීවනය ලැබේවා කියා පතමි..
සුභ උපන්දිනයක් අම්මට..!!
ReplyDeleteබොහොම ස්තුතියි මිත්රයා..
Deleteඔබේ ආදරණීය මෑණියන්ට සුභම සුභ උපන් දිනයක් පතමි!!
ReplyDeleteබොහොම ස්තුතියි අයියා..
Deleteමෑණියන්ට සුභ උපන්දිනයක් ප්රාර්ථනා කරනවා..
ReplyDeleteබොහොම ස්තුතියි දිනේශ්
Deleteආයුෂත් ගෙන මගේ දිවියේ තවත් කල් නුඹ මෙහි රැදේවා
ReplyDeleteමෙවන් කවිසිත් වලින් සනහන දරු කැලක් නුඹහට ලැබේවා
ගෙනා ආසිරි තවත් වැඩි වී ඔබ හටත් සතුටම ලැබේවා
Deleteසඳැස් කවියට ඔබෙන් ලැබෙනා එළිය තව වැඩියෙන් වැඩේවා
අපිත් එහෙනම් අයියාගේ සුභ පැතීමට එකතු වෙනවා :)
ReplyDeleteබොහොම ස්තුතියි මල්ලි
Delete