මට මතකයි.. ඒ කාලකන්නි හැන්දෑව. ප්‍රියංගිත් මාත් අත් පටලගෙන ආවෙ කවි මඩුවක සුන්දර අසිරිය විඳින්ට හිතාන. මටත් කවි කියන්ට ආරාධනා ලැබුණනෙ. ප්‍රියංගි කොහොමටත් මගේ රසිකාවියක්. වැඩේ නැගලා ගියා... ඉතා උණුසුම් සංවාදයක්.. සිතාරා.. මට වඩා දෑවුරුද්දක් බාල වුණත්.. ඈ.. හරි අපූරුවට මගෙත් එක්ක වාද කළා.. මටත් නොදැනීම.. මගේ මුවින් මෙවන් කවියක් පිටවුණා..
කවුරුන් කොහොම වැවුවත් මල්, මල් ...........වත්තේ
බමරුන් නොවෙද ලද මොහොතෙදි රොන් ....ගත්තේ
තිසරුන් රඟන මානස විල .......................ඉස්මත්තේ
පැවරුන් නියම ලෙස මම කරලයි .................ඇත්තේ
හොපොයි.. කට.. සිතාරට කට උත්තරත් නෑ.. අනේ ඒකි වේදිකාවෙන් බැහැලා ගියා අඬාගෙන.. ප්‍රියංගි.. එයත් අඬන්න පටං ගත්තා..
එදා දවස නිමා උනා.. ප්‍රියංගි.. දැඩි ලෙස මාව ප්‍රතික්ෂේප කළා.. මට දැනුණ හිත් වේදනාව නං එසේ මෙසේ එකක් නෙවෙයි.. මං ප්‍රියංගිට කොයි තරම් ආදරය කළා ද? කොයි තරම් අපේ අනාගතය ගැන සිහින මැවුවද?
සුමේධ.. බාගෙකුත් අරං කාමරේට සැට් වුණේ මගෙ දුක නිවන්ට..
මචං.. මාර කේස් එක නේද? අරකි ඇඬුවෙ නැත්තං වැඩේ ඔච්චර දුර දිග යන්නෙ නෑ මචං.. දැං ඉතිං උඹට තියෙන්නෙ ඒකිට සෙට් වෙන්ට..
උඹට පිස්සුද බං? මට මුගේ කතාවට තියෙන කේන්තිය තවත් වැඩි වුණා.. විහිළු නෙවෙයි බං.. ඒකි ප්‍රියංගිට වඩා ලස්සනයි.. උඹටම හරියන්ට කවිකමත් තියෙනවා.. ඔක්කොටමත් වැඩිය.. උඹට ප්‍රියංගිව නැතිවුණේ ඒකි හින්දනෙ..
ඔවු බං ඒ කතාවත් ඇත්ත.. ඒත් ඒකි කැමති වෙයිද?
.... මතු සම්බන්ධයි..
කැමතිවෙයි නේද බලමු ඉදිරි කොටසත්
ReplyDelete