Friday, December 19, 2014

බැරිදා විග්‍රහය..! මිනිස්සුන්ට සල්ලි නැද්ද?

අප රටෙහි ඔය කියන තරම් මුදල් හිඟයක් පවතිනවාද?
හිඟයකට වඩා විෂමතාවයක් තමයි පවතින්නෙ...

අද අපේ රටේ හුඟක් අයට වාහනයක්.. අඩු ගානේ ත්‍රීවීලර් එකක් හරි බයික් එකක් හරි තියෙනවා.. ඒ වගේම දහස් ගණන් අලුත් කාර් නිතරම පාරේ හමු වෙනවා.. එය සමස්ථයගේ ආදායම් තත්වය ඉහළ යෑමක් පෙන්වන සාධකයක් නොවෙයිද?

මිනිස්සු ළඟ වාහන තියෙනවා.. ඒ වාහන වලට ලීසිං තියෙනවා. ලීසිං වලට ඇරියස් තියෙනවා..

මිනිස්සු ළඟ සල්ලි නෑ කීවට.. කේ.එෆ්.සී, මැක්ඩොනල්ඩ්ස්, පීසා හට් වගේ වැඩි වියදම් සහිත තැන් වලට මිනිස්සු පොර කකා යනවා..

මේක කාරණා කිහිපයක එකතුවක්...

1. අපේ රට ඇතුළට මහා දැවැන්ත.. මුදල් සම්භාරයක් ණය විදිහට එනවා.. ඒ මුදල් වලින් ඉතා සුළු ප්‍රතිශතයක් හරි (අඩු ගානේ 10%ක් වත්)  රටේ මුදල් සංසරණ පද්ධතියට එකතු වෙනවා.. (අනික්වා.. අදාල ව්‍යාපෘති කරන විදේශීය සමාගම් හරහා සහ.. කොමිස් කාක්කන්ගේ විදේශීය ගිණුම් හරහා ආයෙමත් පිටරට ට යන බව ලේසියෙන්ම උපකල්පනය කරන්න පුළුවනි..) අන්න එහෙම ලංකාවෙ නවතින මුදල් නිසා.. සමස්ථයක් ලෙස රටේ මුදල් සංසරණය පවත්වාගෙන යන්න පුළුවන් වගේ පේනවා..

2. ඔය ඉහත කියපු අවන්හල් වලට යන කොට්ටාස කීපයක් ඉන්නවා..
 1. හොඳම සල්ලි කාරයො.. මෙයාලට ඉතිං අවුලක් නෑ .. සල්ලි තියෙන නිසා යනවා..
2. අමාරුවෙන් කීයක් හරි හොයා ගන්න මාස් පඩි කාරයා.. මාසෙකට දෙකකට සැරයක්වත් දරුවන්ට වෙනසක් තියෙන්ට එපැයි කියලා.. දරුවොත් එක්ක ඔය වගේ තැනකට ගිහිං.. බොහොම පරෙස්සමින්.. එහෙත්.. දරුවන්ගෙ බිරිඳගෙ සතුට වෙනුවෙන්..සල්ලි ටිකක් වියදම් කරනවා..
3. එදිනෙදා සල්ලි හොයාගන්න.. උදවිය.. (ත්‍රීවීලර් රියැදුරන්, බස් කොන්දස්තර වරුන් වැනි අය..)  ගතමන්ට් එක ටිකක් හොඳ දවසට.. අර ඉස්සෙල්ලා කට්ටිය වගේ ම සහ ගතමන්ට් එක එච්චර නැති උනත්.. හිතුණොත් ණය වෙලා හරි.. මේවට ගොඩ වෙනවා..

මේ ඔක්කොම ගොඩ රටේ සමස්ථ ජනතාවගෙන් 60%ක් විතර ඇති..
ඒ අතරෙ තව කී ලක්ෂයක් නං මිනිස්සු ඉන්නවා ඇතිද..? මේවයෙ තියෙන්නෙ මොනවද කියලා වත් දන්නෙ නැති..?

කොහොම උනත් මේ කෑම වල ගානයි පොස් කමයි මිසක.. වෙනත් වටිනාකමක් නැති බව නං බොහෝ දෙනා දන්නවා..

5 comments:

  1. කේ.එෆ්.සී, මැක්ඩොනල්ඩ්ස්, පීසා හට් වලට යන ඔළු ගානෙන් රටේ මුල්‍ය තත්වය මනින එක නං ටිකක් බොළඳයි මලේ.

    මම නං දන්න විදියට ඕවට යන්නේ ලුම්පන් ධනපති පන්තිය සහ ඔවුන් ගේ අනුකාරක දරිද්‍ර පංතිය විතරයි. සල්ලි තියෙන ලුම්පන් නොවෙන මිනිස්සු ඔය ජරාව කන්න යන්නේ නැහැ.

    රටේ නිෂ්පානය අඩු උනත් ආර්ථිකය කඩං නොවැටෙන්න අංක 1 කාරනාවට අමතරව විදේශ ශ්‍රමිකයන් ගෙන් ලැබෙන මුදල් විශාල කාර්යයක් ඉෂ්ට කරනවා. දැන් රටේ අන්ත දරිද්‍ර කියන කාන්ඩේට වැටෙන කොටස ඉතා අඩුයි. එහෙම වැටෙන්නෙත් මත්ද්‍රව්‍ය , කුඩු වගේ හේතුවක් නිසා මිසක් බොහෝකොට ආදායමේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි. මිනිස්සුන්ට සල්ලි නෑ කියන එක අවස්ථාවාදී දේශපාලකයන් මතුරන මන්තරයක් බොහෝකොට.

    ReplyDelete
  2. හ්ම්..................................

    ReplyDelete
  3. මචං සල්ලි අම්බානක තියෙන එවුන් කේ.එෆ්.සී, මැක්ඩොනල්ඩ්ස්, පීසා හට් යන්නේ නැහැ. උන් යන්නේ මිනිස්ට්‍රි ඔෆ් ක්‍රෑබ්, වෝටර්ස් එඩ්ජ්, බෙයා ෆුට් වගේ තැන් වලට. උඹ කියන ඒවට හැමදාම යන්නේ සල්ලි තියෙනවා කියලා පෙන්වන්න ට්‍රයි කරන පිස්සු මොන්ගල්. අපිත් යනවා තමා ඒත් හදිස්සියකට මොනවා හරි බඩට දාගන්න මිසක් වෙන දේකට නෙවෙයි. ඊට වඩා හොඳයි සයිවර් කඩයකින් කනවා. අනිත් එක තමයි අපේ වාඩි දෙනෙකුට අඩු ගානේ බයිසිකල් කට්ටක් හරි තියෙනවා කියන කතාව. ඒක ගන්නේ සල්ලි තියෙනවට නෙවෙයි, බස් එකේ යනවට වඩා බයික් එකක යන එක සෑහෙන්න ලාබ නිසා. ලංකාවේ වැඩිම වුනොක් උඹ කියන විදිහට සල්ලි තියෙන්නේ සියයට 10 ට අඩු ප්‍රතිශතයකට විතරයි. මේ වගේ දෙයක් තීරණය කරන්න කලින් අඩු ආදායම් ලබන කීප දෙනෙක් එක්ක අවංකව කතා කරලා බලන්න, දැන ගන්න පුළුවන් වෙයි රටේ ඇත්ත තත්වය.

    ReplyDelete
    Replies
    1. //මචං සල්ලි අම්බානක තියෙන එවුන් කේ.එෆ්.සී, මැක්ඩොනල්ඩ්ස්, පීසා හට් යන්නේ නැහැ. උන් යන්නේ මිනිස්ට්‍රි ඔෆ් ක්‍රෑබ්, වෝටර්ස් එඩ්ජ්, බෙයා ෆුට් වගේ තැන් වලට..// ඔවු.. ඉහලම ස්ථරය මේ වගේ තැන් වලට එනවා අඩුයි.. ඒත් අගනුවරින් බැහැරව තත්වය වෙනස්.. ඉල්ලුමට සැපැයුම නැති නිසා..

      හැමදාම ගියා කියලා.. සල්ලි තියෙනවා කියලා පෙන්වන්නේ කාටද? මට නං හිතෙන්නෙ .. ඒක රුචිකත්වය සහ වියදම් දැරීමේ හැකියාව අතර ප්‍රශ්නයක්..
      //සල්ලි තියෙනවට නෙවෙයි, බස් එකේ යනවට වඩා බයික් එකක යන එක සෑහෙන්න ලාබ නිසා//
      වියදම පැත්තෙන් ගත්තොත් නං.. බයික් එකට අඩු ගානෙ.. බස් එකේ මෙන් දෙගුනයක් වියදම් යනවා.. ඒත්.. කාලය.. අඩු ගානෙ හරි අඩක්වත් ඉතිරි වෙනවා..

      //උඹ කියන විදිහට සල්ලි තියෙන්නේ සියයට 10 ට අඩු ප්‍රතිශතයකට විතරයි.//
      සල්ලි වැඩි එවුන් ගැනද, අඩු එවුන් ගැන ද ඔය කියන්නෙ?
      අපේ ගම් වල.. අඩු ආදායම් ලාබී අය එමට.. මං හිතන්නෙ මං බොහෝ දුරට ඇත්ත තත්වෙ දන්නවා.. නගරෙ නම්.. තත්වෙ ටිකක් වෙනස් ඇති..

      Delete
  4. මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දවසක් වන්නේ වෛද්‍ය සගුරු මගේ හිටපු ස්වාමිපුරුෂයා ඔහුගේ මායාවෙන් සහ ප්‍රේම මන්ත්‍රයෙන් නැවත ලබා ගැනීමට මට උදව් කරමින් මට කළ උපකාරය නිසාය. මම විවාහ වී වසර 6 ක් ගත වූ අතර එය ඉතා භයානක විය, මන්ද මගේ සැමියා මට වංචා කර දික්කසාද වීමට උත්සාහ කළ නමුත් මට අන්තර්ජාලය හරහා Dr.saguru විද්‍යුත් තැපෑලෙන් පැමිණි විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ලබා ගැනීමට සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කර ඇති ආකාරය ගැන. සහ ඔවුන්ගේ සබඳතාවලදී මිනිසුන් සතුටු කරන්න. මම ඔහුට මගේ තත්වය පැහැදිලි කර, පසුව ඔහුගේ උපකාරය පැතු නමුත්, මා පුදුමයට පත් කරමින්, ඔහු මට පැවසුවේ ඔහු මගේ නඩුවට මට උදව් කරන බවත්, මෙන්න මම දැන් සමරන්නේ මගේ සැමියා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බැවිනි. ඔහුට සෑම විටම මා අසල සිටීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැක. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා, මොනතරම් විශිෂ්ට උත්සවයක්ද? වෛද්‍ය සගුරු සැබවින්ම මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු බැවින් මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දෙමි. ඔබට උදව් අවශ්‍යද දැන් විද්‍යුත් තැපෑල හරහා වෛද්‍ය සගුරු අමතන්න: drsagurusolutions@gmail.com හෝ whatsapp +13124340555 ඔහු ඔබේ ගැටලුවට එකම පිළිතුර වන අතර ඔබේ සම්බන්ධතාවය තුළ ඔබට සතුටක් දැනේ. සහ ඔහුගේ ද පරිපූර්ණයි
    1 ආදර අක්ෂර වින්‍යාසය
    2 නැවත ජය
    3 ගර්භාෂයේ ඵල
    4 අක්ෂර වින්‍යාස ප්‍රවර්ධනය
    5 අක්ෂර වින්‍යාස ආරක්ෂණය
    6 ව්‍යාපාරික අක්ෂර වින්‍යාසය
    7 හොඳ රැකියා අක්ෂර වින්‍යාසය
    8 ලොතරැයි අක්ෂර වින්‍යාසය සහ උසාවි නඩුවේ අක්ෂර වින්‍යාසය

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..