දේශපාලන ඉතිහාසයේ පවුල් සම්බන්ධතා ඇති වූයේ අද ඊයෙක නොවේ.. සැමියාගෙන් බිරිඳට.. තාත්තාගෙන් පුතාට.. අයියාගෙන් මල්ලීට.. ආදී වශයෙන් විවිධ අයුරින් බලය හුවමාරු වූ අතර.. එකට දේශපාලනය කළ අය ද මේ අතර සුලබ විය..
එහෙත් පවුල් පාලනය ගැන මේ තරම් කලකිරීමක් හා තිගැස්මක් ඇති වූ වෙනත් කාලයක් නොවූ බව පැහැදිලිය.. එය කොතරම් උග්‍ර වී ද යත්.. මෛත්‍රීපාල තාත්තා ගැන ඔහු ගේ දියණිය කතා කිරීම, මෛත්‍රීපාල අයියා ගැන.. ඔහු ගේ මල්ලී කතා කිරීම පවුල් පාලනය ට පෙරහුරුවකැයි මැවෙන අපූරු (මඩ) පුවත් අද ඇත..
සියල්ලෝම දේශපාලන සත්වයෝ නිසා මෙන්ම.. තමන්ගේ මිනිහා නිවැරදි නම්.. ඔහු වෙනුවෙන් සහයෝගය දැක්වීම තමන්ගේ එවුන්ගේ යුතුකමක් වන නිසා.. මගේ දැක්මට අනුව නම්.. පවුලේ අය සහයෝගය දැක්වීම.. අදහස් දැක්වීම අත්‍යවශ්‍යයෙන්ම සිදුවිය යුත්තකි..
ගැටලුව ඇත්තේ එතැන නොවේ.. එකී පවුලේ උදවිය.. සටන අවසන.. හයිකාරකම් පටන් ගන්නේද... එසැණින් ගැටළු පැටැලෙන බව කිව යුතුය..
තාත්තා ජනපති වූ පමණින්.. පුතා.. ඡන්දය ඉල්ලා මන්ත්‍රී වීම ගැටලුවක් නැත..
එහෙත්.. ජාතික රගර් කණ්ඩායමේ නායකයා වූවා නම් ගැටලු සහගතය..
තනිවම සීත කාමර වල සිට.. හොරට විභාග ලියා.. පට්ටම් ලැබුවා නම් ගැටලු සහගතය..
ලැම්බෝගිනි ගෙන්වන්ට ඕන කමට .. ලැම්බෝගිනි බද්ද අඩු කරනවා නම් ගැටලු සහගතය..
ඇමතිවරුන්ගේ ලිපියට රැකියා දෙන එක වැරදිය.. ඇමති මොනවා කීවත්.. ජනපතිගේ පුතා රැකියාවේ අවසාන භාරකාරයා වීම.. ඊටත් වඩා කුජීතය..
මේ විදිහට කුජීත වුණු ගැටලු එමටය.. ඒත් දිගින් දිගටම ඕවා කතා කිරීම ඵලක් නැත්තේ.. "කිසි වාසියක් නෑ ඒ වුණත් අපි මරාටයි ඡන්දේ " නිසා ය.
පවුලත් එක්ක සංවිධානාත්මකව ගහපු ගේම් මෛත්‍රී ගේ දේශපාලනයේ නැත.. ඒ නිසා මැද මුලනේ පවුලෙන් තරම් සංගදියක් පොලොන්නරුවේ පවුලෙන් නොවන බව සක්සුදක් සේ පැහැදිලිය..
ඒත්... එය සුපිරිසිදු එකක් වන්නේයැයි.. සිතන්නේ නම්.. එය සිහිනයක්.. එහෙත් ඉඳ හිට සැබෑ වන එවන් සිහින ද ඇත..
එකඟයි. මෛත්‍රීගෙ පවුලේ සහෝදරයන් දොලහක් ඉන්නව කියල බිය පල කරන්න හේතුවෙලා ඉන්නෙ වර්තමාන හතරදෙනාගෙ කෙරුවාව දන්න නිසා.
ReplyDeleteතවම.. ලොකු අවුලක් නෑ නේද?
Deleteමගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දවසක් වන්නේ වෛද්‍ය සගුරු මගේ හිටපු ස්වාමිපුරුෂයා ඔහුගේ මායාවෙන් සහ ප්‍රේම මන්ත්‍රයෙන් නැවත ලබා ගැනීමට මට උදව් කරමින් මට කළ උපකාරය නිසාය. මම විවාහ වී වසර 6 ක් ගත වූ අතර එය ඉතා භයානක විය, මන්ද මගේ සැමියා මට වංචා කර දික්කසාද වීමට උත්සාහ කළ නමුත් මට අන්තර්ජාලය හරහා Dr.saguru විද්‍යුත් තැපෑලෙන් පැමිණි විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ලබා ගැනීමට සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කර ඇති ආකාරය ගැන. සහ ඔවුන්ගේ සබඳතාවලදී මිනිසුන් සතුටු කරන්න. මම ඔහුට මගේ තත්වය පැහැදිලි කර, පසුව ඔහුගේ උපකාරය පැතු නමුත්, මා පුදුමයට පත් කරමින්, ඔහු මට පැවසුවේ ඔහු මගේ නඩුවට මට උදව් කරන බවත්, මෙන්න මම දැන් සමරන්නේ මගේ සැමියා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බැවිනි. ඔහුට සෑම විටම මා අසල සිටීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැක. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා, මොනතරම් විශිෂ්ට උත්සවයක්ද? වෛද්‍ය සගුරු සැබවින්ම මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු බැවින් මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දෙමි. ඔබට උදව් අවශ්‍යද දැන් විද්‍යුත් තැපෑල හරහා වෛද්‍ය සගුරු අමතන්න: drsagurusolutions@gmail.com හෝ whatsapp +13124340555 ඔහු ඔබේ ගැටලුවට එකම පිළිතුර වන අතර ඔබේ සම්බන්ධතාවය තුළ ඔබට සතුටක් දැනේ. සහ ඔහුගේ ද පරිපූර්ණයි
ReplyDelete1 ආදර අක්ෂර වින්‍යාසය
2 නැවත ජය
3 ගර්භාෂයේ ඵල
4 අක්ෂර වින්‍යාස ප්‍රවර්ධනය
5 අක්ෂර වින්‍යාස ආරක්ෂණය
6 ව්‍යාපාරික අක්ෂර වින්‍යාසය
7 හොඳ රැකියා අක්ෂර වින්‍යාසය
8 ලොතරැයි අක්ෂර වින්‍යාසය සහ උසාවි නඩුවේ අක්ෂර වින්‍යාසය