| සිල් බිඳං අපි ලැබූ | සුවේ |
| තාම හිත ආදරෙන් | දැවේ |
| නෑ මෙවන් දෑ තවත් | ලොවේ |
| වෙන් වීම අහඹුවක් | නොවේ |
| හිත ද ඒ මේ අතට | නැවේ |
| ඇය ට හිමිවී දිනත් | ගෙවේ |
| එකතු නොම වූ නමුත් | බවේ |
| පෙමට කිසි තහනමක් | නොවේ |
| අත් කරන් ජය අරන් | ජවේ |
| මා ඔබෙන් අන් මඟක | දිවේ |
| පාලුවෙන් කිතියකුත් | කැවේ |
| හිත් අහසෙ වැට කඩොළු | නොවේ |
| ළබැඳි බව හදවතට | පෙවේ |
| දැන නොදැන පෙම් පවස | නිවේ |
| නොම බැඳුණු කිසි දිනෙක | පවේ |
| සබඳ මිස ඔබ බිරිඳ | නොවේ |
No comments:
Post a Comment
වටිනා අදහස් ලියනු මැනේ..