| සාහිතේ මේ තරම් | ආවට |
| ලාබ නෑ ඔය තරම් | කීවට |
| පෝලිමේ ඉඳ අරං | නාවට |
| මා ළඟත් පොත් තිබෙයි | ලාවට |
| ජීවිතේ හරි හම්බ | කරපු |
| දේ තමයි "ඒ හීන" | විඳපූ |
| හීන වල ජීවිතේ | ලියපූ |
| නෑ කෙනෙක් තව ලොවේ | හිටපූ |
| වේදනා මතකයන් | විතරයි |
| පෑදුනා නම් සැබෑ | තිමිරයි |
| බාවනාවක සුවේ | පවරයි |
| මා මගේ හීනයේ | ගොදුරයි |
පිස්සු වගේ ඈ....
ReplyDeleteජ ය වේ වා !!!
+++++++++++
ReplyDeleteමා මගේ හීනයේ ගොදුරයි
ReplyDeleteඋඹ කියන්න හදන්නේ "උඹ හීන මත්තේ හිඳිමින් ජීවිතයේ විඳින්න ඕනෑ දෑ විඳින එකෙක්" කියන එක කියලයි මම නම් තේරුම් ගත්තේ ඈ
Deleteඅපූරු සඳැස් කවක්...
ReplyDeleteපොත් පත් වලට වෙන් කල ඉඩ මා....... බාලේ
ReplyDeleteබත් පත සොයනු ලෙද යොදවමි මේ..... කාලේ
අත් තටු බැඳන් අද යමි යන්නන්........... වාලේ
වත් පොත පමණි මගේ තනියට අද....... සාලේ :'(
පොත් පත් වලට කළ යුතුමය මිත ආලේ
Deleteහිත් නරකය යවන්නට යන්නන් වාලේ
වත් පොත වුවද නරකම නැත මේ කාලේ
හත් මුතු පරපුරට බත සෙවුවද රාළේ?