Friday, November 27, 2015

කාව්‍ය චතුෂ්කය

පසුගිය පොහෝ දින සේන අම්බලම්ගොඩ ගුරු පියාණන් බැහැ දැකීමට ගිය අප හට එතුමාගෙන් වටිනා කියන පාඩමක් උගත හැකි විය. ඒ කාව්‍ය චතුස්කය නම් දුෂ්කර බන්ධනයක් ගැනයි. ඒ පිළිබඳව කිසිවෙකු මුහුණු පොතෙහි විමසා සිටි බවත් .. එයට පිළිතුරු දීමට තමාට අවස්ථාවක් නැති නිසා එයට පිළිතුරු දෙන ලෙස ඉල්ලා සිටිමින් එකී පාඩම අප වෙත ඉදිරිපත් කළ නිසා මෙම සටහන තබන්නට සිතුවෙමි..

පළමුව ඉහත රූපයේ දැක්වෙන ලෙස අංකනය කරගත යුතුය. තැඹිලි පාටින් දැක්වෙන කොටු වල එනම් 1,8 හා 16 කොටු වල .. යෙදෙන්නේ එකම අක්ෂරයකි. එම අක්ෂරය අපාය අක්ෂරයක් විය යුතුය.. කහ පාටින් දැක්වෙන කොටු වල එනම් 4 හා 12 කොටු වල..යෙදෙන්නේ එකම අක්ෂරයකි.. වෙනස් පද වල මෙම අක්ෂරය වෙනස් ව යොදා ගත හැක. ඔරලෝසුවේ කටු කැරකෙන අතට කියැවීමෙන් සම්පූර්ණ පැදිය කියැවිය හැක.මේ කාව්‍ය චතුස්කය මට මතක තියෙන විදිහයි.. වැරදි ඇතොත් පෙන්වා දෙන මෙන් එදා මා හා පාඩම උගත්.. සම්පත් සුදුසිංහ සහ සුසන්ත දන්දෙනිය ගමගේ සොයුරන්ගෙන් ඉල්ලා සිටිමි. මේ මා ගත් උත්සාහයකි.  

ම ගෙ හි තේ ත නි ව ම ද ස අ තේ පැ ති ර ම 
ම ර බි යක් ති බු ණ ම සි හි න යක් වි ල ස ම 
ම ට එ පා ත නි ක ම කි ම අ පා දු ක මෙ ..ම 
ම ත ක හා හු රු ක ම ය ළි ලෙ හා ග මි ම ම

6 comments:

  1. ඔන්න අපි ඔයාගෙ බ්ලොග් එකත් අපේ සිංඩියට ඇඩ් කරා
    ගිහින් බලන්න හෝම්පේජ් එකේම ඇති
    http://www.akurasyndiya.tk
    එහෙනම් අපිට කරන හෙල්ප් එකක් හැටියට අපේ බැනර් එක පුලුවන්නම් ඔයාගෙ බ්ලොග් එකට දාගන්න
    බැනර් කෝඩ් සයිට් එකට ගිහින් ගන්න

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.. ඉඩක් ලැබුණු ගමන් යන්නම්

      Delete
  2. කියවන්න බෑ බං. අකුරු කොහේද ගිහිල්ල. ඇස් ඇරල බලහං. මට ආයි මේක කියවන්න ඕන.. හනිකට..

    ReplyDelete
    Replies
    1. මෙහෙම උනේ ඇයි මංදා.. ඔන්න බලන්ට පොඩ්ඩක් හැදුවා..

      Delete
  3. ම..ම..ම.. හොඳයි උත්සාහය.. කවිය නෙවෙයි කතාවනම් කියව ගත්තේ බොහොම අමාරුවෙන් අකුරු 'පිට ගිහිල්ලා".. :)

    ReplyDelete
    Replies
    1. සමා වෙන්ට ඕන.. ඒ වගේ ම අමාරුවෙන් හරි කියෙවුවට ස්තුතියි..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..