සොයමින් නිවන් මඟ අතහැර මඟ | සැපවත් |
දහමින් උගත් බෙදමින් දම් රස | සරුවත් |
නැගිටිය යුතු තැනදි නොතැකූ තම | දිවි වත් |
හිමියනි අපයි අසරණ නුඹ විය | අපවත් |
සැම විට පතළ කළ කරුණා සෙනේ | සිත |
උස් මිටි කමක් කළු සුදු භේදයක් | නැත |
හිමියනි නුඹ පැතුව යහපාලනේ | මත |
හෙළ බොදු ලකුණ වෙන කාටත් වඩා | ඇත |
නිසැකව මතු හෙළයෙ දම් | මල් පිපේවා |
යහ ගුණ දහම මිනිසත් | කම් රැකේවා |
නුඹ පැතු ලොව ම අප හට | මතු ලැබේවා |
නිබඳව මතු නිවන් මඟ | මුණගැසේවා |
මම.. හදපතුලෙන් ම නැගෙන අදහස් අකුරු කරමි... ඔබ .. එය කියවන්න.. රස විඳින්න .. විවේචනය කරන්න... අපි .. මේ ලෝකය මොහොතකට සුන්දර කරමු...
Wednesday, November 11, 2015
සෝභිත සමිඳුනි .. නිවන් සුව!
Subscribe to:
Post Comments (Atom)
බුකියෙන් දැක කියවුවෙමි. අගේ ඇති පබැදුමක්..
ReplyDeleteනිර්මාණාත්මක අතින් ඉහළයි
ReplyDelete