මොහොතක් ලබා සෙනේ ඔය රුවන් | හදවතින් |
මැරුණත් කමක් නැතේ නොම මැරී | ඉමි හිතින් |
අහසත් සිනා නොවී පිණි සලයි | ඇගෙ නෙතින් |
මෙහෙයක් මටත් කියන් ඉටු කරන් | නට ඉතින් |
කල් යල් බලා එසැණින් කළ යුතුයි | කරන දේ |
දුල් නිල් වළා අතරත් සැඟව යයි | එළි සඳේ |
බොල් ගල් තලා මතදිත් නොම දැනෙයි | ඇති තදේ |
මල් මල් වෙලා වැදියන් වදින ගල් | හෙම ළදේ |
පාවෙන පුළුන් රොදක් ඉගිලුණත් | වැසි සොයා |
යාවෙන කැළුම් නෙතේ නිති රැඳෙයි | දුර නොයා |
ගෑවෙන දුරක් ළඟින් නොසිටියත් | නිති ඔයා |
නෑවෙන තරම් සෙනේ ඔබ දනී | ඔබෙ කියා |
මම.. හදපතුලෙන් ම නැගෙන අදහස් අකුරු කරමි... ඔබ .. එය කියවන්න.. රස විඳින්න .. විවේචනය කරන්න... අපි .. මේ ලෝකය මොහොතකට සුන්දර කරමු...
Tuesday, January 26, 2016
ඔබ දනී..
Subscribe to:
Post Comments (Atom)
වටින වචන සෙට් එකක් වාගේ..
ReplyDeleteස්තුතියි.. මල්ලි..
Deleteකාලයකට කලින් ඔබ ලිපි කිහිපයක ලියා තිබුණු කවි පිළිබඳ විස්තර සහිත පොත මා මෙවර ලංකාවට ගිය වෙලේ අමාරුවෙන් හොයා ගත්තා.
ReplyDeleteස්තුතිියි.
සාදරයෙන් පිළිගනිමි..
Delete