Thursday, August 17, 2017

Google Voice Typing - සිංහලෙන් දාගත්තද?


සිංහලෙන් කතා කරද්දි ලියවෙන ඇප් එකක් ගූගල් එකෙන් හදලනෙ.. ෆේස් බුක් එක බැලුවාම ඉතිං මේකෙ වරුණෙ හැම තැන ම තිබුණා.. විශේෂයෙන් අපේ මල්ලි කෙනෙක් මට පණිවුඩයකුත් එවලා තිබුණා ඒ ගැන කියැවෙන මෙන්න මේ වීඩියෝව බලන්න කියලා.. නලීන් අයියත් පෝස්ටුවක් දාලා අවවාද කරලා තිබුණා.. ආයෙ.. සිංග්ලිශ් එහෙම ලියන්න එපා කියලා.. :D 



ඒත් ඒ වීඩියෝවෙ තිබුණු විදිහට GBoard කියන ඇප් එක Install කරගත්තාට.. ඒකෙන් කිසිම සෙතක් වුණේ නෑ.. ඒ කියන්නෙ  Voice Typing කියන Function එක හරියට වැඩ කළේ නෑ.. මං හිතුවෙ Phone එකේ අවුලක්වත් ද කියලයි.. ටිකක් වෙලා  එක එක ඒවා කරද්දි.. ඔන්න Voice Typing ප්‍රශ්නෙ නම් හරි ගියා.. ඒත් ඉතිං සිංහල වැඩ කරන්නෙ නෑ.. ඒ වගේ ම Voice Typing හරි ගියෙ කොහොමද කියලා හරි හමං අදහසකුත් නෑ.. ඉතිං ඕක ටිකක් හොයලා බලද්දි තමයි දැන ගත්තෙ.. ඒක වෙන්නෙ..(Voice Typing නැතිවෙන්නෙ හෙවත්  Keyboard එකේ recording Icon  එක නැති වෙන්නෙ)  Google Apps කියන App එක disable උනාමයි කියලා.. මං ඉස්සර දවසක.. ඕක  disable කළා.. නිකං මෙමරියට වද දෙන නිසා.. අද නිකමට වගේ ඒක enable  කළානෙ මේ අවු අස්සෙ.. ඒ වුණත් තාම හිතට හරි නෑ තවම සිංහලෙන් ලියැවෙන්නෙ නැති නිසා.. 

ඔය අතරෙ මට හමු වුණා.. තව සරල වීඩියෝවක්..



ඇත්තටම මේ Video එකේ ඉතා හොඳින් Configurations වෙනස් කරගන්න හැටි කියලා දෙනවා.. මගේ අවාසනාව ද මංදා.. ඔය ටික කළත්.. වැඩේ පත්තු වුණේ නෑ.. පස්සෙ මම .. GBoard ඇප් එක uninstall කරලා .. reinstall කළා.. ඊට පස්සෙ ආයෙමත් ඔය උඩ තියෙන Configurations ටික හදා ගත්තා.. දෙයියන්නෙ පිහිටයි කියලා.. මෙන්න බඩු වැඩ.. 

ඉතිං මං මේක ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවෙ.. ඔයාලත්.. මේක දාගන්ට ගොහිං මේ වගේ අපහසුතා වලට පත් වුණාද දන්නෙ නැති නිසා..වගේ ම පස්සෙ කාලෙක මට අමතක වුණොත් බලාගන්ට.. කට්ටක් කාලා වුණත් දාගන්ට වටින ඇප් එක..


4 comments:

  1. මේක සැම්සුන් ටැබ්ලට් වලට වැඩ කරනවද?

    ReplyDelete
  2. Android App එකක් නෙ.. ටැබ් එක Android නෙ .. වැඩකරයි

    ReplyDelete
  3. මේකෙන් ලැප්ටොප් එක හරහා වැඩ කරන්න බැරිද

    ReplyDelete
    Replies
    1. Android App එකක් නෙ..Lap එක Android නෙවෙයි නෙ. .. වැඩ කරන්න විදියක් නෑ නේද?

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..