| ආදර කකුළුවනි මේ ටික | අහපල්ලා |
| යා හැකි දුරක් ඇද නැතිවම | පලයල්ලා |
| ආරය වෙනස් විය හැකි බව | පවසල්ලා |
| තේරුණෙ නැතොත් කට වහගෙන | හිටපල්ලා |
| රස කොට දෙසුව බණ පදයක් | අහපල්ලා |
| අහලා බණේ දෙකණින් පිට | කරපල්ලා |
| බලපිය රටට යන කල එය | රැකපල්ලා |
| රජෙකුට යටහත්ව සදහට | ඉඳපල්ලා |
| මිටි තැන මුව හමක් ගෙන තඩි | බාපල්ලා |
| උස් තැන් ළඟ දි මුව ගල් වල | උලපල්ලා |
| කපුවා යවන පඩ සුවඳයි | සිතපල්ලා |
| දෙයියන් බුදුන් සිහිකොට දැන් | දුවපල්ලා |