Thursday, July 26, 2018

පුළුවන්නම් බැණපල්ලා

            
ආදර කකුළුවනි මේ ටිකඅහපල්ලා
යා හැකි දුරක් ඇද නැතිවම පලයල්ලා
ආරය වෙනස් විය හැකි බවපවසල්ලා
තේරුණෙ නැතොත් කට වහගෙනහිටපල්ලා
  
රස කොට දෙසුව බණ පදයක්අහපල්ලා
අහලා බණේ දෙකණින් පිටකරපල්ලා
බලපිය රටට යන කල එයරැකපල්ලා
රජෙකුට යටහත්ව සදහටඉඳපල්ලා
  
මිටි තැන මුව හමක් ගෙන තඩිබාපල්ලා
උස් තැන් ළඟ දි මුව ගල් වලඋලපල්ලා
කපුවා යවන පඩ සුවඳයි සිතපල්ලා
දෙයියන් බුදුන් සිහිකොට දැන්දුවපල්ලා
  

No comments:

Post a Comment

වටිනා අදහස් ලියනු මැනේ..