Thursday, October 25, 2018

බැරිදා විග්‍රහය!Uber - ත්‍රී රෝද වලිය

Uber - ත්‍රී රෝද වලිය නැගලා යද්දී කට පියං ඉන්න එක .. මට ටිකක් අමාරු වැඩක් නිසා මෙසේ ලියමි. පැත්තක ඉඳං ලියන එක අසාධාරණ වුවත්.. මැද්දක ඉඳං ලියන්ට හිත් නොදෙන්නේ ත්‍රි රෝද ත් එක්ක මගේ ඇරියස් එකක් තියෙන නිසා ය.

එකී ඇරියස් එකට හේතු කිහිපයකි. කිලෝ මීටරයකට රු. 10ක් තරම් වියදමක් යද්දී.. ඒ වගේ පස් ගුණයක් හෝ ඊටත් වඩා අය කරන එක එක් හේතුවකි.. පාරේ යද්දී වැඩිපුරම මාර්ග නීති කඩන්නේ ත්‍රී රෝද කරුවන් වීම තවත් එකකි. රටේ අපරාධ වලට ත්‍රී රෝද කරුවන් බොහෝ සෙයින් දායක වන නමුත්.. එය එතරම් ලොකු හේතුවක් නොවේ.. පාරට බැස්සහම වාහනයක් පාර්ක් කරන්ට හදන ඕනම තැනක ත්‍රී රෝද රථ ගාලක් ය.. එය ද ලොකු ම හේතුවකි.

තත්වය එසේ වුවත්.. ත්‍රි රෝද රථ රියැදුරෝ.. යම් යම් අවස්ථා වලදී සමාජයට විවිධ සේවා සපයති. අනතුරක් වූ විටෙක.. මොවුන් බොක්කෙන්ම ඉදිරිපත් වෙති.. උදවු කරති.. පාරවල් හොයාගෙන යන විටදී ගූගල් නංගිටත් වඩා විශ්වාසදායී මාර්ගෝපදේශකයා ත්‍රී වීල් මල්ලි ය.

Uber, PickMe, Sonit වැනි Cab Service ආයතන ගැන මගේ පැහැදීම හොඳ ය. ත්‍රී රෝද රථ මිළ ට ආසන්න හෝ ඊටත් අඩු මිළකට කාර් එකක් ලබා දෙන මේ සේවාව අගය කළ යුතු ම ය. මේ අතර Uber සුවිශේෂී වන්නේ.. මිළ බොහෝ සෙයින් අඩු වීමත්.. විවිධ වෘත්තීන්හී නියැලෙන්නන්ට තමන්ගේ ගමන් බිමන් අතර තුර කීයක් හෝ හොයාගන්නට මඟ පාදා දීමත් නිසා ය. එයට අමතරව නවීන තාක්ෂණය ඔස්සේ.. වාහනය තිබෙන තැන සොයාගැනීමේ පහසුව ද Uber, PickMe වැනි ආයතන මඟින් ලබා දී ඇත..

මගේ මතයට අනුව නම්.. වෘත්තීය පූර්ණ කාලීන ත්‍රී රෝද රථ ධාවකයින්ගේ සේවය.. ඉදිරියේදී ලංකාවට අවැසි නොවනු ඇත.. ඔවුන් ද වෙනත් වෘත්තියක නියැලෙන අතර තුර, මෙම වෘත්තියෙහි යෙදීම යහපත් ය. අනෙක් අතට .. ඔවුන් මේ අයකරන අසාධාරණ මුදල වෙනුවට.. සාධාරණ මුදලක් අය කරන්නේ නම්.. ඔවුන්ගේ රැකියාව අවදානමකට ලක් වන්නේ ද නැත.

වඩා හොඳ සේවය සමඟ තරඟකාරීව ගැටෙනු නොහැකි විට.. අයථා ලෙස ඔවුන්ව පන්නා දැමීමට උත්සාහ කිරීම ම ඔවුන්ගේ ඇති මුග්ධ බව ලොවට කියා පාන්නකි.. Uber වැනි ආයතන වැඩි වැඩියෙන් බිහිවේවා යන්න මගේ පැතුමයි..

2 comments:

  1. සම්පුර්ණ ඇත්ත.... අපේ මිනිස්සු හොඳ දේවල් බාර ගන්නේ කියන්න තියෙන කැත කතා ඔක්කොම කියලා කැත වැඩ ඔක්කොම කරලා ටික කාලෙකින් අනේ එකනම් මරු කියනවා......... (උදාහරණ ඕනෑනම් පසුව අමතන්න )
    "ගූගල් නංගිටත් වඩා" යකෝ ගුගල් මාමාට නංගි කිව්වා එක ගැන තදබල විරෝදය.....

    ReplyDelete
    Replies
    1. ඇයි.. නංගි කෙනෙක් නෙව.. අපට එහෙට්ට හැරෙන්ඩ.. මෙහෙට්ට හැරෙන්ඩ කියලා කියන්නෙ....

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..