මම.. හදපතුලෙන් ම නැගෙන අදහස් අකුරු කරමි... ඔබ .. එය කියවන්න.. රස විඳින්න .. විවේචනය කරන්න... අපි .. මේ ලෝකය මොහොතකට සුන්දර කරමු...
Tuesday, May 14, 2013
සුමිත් අයියා සහ දේශද්‍රෝහියෝ..
සුමිත් අයියා නම් මහ පුදුම මිනිහෙක්.. බලන්ටකො තියෙන නිරහංකාර කම.. හැමෝත් එක්කම හිනාවෙලා.. වචනයක් හරි කතා කරලා නෙව යන්නේ..
ඒ විතරක්ද මළ ගෙයක් දානෙ ගෙයක් වරද්දන්නෙ නෑ.. අපි වගේ නිකං ගිහිං කුට්ටම හොල්ල ඉඳලා එන එකක්ය.. අඩු ගානෙ රුපියල් පන්දාහක් වත් ගෙදර ඇත්තන්ට දීලා තමයි එන්නෙ.. වෙන මොකක් හරි අඩුපාඩුවක් කියන්ට.. ටක් ගාලා තමන්ගෙ සැට් එකට කියලා වැඩේ කරලා දෙනවා..
ඒකටත් එක්ක සයිමොං මාමා.. ඒ කිවුවෙ.. සුමිත් අයියගෙ මාමා කාරයා.. අමු කුණා.. අර උඩහ කන්දට යන පාර ලොකු කරන්ට දුන්නෙ ම නෑ නෙව.. නඩු කියලා, හූනියං කරලා කොච්චර නං හදි කළා ද..? ඒ වුණාට නඩුව දින්නට වැඩක් වුණාද..? සුමිත් අයියා ඇවිත් වචන දෙකයි කිවුවේ.. සයිමා නිකංම සයිලන්..
අර මැගි නැන්දගෙ දුව කුමාරි.. *ක කහ ගන්ට නියපොත්ත නැති වුණාට.. *** නළලෙ තියාගෙන හිටියෙ.. සුමිත් අයියා බැස්සා ගේමට.. කෙල්ල සැරෙන්ඩර්.. ආයෙ මොනවද.. දැං ඉතිං කෙල්ලට රජ සැප..නේ..
=============================================
අනේ පලයං බං යන්ට.. අපි නොදන්න සුමියා.. ඕකා මරිසියට කාටත් කෙහෙල් ඇවරිය දැම්මට.. ඕකා හෙණ දසයා..
බලහං.. ඕකා අඩු ගානෙ.. ඕ ලෙවෙල් වෙනකං ඉගෙන ගත්තද? හැබැයි දැං මුදල් ඇමති තුමාගෙ උපදේශක. ගමේ එවුවන්ට කසිප්පු පොවලා හම්බකරන සල්ලි මළ ගෙවල් වලට මිසක් පොඩි එවුන්ට චොකලට් ගන්ට වියදං කොරන්නෙ නෑ බං..
ඌ පාර කපාගත්තෙ කන්දෙ එවුවන්ට තියෙන ආදරේට වෙන්ටෑ.. අනේ නිකං ඉඳහං.. උගෙ හොර වැඩ ටික පාඩුවේ කොර ගන්ට ගමේ එවුංව ෂේප් කරගන්ට තමයි ඕකා ඔය පාර කැප්පුවේ.. අනික උගෙ හොර ගෑණිගෙ ගෙදරත් කන්දෙ නෙ බං තියෙන්නෙ..
කුමාරි ලැජ්ජා බයට හැදුණු එකියක් කියලා තමයි මාත් හිතං උන්නෙ.. ඒකිත් අපට දාන්ට තියෙන ඔක්කොම පාට් පෙන්නලා.. මුගෙ අතිං සල්ලං වුණා.. කන්ට බොන්ට අඳින්ට නං තාම තියෙනවා.. ඒත් බං රටේ ගස් ටික කපලා, නිධං ටික මංකොල්ල කාලා, කසිප්පු ටික ගමේ එවුන්ට විකුණලා, ඇමතින්ට වන්දිභට්ට කං කොරලා හම්බ කරන සල්ලි කොච්චර කල් යා දෙයි ද කියලා කවුද දන්නෙ..
================================================
උඹලා හිතන්නෙ ඉතිං නුහුරටමනේ.. උඹලා වගේ එවුවන්ට තමයි බං දේශද්‍රෝහියො කියන්නේ..
Subscribe to:
Post Comments (Atom)
මං මුලින්ම හිතුවේ මේ ලියල තියෙන්නේ අපේ බ්ලොග් ලියන සුමිත් නිරිඇල්ල ගැන ද කියලා...
ReplyDeleteඅදයි මේ පැත්තට ආවේ..
සුමිත් නිරිඇල්ලලා අපි ඉතිං දේශද්‍රෝහියො නෙව..
Deleteබොහොම ස්තුතියි නලීන් මේ පැත්තට ඇවිත් අදහසක් දැම්මට..
අම්මපා....! මාත් බැලුවෙ මට මඩක්වත් දෝ කියලා....:D
Deleteඅයියෝ සුමිත්.. මං එහෙම මඩ ගහන කෙනෙක් නෙවෙයි නේ..
Deleteකිසිවක් නිරපේක්ෂ නැත.
ReplyDeleteසියල්ල සාපේක්ෂ නැත.. නිරපේක්ෂ එක් දෙයක් ඇත.. එය මා සතුව නැත..
Deleteබොහොම ස්තුතියි.. පළකළ අදහසට මිතුර...
වර්තමානයේ "ප්‍රභූවරුන්" බිහිවෙන්නෙ ඔහොම තමයි....
ReplyDeleteමේක මෙහෙම තිබුණට.. ඔය කතාවෙ ඇත්තම කොටස් ගොඩාක් තියෙනවා.. ඔයා කියන කතාව ඇත්ත..
Deleteඒවල අවසානයක් ළඟදීම ඒවී... දැන් මිනිස්සු හෙම්බත් වෙලා ඉන්නේ....
ReplyDeleteවිහිලුවක්ද
Deleteඋඹට පිස්සුද මාතලන්. මේක ලංකාව.
Deleteඅපි අවසන් වීම තමයි මේවා අවසාන කරන්ට පුළුවන් සුවර්ම විදිහ.. නේද?
Deleteමේවායේ කෙලවර් සොයා ගියහොත්, හැමදාම යන්න වෙන්නේ එක තැනකට.
ReplyDeleteමේවායේ කෙලවරවල් හොයන්න බෑ මිත්‍රයා.. අචින්ත්‍යයි...
Deleteකලින් කල පින් පල දෙන කල් යා දෙනවා.ඒක නිසා මේ වෙලාවේ නම් කිසි දෙයක් වෙන්නේ නෑ.යතින් ඉඳී...
ReplyDeleteපවු කරන්ටත් වාසනා ගුණයක් තියෙන්ට ඕනලු නේ..
Deleteමාත් මේ බැලුවේ සුමිත් ගැනදෝ කියල ..
ReplyDeleteඔවු සුමිත් ගැන තමයි.. හැබැයි අපේ එකා ගැන නෙවී..
Deletegood job thank's............
ReplyDeleteThank you very much for appreciation
Delete