ගං ඉවුරේ
ඇන්ද රටා
එදා ආදෙරෙන් තුරුළුව
හිමින් හිමින්
නෙවෙයි මැකුණෙ
ඒකයි පුදුම...
අපට අපව
දුරස් වුණේ
සැණෙකින් කොහොම..
..............................................
එදා වගේ
දොඩමළු වී
කතා කළේ
නැහැයි කියල'
අපි මෙතරම් දුරයි කියල'
කියන්නෙ කොහොම..
මට නං
ඔබ අමතක නෑ
මතකයි තවම.....
.............................................
මතකෙන් නොම ගිලිහුණාට
ලෙංගතු කම් පැවතුණාට
එදා තිබුණු ආදර හිත
හොයන්නෙ කොහොම...
තනි උනහම
සියොළඟ නැහැ
වෙළෙන්නෙ එහෙම..
..........................................
අද අපගේ
හදවත් වල
එදා තිබුණු රාගය නෑ
ලෙංගතු කම
කියන්නෙ
ආදරයයි පරම......
කවදාවත්
මිලින නොවෙයි
ඒ පෙම් කුසුම...
.......................................
රාගය නොමැති තැන පැවැත්මක් ද නෑ මචෝ
ReplyDeleteරාගය නැතත්.. ලෙංගතු කම, විශ්වාසය හා උචිත බව තියෙනවා නම්.. පැවැත්මක් තියෙනවා කියලයි මං හිතන්නෙ.. ඒ පැවැත්ම නැති වෙන්නෙ මරණයෙන් වෙන්ට පුළුවනි..
Deleteසිත් පතුලේ
ReplyDeleteලෙංගතුකම
හංගාගෙන
හිනැහුණාට
ලොවට හොරෙන්
නුඹේ දිහා
බලන්නෙ කොහොම ..
සිතේ හැඟුම්
සිත් පතුලෙම
තිබියන් ඔහොම ..
jst a cment aiya .. :)
Deleteලෙංගතු කම
Deleteඔයා ළඟම
තියා ගන්න
පරෙස්සමින්
තහනම් ගහ
නඟේ හිතට
දැනෙන්නෙ කොහොම...
ආස වුණත්
ඒ ගෙඩි මං
කඩන්නෙ කොහොම..
නිර්මාණය තුළින් නිර්මාණ කරුවා මැවීම අපි නොකළ යුතු දෙයක් නේ නඟා.. එය කමෙන්ටුවක් පමණක්ම බව හොඳින් දනිමි.. මෙය එයට ලියූ පිළිතුරක්ම පමණක් බවත් සළකන්න.. බොහොම ස්තුතියි රසවත් කමෙන්ටුවට...