෴෴අසරණී෴෴
නුඹයි මා ලද නිධානේ
පාළු වී ගිය සුසානේ
අඳුරු හොල්මන් විමානේ
හඬ ඇසෙයි නුඹෙ රබානේ
කණ කර නෑ කියලා තම
නෑ දෙනයන කඳුළක් හෙම
තිබුණා නැතුවත් වත්කම
වතයි නුඹේ .... පොහොසත්කම
බලෙන් පිම්බුණු කුස එදා
ලොලෙන් නළවයි පුතු සදා
දොළෙන් පිටකළ මැන මෙදා
මලෙන් බිහි වුණු ලෙස හදා
නැළැවිලි ගී නෑසෙන්නේ
අවරට ඇයි හිනැහෙන්නේ
පුතු කඳුළැලි වගුරන්නේ
පියකුද ඔහූ.... ඉල්ලන්නේ...!
ම් ..... පියා මැරිලද එහෙමත් නැත්නම් අර ‘උප්පැන්නේ පියාගෙ නම ලියන තීරුවේ.. පියාගෙ නම ඉරක් උනේ කොහොමද අම්මේ ...‘ වගේ සීන් එකක්ද. අනේ මන්ද, සිංහලෙන් තිබුනට මට නම් කවිවල තේරුම් ලේසියෙන් වැටහෙන්නෙ නෑ.
ReplyDeleteදැන්නම් මටත් වැටහෙන්න නැද්ද මංදා..
Deleteමල්ලි කවියක අරුත් කිහිපයක් තියෙන්න පුළුවන්.. විශේෂයෙන් උඩින් ඇති දේ ට අමතරව යටිපෙළ අරුතකුත් තියෙන්ට පුළුවන්.. ඒත් මේක එහෙම යටි පෙළ අරුතක් හිතේ තියාගෙන ලියපු එකක් නම් නෙවෙයි.. කවියකට අර්ථකතන දෙන්ට යාමෙන්.. රසිකයාගේ නිදහස සීමා වෙනවා කියලයි මට හිතෙන්නෙ.. ඒ නිසා මං මෙහෙම කියන්නම්..
ජීවිතයේ මිනිස්සුන්ට විවිධ අය හමු වෙනවා.. ඒ හමුවෙන අය ගැන එක එක විදිහට හිතෙනවා.. සතුට, දුක, ආලය, පිළිකුල, ඉරිසියාව.. වගේ එක එක දේවල්.. මෙතැනදීත් මේ කතාව කියන පුද්ගලයාට හමුවුණු කෙනෙක් ගැන තමයි කියන්නේ.. ඒ කෙනා හරියට අඳුරු, හොල්මන් පිරුණු පාළු සුසානයක දී හමු වුණු නිධානයක් වගේ තමයි මෙයාට දැනුණේ..
මෙතැනින් එහාට කතාව මල්ලිම ගොඩ නඟලා බලන්න..
කියන්න දෙයක් නෑ.. සුපිරියි... අගෙයි
ReplyDeleteබොහොම ස්තුතියි.. මිත්‍රයා..ඒ වචන ටික බොහොම වටිනවා..
Deleteඅපුරුම රිද්මයක් සහිත පද වැලක්..
ReplyDeleteඑකම විරිතකට නොවේ ලිවුවෙ.. විරිත් දෙකක් කලවමට..
Delete