Monday, May 20, 2013

සඳස-රේඩියෝ.. කවි සිතක් අද්දර

අන්තර්ජාලයේ කවි සමූහ මෙන්ම විවිධ රේඩියෝ නාලිකා ද ඇති බව ඔබ සියළු දෙනා දන්නවා ඇත. එහෙත් මේ අතර සඳස ෆේස්බුක් කවි සමූහය සහ සඳස රේඩියෝව මේ අතර සුවිශේෂයැයි මට සිතෙනුයේ.. මේවා අන්තර්ජාලය හා ෆේස්බුක් හරහා සඳස් කවිය වෙනුවෙන් මහා මෙහෙවරක් කිරීම පිණිසම ඇරැඹුණු ඒ ඒ වර්ග වල මුල්ම ආයතනයන් නිසාවෙනි.. ඒ නිසාම මේවායේ නිර්මාතෲ හේමදාස ලියනගේ මැතිඳුන් කෙරෙහි ද මා තුළ ඇත්තේ.. ඉමහත් ගෞරවයකි.. එම ගෞරවය දෙගුන තෙගුන වන්නේ.. එතුමා තුළ ඇති අවංක හා ඍජු ගුණයන් දකින විටය..

කෙසේ හෝ පසුගිය සතියේ සඳස රේඩියෝවේ අනූෂා නිලන්තිකා මහත්මිය මා හට පැවසුවේ එම රේඩියෝවේ විකාශය වන "කවි සිතක් අද්දර" වැඩසටහනට මා තෝරාගත් බවකි.. ඒ සඳහා සහභාගී විය හැකිදැයි ඈ මා විමසුවාය.. මෙය මට මහත් සතුටක් වූ නිසාම එයට එකඟ වූයෙමි..

බොහෝ කරදර මධ්‍යයේ ස්කයිප් හරහා පටිගත කළ එම සාකඡ්ඡාව මෙහෙයවනු ලැබුවේ නෙරංජි ලියනගේ මෙනවියයි..

ඉතින් එය පසුගිය සිකුරාදා එනම් 17 වෙනිදා ශ්‍රී ලංකා වෙලාවෙන් රාත්‍රී 9.00 ට සඳස රේඩියෝවෙන් විකාශනය විය. මා වැනි අංකුර කවියෙකුට එවන් අවස්ථාවක් ලැබිම මහත් භාග්‍යයකි.. ඊටත් වඩා තවත් සඳස් කවි සමූහයක් වන සිහල කවි සංගමයට අයත් කෝකිල හඬ කවි සමූහයේ ඇඩ්මින් වරයෙකු වන මාව මේ සඳහා තෝරා ගැනීම පිළිබඳ  ඔවුන්ට ස්තුතිවන්ත විය යුත්තේ කවි සමූහ අතර සබැඳියාව වත්මනෙහි කාලීන අවශ්‍යතාවයක් නිසාවෙනි..

එම වැඩසටහන U Tube හී තැන්පත් කර ඇත්තේ මෙසේය..









එහෙනං ඔයාලත් මේවා අහලා ගුණ දොස් කියන්ටකෝ..

සඳස රේඩියෝවේ ෆේස්බුක් පිටුවටත් ගිහිං ලයික් එකක් දාන්ටකෝ..

4 comments:

  1. සඳස් කවියට කරන මෙහෙවර වෙනුවෙන් අපෙන් සුබ පැතුම් කිවිඳුනි චතුර. මා දැක තිබෙනවා ඔබ නිහඬව සඳස් කවි සයිබර් අවකාසයේ අතුරන අයුරු.

    නිහඬ කැටයම් කරු
    මවන කවිය පියකරු
    හැඩ වැඩ කර ඇතිරු
    කවි මල් වැලකි සොඳුරු

    උමතු ගී වෘන්තය
    එන්න යන්න නෙතින් එහා ලෝකය දකින්න

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍රදීප්.. නෙතින් එහා ලෝකයත් දැක්කා.. හරි අපූරුයි..

      Delete
  2. සුබපැතුම් චතුර ...වැඩසටහන අසන ගමන්

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..