Wednesday, September 25, 2013

බැරිදා විග්‍රහය ! රනිල් ගෙදර යයි ......?


රනිල් කිවුවාම ඉතිං රනිල් මල්ලවාරච්චි නොවේය. මේ කියන්නේ රනිල් වික්‍රමසිංහ මාමා ගැනය. රනිල් ට කවුරු මොනවා කිවුවත් මං තාමත් කැමති රනිල් ජනාධිපති වෙනවාට ය.. ඒ දේශපාලනේ ඉන්න එවුං එක්ක බැලුවාම රනිල් ට වඩා හොඳ එකෙක් හොයා ගන්ට අමාරු හින්දාය.

රනිල් කිවුවාම සමහරුන්ට මතක් වෙන්නේ බටලන්ද ය. ඒ කාලේ බටලන්ද වගේ තව ලන්ද වල් ගොඩක් තිබුණේ ය. ඒක කාලයේ වරද මිස රනිල්ගේ වරද ම නොවේය. ඒ වැරැද්ද කළේ ප්‍රේමදාස ඒකාධිපති ආණ්ඩුවේ යටහත් ඇමැත්තෙකු ලෙස ද නැත්නම්.. රනිල් ගේ ඕනෑ කමිං ම ද කියන්ට දන්නේ රනිල් ම ය. ලලිත් ලා ගාමිණී ලා ඒකාධිපති වියරුවට එරෙහිව නැගිටිනවිට.. නැගිට්ටෙ නැති එක නං රනිල් ගේ නොහොඹිනා කපටි කම ය. නැති නං නපුංසක කම ය. කෝක වෙතත් අද ඒකාධිපති වියරුවට එරෙහිව නැගිටින්ට ලලිත් හෝ ගාමිණී කෙනෙක් මෙලොව නැති එකේ අඩුව අපට දැනෙනවාය.

මෙරට මැතිවරණ පවත්වන වේගය බැලුවා ම රනිල් අඩුගානේ මැතිවරණ සෙන්චරියක් ව ත් පරාද වී ඇතැයි මට හිතෙනවාය. පරාජය ජයග්‍රහණයේ ආරම්භය කියා හිතුවාට හැමදාම ආරම්භයේ ඉන්ට බැරිය. අපි විකල්පයක් හොයන්ට ඕනෑය.

මගේ ඇණ ලැයිස්තුවට අනුව මෑත කාලයේ අපට හම්බ උන හොඳම හා උපරිම චෑන්ස් එක 2010 ජනාධිපතිවරණයට සරත් මාමා ඉදිරිපත් වූ අවස්ථාවය.. උන්නැහේ නොම්මර 17 වගේ ජෙන්ටල් මෑන් කෙනෙක් ය. වා නං වා ය. පෝ නං පෝ ය. වා පෝ දෙකක් නැතිය.  උන්නැහේ ආවෙත් තනියම නොවේය.. අලියයි සීනුවයි උන්නැහේට පුල් බකප් එක දුන්නේය. දේශපාලනයෙන් ගත්තත්, බුද්ධිමය පැත්තෙන් ගත්තත්, ආර්ථිකය පැත්තෙන් ගත්තත්.. උන්නැහේට රට කරන්ට ඕනෑ කරන හැම මෙවලමක්ම උන්නැහේ වටේ තිබුණේය. ඒත් උන්නැහේ ගියේ හිරේටය. මගේ හිතට දේශපාලන හේතුවක් මත එතරම් දුකක් දැනුණේ.. ගාමිණී දිසානායක මැරුණු දවසේ ය. අන්තිම බලාපොරොත්තුව අහිමි වීම කොච්චර කිවුවත් දුකක් ය.

දැං ඉතිං සරත් මාමා ට කොරන්ට හැකි යමක් තියේ දැයි විශ්වාස නැතිය. වටේ හිටි පට කොක්කු සේරම ඉගිල ගිය නිසා ය..

දැං ගහලා බලන්ට ඇත්තේ එක තුරුම්පුවය. ඒකත් කපෝතියෙන් බේරෙන්ටය.

රනිල් ගෙදර යා යුතුය..  එය අපට වැදගත් ය. රනිල් ගිහාම එන්නේ කවුද කියන එක ඊට වඩා වැදගත් ය. පේන මානයක හරි ඉන්නේ.. කරූ විතරමය.. කරූ ට ත් දාහතක් අරං ගිහිං තනියෙම ආ එකට  සමහරු අනං මනං කියනවා ය. මොනවා උනත් කරූ කරන්ට ගිය වැඩ වලිං මුලින්ම අනාගත්තේ එතන ය. අනික පක්ෂ නායකත්වයට ඡන්දය ඉල්ලීම ය. කරූ නිහඬ උනත්.. නියම ජෙන්ටල් මෑන්ය. උන්නැහේට ප්‍රේමදාස ප්‍රතිපත්තිවත්,.. ජේ ආර් ප්‍රතිපත්ති වත්, බණ්ඩාරනායක ප්‍රතිපත්ති වත්, රාජපක්ෂ ප්‍රතිපත්ති වත්, වික්‍රමසිංහ ප්‍රතිපත්ති වත් ඉස්සරහට ගෙනියන්ට උවමනාවක් නැත. උන්නැහේ මේ රට තිබූ තැනින් අඟලක් හරි ඉස්සරහට ගේන්ට පුළුවං වගේම ඡන්දේ දිනන්ටත් හොඳ අවස්ථාවක් තියෙන නායකයෙක්ය.

මේ පාර නං රනිල් ගෙදර යයි.. මට හිතෙන්නේ එහෙම ය.

ඒත් යන්නෙ නැත්නං තවත් එක කෙරෙමයක් තිබේ ය. රනිල් දෑත් ශක්තිමත් කරන්ට යෑමයි.. එමඟින් එජාපයේ අර්බුදයට සුළු හෝ සහනයක් හිමිවනවා පමණක් නොව.. රජයට වැඩක් කළ හැකි මිනිසෙකු එකතු වෙනවාය.. රනිල් විපක්ෂ නායකයා විදිහට අසාර්ථක උනාට.. ඇමැති කෙනෙක් විදිහට හා අගමැති විදිහට රට ඉස්සරහට ගෙන ගිය නායකයෙක්ය.. වාචාල වංශ වැනි ප්‍රගතිශීලී නායකයන් සිටින නිසා රාජ්‍ය දේපල (පවුල් වල අයට මිස) විකිණෙන එකක් නැතිය.  ඒ කෙරේමෙනුත් රට ගොඩ යන්න පොඩි චෑන්ස් එකක් තියෙනවාය..


ප. ලි.
මේ ක්‍රමයට ලියන්ට පොඩි ආශාවක් හිතුණ නිසයි මෙහෙම ලිවුවෙ.. දැං මේ රටාවට බොහෝ දෙනෙක් ලියනවානෙ..

එතකල් ඉන්න..

       
තම දරු ගඟට විසිකළ සැහැසිවු දිනිති
තම ඵල බුදින රුක් බඳු පියවරු රකිති
තම නට සොඳුරු දුදනො ද දෙවිවරු කරති
තම අඬහැරය අසරණ දුගියට නගති
  
නියමිත කලක් ඇත මල් විකසිත වෙන්න
මුකුලිත වෙන්න වුව යුතු නිසි කල එන්න
මිනිසුන් හදනු බැහැ පවසා තතු දන්න
කාලය තමයි විසඳුම එතකල් ඉන්න
  

Friday, September 20, 2013

වෙනදා වගෙ නෙවෙයි රා ටික අමුතු ...රසයි

                                        
දවසක් ගියා හැන්දෑවක ගමපැත්තේ
මාටිං නොමැත මුට්ටිය පමණයිඇත්තේ
හනිකට මුවට හලමින් සොට් එක ගත්තේ
හොර කමකට නෙවෙයි පවසමි මමසත්තේ
  
වෙනදා වගෙ නෙවෙයි රා ටික අමුතුරසයි
ටික ටික මගේ ඇඟපත හැම තැනමකසයි
නිදිමත නොවෙයි නැවතුවෙ මා බමනහිසයි
දැහැනක වැටුණු අයුරකි එම සුවයයසයි
  
නැත හිත ඇදෙන්නේ පෙර ලෙස හැමතැනම
විමසිලි නැඟෙයි ඉඳුරක සෙලැවුනතැනම
කය මගෙ තියෙන අතරේ එම සිටිතැනම
මිදෙනට යන හැඩයි යන්නට තැනතැනම
  
යනවිට ගම මැදින් හනිකට අඳුරවකා
මඟ හමු වුණා මහසොන් යැයි කියනයකා
මොනවා වුණත් ඒකා මහ බොළඳඑකා
බැලුවා මා දිහා සිය තොල් යුවළ විකා
  
කුමරුනි කොහිද යන්නේ මේහැන්දෑවේ
අමතක ඇයිද ජයසෙන් මංලංකාවේ
එකවර මටත් අමුතුම බලයක්ආවේ
මොහු සෙබලෙක්ය පෙර කල මගෙහමුදාවේ
  
මොකටද වැඩි කතා චෙරියෝ කියල'මම
ඇවිදන් ගියා අඩිපාරේ තිබුණුඑම
සයිමන් හනික දිව යයි වෙත නිවසතම
කුකුලෙකු අතෙහි ඇත පණ කඳ නොවුනුනිම
  
සයිමා නොදැක්කට මං කවුරුදකියලා
කුකුළා හඬ තලයි එක වර මංදැකලා
අඳුණනවද බැලිමි යළි එබිකම්කරලා
අප හමු වෙලා ඇත කලකට පෙරඉඳලා
  
පෙර භවයකදි කුකුළා මගෙ පියසොයුරූ
සයිමා එකල ඉඳළා අපහටසතුරූ
සොයුරා අවසනදි විය සයිමටනපුරූ
එනිසයි නපුරු කම සයිමා යළිපැතිරූ
  
සයිමෝ අතහරිනු දැන් ඔය දුබලසතා
කීවෙමි හනික උගෙ පණ බේරනටපතා
සයිමට ඇසුණෙ නෑ මා කිවු සමඟිකතා
බැහැ වළකන්ට ඇති කරුමය ගතිමිසිතා
  
හැරුණෙමි යළිත් මගෙ කය වෙත යනලෙසට
තේරුම් ගතිමි කරුමය පළ දෙනබවට
අනුනගෙ පවු එපා ගන්නට තමඇඟට
එළියට යළිත් නොම එනු කීවෙමිසිතට
  

Thursday, September 12, 2013

හිතේ මැවුණ රුව නුඹගෙයි දුටුවෙ පමා වෙලා....

නීල නයන දිගු ඉඳුවර නුඹට උරුම .....වෙච්චී
මාල වළලු අරුමෝසම් තාලෙට හෙල..වෙච්චී
ආල වඩන ඉඳුරන් මගෙ හීනෙට බර ...වෙච්චී
බාල උනත් නුඹ ගැන සිත ආලය ඇති .වෙච්චී

සතේ නැතත් මං ඉන්නම් කියා ආව .......පලා
පතේ බතුත් නැතැයි ඇයත් කියයි කඳුළු ..සලා
ගතේ දිරිය තිබුණට මම හිඳිමි වෙමින් ....මුළා
හිතේ මැවුණ රුව නුඹගෙයි දුටුවෙ පමා වෙලා

සඳේ රුවට කැටයම් කළ මූණ ටිකක් ...හරවා
විදේසයෙන් ගෙනා සුවඳ පුයර හිතේ ...පුරවා
හදේ පතුල පෙනෙන ලෙසට සිනහ වීසි කරවා
ළඳේ වචන දෙකක් කියන් මගේ හීන ..මරවා


Friday, September 6, 2013

දිලෙනු ගගනත සුපිපි සඳ මෙන

සතුටින් ඔද වැඩෙන
සෙනෙහෙන් අපව සනහන
මිතු දම් නිති රකින
නුඹ මගේ දියණියයි සැම දින

දැන් හය වසරකී
පීදෙන නැවුම් මලකී
වූවද ලොකු එකී
තාම නුඹ මට තෙමස් සෙයකී

මනුදම් හැඳිනගෙන
ගුණදම් නිති වඩවගෙන
සිරිදම් සිතට ගෙන
දිලෙනු ගගනත සුපිපි සඳ මෙන

Tuesday, September 3, 2013

අපිත් එක්ක සැට් වෙන්නේ..

ඔෆිස් එන්න උදේම
මා නැඟි බස් රියේම
ගෑණු ළමයි වට කරගෙන
කොල්ලන් හැම වෙලේම

මගේ තරුණ කාලයේ
සෙල්ලං මතකය තියේ
ගෑණු ළමයි මා අසලම
දැවටි දැවටි නොවැ ගියේ

මුංගෙ සද්දෙ හරි වදේ
ඇති වගෙ බරටම තදේ
ඒ කාලේ ලවු කෙරුවේ
ඔහොම නෙවෙයි අපි හොඳේ

ඇවිදින් ආයතනෙ වෙත
දැමුවා එෆ් බි ය ට අත
හරි ලස්සන කෙල්ලො පිරිල'
ඒ වෙතමයි යන්නෙ හිත

කෙල්ලෝ චැට් නොම කරයි
කොල්ලන් වෙතටම දුවයි
අපිත් එක්ක සැට් වෙන්නේ
නාකි හුටප්පර තමයි