දවසක් ගියා හැන්දෑවක ගම | පැත්තේ |
මාටිං නොමැත මුට්ටිය පමණයි | ඇත්තේ |
හනිකට මුවට හලමින් සොට් එක | ගත්තේ |
හොර කමකට නෙවෙයි පවසමි මම | සත්තේ |
වෙනදා වගෙ නෙවෙයි රා ටික අමුතු | රසයි |
ටික ටික මගේ ඇඟපත හැම තැනම | කසයි |
නිදිමත නොවෙයි නැවතුවෙ මා බමන | හිසයි |
දැහැනක වැටුණු අයුරකි එම සුවය | යසයි |
නැත හිත ඇදෙන්නේ පෙර ලෙස හැම | තැනම |
විමසිලි නැඟෙයි ඉඳුරක සෙලැවුන | තැනම |
කය මගෙ තියෙන අතරේ එම සිටි | තැනම |
මිදෙනට යන හැඩයි යන්නට තැන | තැනම |
යනවිට ගම මැදින් හනිකට අඳුර | වකා |
මඟ හමු වුණා මහසොන් යැයි කියන | යකා |
මොනවා වුණත් ඒකා මහ බොළඳ | එකා |
බැලුවා මා දිහා සිය තොල් යුවළ | විකා |
කුමරුනි කොහිද යන්නේ මේ | හැන්දෑවේ |
අමතක ඇයිද ජයසෙන් මං | ලංකාවේ |
එකවර මටත් අමුතුම බලයක් | ආවේ |
මොහු සෙබලෙක්ය පෙර කල මගෙ | හමුදාවේ |
මොකටද වැඩි කතා චෙරියෝ කියල' | මම |
ඇවිදන් ගියා අඩිපාරේ තිබුණු | එම |
සයිමන් හනික දිව යයි වෙත නිවස | තම |
කුකුලෙකු අතෙහි ඇත පණ කඳ නොවුනු | නිම |
සයිමා නොදැක්කට මං කවුරුද | කියලා |
කුකුළා හඬ තලයි එක වර මං | දැකලා |
අඳුණනවද බැලිමි යළි එබිකම් | කරලා |
අප හමු වෙලා ඇත කලකට පෙර | ඉඳලා |
පෙර භවයකදි කුකුළා මගෙ පිය | සොයුරූ |
සයිමා එකල ඉඳළා අපහට | සතුරූ |
සොයුරා අවසනදි විය සයිමට | නපුරූ |
එනිසයි නපුරු කම සයිමා යළි | පැතිරූ |
සයිමෝ අතහරිනු දැන් ඔය දුබල | සතා |
කීවෙමි හනික උගෙ පණ බේරනට | පතා |
සයිමට ඇසුණෙ නෑ මා කිවු සමඟි | කතා |
බැහැ වළකන්ට ඇති කරුමය ගතිමි | සිතා |
හැරුණෙමි යළිත් මගෙ කය වෙත යන | ලෙසට |
තේරුම් ගතිමි කරුමය පළ දෙන | බවට |
අනුනගෙ පවු එපා ගන්නට තම | ඇඟට |
එළියට යළිත් නොම එනු කීවෙමි | සිතට |
මම.. හදපතුලෙන් ම නැගෙන අදහස් අකුරු කරමි... ඔබ .. එය කියවන්න.. රස විඳින්න .. විවේචනය කරන්න... අපි .. මේ ලෝකය මොහොතකට සුන්දර කරමු...
Friday, September 20, 2013
වෙනදා වගෙ නෙවෙයි රා ටික අමුතු ...රසයි
Subscribe to:
Post Comments (Atom)
අපොයි ඔව් හිත අල්ලගනිං හයියෙන්...
ReplyDeleteමේං අල්ලගත්තා..
Deleteඅර කවි ඇලයින් කරන ක්‍රමය අත්හදා බැලුවොත් නරකෙයි...???
ReplyDeleteඔන්න මිත්‍රයා කිවුව හිංදා ඇලැයින් කොරන්ට තීරණය කොළා.. ශාන් දිසානායක මලයට තමයි පින..
Deleteනොනැවති ගලා ගිය රස කවි ගඟුලැල්ලක්
ReplyDeleteඑය මදි කියා පවසන නැති නැවතිල්ලක්
සිත තුළ මවා මුව අග පිපි හසරැල්ලක්
දෙනතුරු ලියා තවකෙක නැහැ ඉවසිල්ලක්
ඇගැයුම මහමෙරකි එය මට ......සැනසිල්ලක්
Deleteඔබෙ කවි කමත් නොම වනු ඇත නැවතිල්ලක්
දිරි ගෙන යළි ලියමි රස බර ........සිතුවිල්ලක්
එතකං මට දෙන්න මොහොතක ..නැවතිල්ලක්
චතුරගේ හතර පදේ කවි කොහොමත් රසයි. අද රා ටික වගේ අමුතුම රසයක්.
ReplyDeleteබෝම ස්තුතියි කීවුවා ඕං..
Delete