Tuesday, September 3, 2013

අපිත් එක්ක සැට් වෙන්නේ..

ඔෆිස් එන්න උදේම
මා නැඟි බස් රියේම
ගෑණු ළමයි වට කරගෙන
කොල්ලන් හැම වෙලේම

මගේ තරුණ කාලයේ
සෙල්ලං මතකය තියේ
ගෑණු ළමයි මා අසලම
දැවටි දැවටි නොවැ ගියේ

මුංගෙ සද්දෙ හරි වදේ
ඇති වගෙ බරටම තදේ
ඒ කාලේ ලවු කෙරුවේ
ඔහොම නෙවෙයි අපි හොඳේ

ඇවිදින් ආයතනෙ වෙත
දැමුවා එෆ් බි ය ට අත
හරි ලස්සන කෙල්ලො පිරිල'
ඒ වෙතමයි යන්නෙ හිත

කෙල්ලෝ චැට් නොම කරයි
කොල්ලන් වෙතටම දුවයි
අපිත් එක්ක සැට් වෙන්නේ
නාකි හුටප්පර තමයි

10 comments:

  1. හිතේ දුකට මේ පැල් කවි කියවෙන්නේ .........

    ReplyDelete
    Replies
    1. ඉරිසියාවටයි මේවා ලියැවෙන්නේ... :D

      Delete
  2. යකාගෙ හැටියටලු විමානෙ!

    ReplyDelete
    Replies
    1. ඒක හැබැයි.. ලස්සන යක්කුන්ට වඩා දස්ස යක්කුන්ගෙ විමාන ලොකුයි..

      Delete
  3. Replies
    1. ඇඬෙනවදත් අහනවා.. හික්.. හික්..

      Delete
  4. දුකේ බෑ බොලං

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..