| තම දරු ගඟට විසිකළ සැහැසිවු | දිනිති |
| තම ඵල බුදින රුක් බඳු පියවරු | රකිති |
| තම නට සොඳුරු දුදනො ද දෙවිවරු | කරති |
| තම අඬහැරය අසරණ දුගියට | නගති |
| නියමිත කලක් ඇත මල් විකසිත | වෙන්න |
| මුකුලිත වෙන්න වුව යුතු නිසි කල | එන්න |
| මිනිසුන් හදනු බැහැ පවසා තතු | දන්න |
| කාලය තමයි විසඳුම එතකල් | ඉන්න |
ඔව් කාලය හොඳ විසඳුමක්.
ReplyDeleteහොඳම එකක්.. නේද?
Deleteඔව් චතුර.....ඕක තමයි ඇත්ත..
ReplyDeleteඒකනෙ.. බොහොම ස්තුතියි දිරිගැන්වීමට..
Delete