දවසක් දෙකක් නොව තෙවසරකට .....වැඩිය
හෙමිහිට නමුදු නැංගෙමි පඩියෙන් .......පඩිය
ලද සහයෝගෙ ඔබ ගෙන් ගෙන දුනි ...එඩිය
දැම්මෙමි මමත් එහෙනම් ලස්සෙට ..කොඩිය
කවියෙන් පටන් ගත්තෙමි යන්තම් ....අමුණා
හරියට කවි හදන්ටත් ඉඩ කඩ ..........ලැබුණා
පැදියට ගැදියටත් සහයෝගය ..........තිබුණා
බැරිදා විග්‍රහය ජීවිතයට .....................එබුණා
පළවෙනි කමෙන්ටුව ගෙන ආ මිතුරු .....දුකා
"මනුසත්" දෙවැනි.. "බිඟුවා" ලෙංගතුම ...එකා
ඔය වගෙ බොහෝ අය සිටියා තනිය ......මකා
හැම ගැන කියනු බැහැ පින් දෙමි කඳුළු ..වකා
මුලදී මටත් දැමුවට එක එක ................කින්ඩී
අමතක කරනු බැහැ අවකාශයෙ ..........සින්ඩී
ගැහුවට පම්පෝරි අද වාගේ ...............චණ්ඩී
සින්ඩිය නොවෙන්නට "හදපතුල"ත් නොන්ඩී
පෙර දින දුන්නු සහයෝගය දෙගුණ ....කර
පිය මැන යන්න ලොව වෙත එය එකළු කර
මට අත දෙන්න ඔබෙ අදහස් අවදි .......කර
සලකමි ඔබට මගෙ කවි හිත පුබුදු .......කර
සුභ පැතුම් මචං . . දිගටම ලියන්න . . මේක හරිම ජොලි හොබී එකක් . .
ReplyDeleteකාලය තියෙනවා නම් මේක හරි විනෝදයි තමා මචං.. උඹ මට මුලින්ම කමෙන්ටුවක් දාලා දීපු දිරිය මට තවම මතකයි.. අද පෝස්ටුවටත් උඹම මුල් කමෙන්ටුව දැමීමත් හරි අපූරු දෙයක්..
Deleteහෙ හෙ හේ . . සිරාවටම . . ඒ වගේම අහම්බෙන් බස් එකේදි දැකලා උඹ අහවල් එකා නේද කියලා මම උඹට කතා කරපු එක? හෙ හෙ හේ . .
Deleteඒක නං තවමත් පුදුමයි.. මීට අවුරුදු 2කට විතර කලිං.. ඒත් ඊට පස්සෙ තාම බැරි උනානෙ.. මුනගැහෙන්න.. හෙක්.. හෙක්.. කවදාහරි හමුවෙමු..
Deleteකවියන් කුකවියන් අතරෙහි සරන සඳේ
ReplyDeleteදැනුනයි සිසිල පතුලම අල්ලනා හදේ
යමු යමු පෙරට අප ඉන්නව දමං කදේ
ලස්සෙද, දෙලස්සෙද, ඔව්වා මොටද වදේ
පිළිගමි අයියෙ ඔබ ඒ කියු කරුණු ...ටික
Deleteඉඳහිට හොඳයි ආවර්ජන කරන .......එක
එනිසයි ලිවුවෙ ඒ ගැන කවි පෙළක් .එක
මගෙ සිත සතුට උතුරයි ඔබෙ කවක් දැක
ජය වේවා.. මම ඒක බලන් හිටියේ...පහුගිය එකට ප්‍රතිචාරය දාද්දි.. සුභ පැතුම්...
ReplyDeleteබොහොම ස්තුතියි සහෝදරයා.. ඔයාලා අපට බොහොම ලොකු ශක්තියක් හැමදාම..
Deleteසුබ පැතුම් සහෝදරයා.........දිගටම ලියමු හැකි හැම විට ගොඩ වදිනවා අපිත්.
ReplyDeleteබොහොම ස්තුතියි නලීන් සහෝ.. ඔබ හැමගේ ශක්තියෙන් තමයි මෙතෙක් දුරත් ආවෙ..
Deleteඑන හැම අයෙකුටම යමක් අරන් යන්න පුළුවන් තැනක් හැටියට හදපතුල හැමදා රැකේවා. හදපතුලට සුබ පැතුම්!
ReplyDeleteපැතුමට බොහොම ස්තුතියි ඩීන් අයියා
Deleteමගෙනුත් සුබ පැතුම් අයියා !
ReplyDeleteඅපිට ඉතිං කයි නම් බෑ, කවියෙන් සුබ පතන්න, ඔයා ඉතිං කවි කියන නිසානේ අපි හැමදාම ඇවිත් කියවල යන්නෙ. ලක්‍ෂපතියෙක් වෙච්ච එකේ ඉක්මනින්ම දසලක්‍ෂපතියෙක් වෙන්නත් වාසනාව ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා නැවතත්.
කවි නැතුවට මොකෝ.. ඔය සුබ පැතුම කවියක් තරම්ම වටිනවා..
Deleteනියමයි! ඔහොමම පාගලා යමු. ජයවේවා.
ReplyDeleteබොහොම ස්තුතියි සහෝ..
Deleteසුභ පතමි හදවතින්ම.. කයියත් අපූරුයි !!
ReplyDeleteබොහොම ස්තුතියි සමී..
Deleteපස්ට කවි ටික... මගේ සුභ පැතුම්
ReplyDeleteතිසරටත් බොහොම ස්තුතියි..
DeleteGreat !! :D :D
ReplyDelete** Free Download World - http://www.AllSevenNet.blogspot.com **
Thanks.. Kistlak..
Deleteහරිම රසවත්.ඔබට ජයෙන් ජයම වේවා!!!
ReplyDeleteබොහොම ස්තුතියි.. සහෝ..
Delete