Thursday, January 26, 2012

කොම්පියුටරේ එක්ක මගේ ගමන - 1

සයිබරය කියන්නේ නිම් හිම් නැති අවකාශයක් නොවැ.. මටම අමතක නොවෙන්ට කියලා ඔය කොම්පියුටරේ එක්ක මං ආපු ගමන ගැන තියෙන මතක මංපෙත මෙතන දිග හරින්ට හිතුණා.. ඔයාලටත් ඔයාලගේ මතක මතක් වෙන්ටත්, අපේ කාලෙයි ඔයාලගේ කාලෙයි කොයි තරම් වෙනස් ද කියලා හිතා ගන්ටත් එක්ක..

මට අවුරුදු 8-9 ක් විතර කාලයේ අපේ ගෙදරට කොම්පියුටරයක් ගෙනාවා.. ඒක මේ දැං කාලෙ වගේ එකක් නෙවෙයි.. අපි ඔය පරිගණකයේ ඉතිහාසය කියලා ඉගෙන ගන්න ජාතියෙ එකකුත් නෙවෙයි..  මතක විදිහට ඒක නිකං පොඩි කී බෝඩ් එකක් තරං භාණ්ඩයක්.. මේකෙ වයර් එකක් විදුලියටත් තවත් වයර් එකක් රූප පෙට්ටියේ ඇන්ටනා ජැක් එකටත් සම්බන්ධ වෙලා තිබුණා.... ඊට පස්සේ රූප පෙට්ටිය ටියුන් කොරලා චැනල් එකක් වගේ දෙයක් අහු වෙනවා.. දැන් තියෙන්නේ ප්‍රෝග්‍රෑම් ලියන්න... ඒ ප්‍රෝග්‍රෑම් එක රන් කළාම එක එක විදිහේ ඩිසයින් එනවා..  ඔච්චර තමයි ඕකෙන් වෙන්නේ..  මේකට අපි කොම්පියුටරේ කිවුවට.. මේක කොම්පියුටරයක්ම නෙවෙයි මයෙ හිතේ..

කොහොම හරි කොම්පියුටරෙත් එක්ක ඊළඟ අත්දැකීම හම්බවුණේ මගේ පාසැල් මිතුරා ගයාන් ගේ ගෙදරදී..එතකොට මගේ වයස අවුරුදු 18ක් විතර ඇති. ගයාන්ට මොකක්ද ප්‍රදර්ශනයකට ගිහිං ගත්තු ටිකට් එකකින් කොම්පියුටරයක් ඇදිලා ඒකෙ ප්‍රොසෙසර් එක 486 වගේ තමයි මතක.. ඒ කියන්නේ ඒ කාලෙ හොඳම වගේ එකක්.. 1995 විතරනේ.. DOS තමයි මෙහෙයුම් පද්ධතිය. ඒකෙ කී බෝඩ් එකේ අකුරක් එබුවහම අකුරු පහක් විතර ටයිප් වුණා මතකයි..  හුරු නැති නිසා..

ඊටත් අවුරුදු 2කට විතර පස්සේ කොම්පියුටරේ ගැන තවත් අත්දැකීමක් ලැබුණා..
උසස් පෙළින් පස්සේ සුමේධ සර් ගේ Beeta Computer Institute එකේ Basic ඉගෙන ගන්න ගියා..
පරිගණක අධ්‍යාපනයේ මුලික කොටස කියලා දෙනවා කියලා තමයි අපි හිතං හිටියේ.. හොඳ හැඳින්වීමක්, පැහැදිලි කිරීමක් එහෙම කරලා, Flow Charts වගේ Data Structures එහෙමත් ටිකක් කියලා දුන්නට පස්සේ ආයිත් Basic උගන්නන්න පටං ගත්ත එක ගැන පොඩ්ඩක් අමුත්තක් හිතුණත්... අපිට කොම්පියුටරේ මුලින්ම වැඩ කරන්න දුන්නේ Basic කියලා දෙන්න පටං ගත්තට පස්සේ හින්දා, හිත හදාගෙන ලස්සනට පාඨමාලාව අහවර කළා.. (සෑහෙන කාලෙකට පස්සේ තමයි තේරුණේ අපි Basic  කියලා ඉගෙන ගෙන තියෙන්නේ GW Basic කියන Programming Language එක කියලා..

ඊළඟ අවුරුද්දේ හැකියාවට රැකියාවක් කියලා  Langway Institute කියන ආයතනයෙන් දාලා තිබුණු ඇඩ් එකක් අනුව ගිහිං ටයිප් කොරන්න ඉගෙන ගත්තා.. (දෙයියන්නෙ පිහිටෙං මට කී බෝඩ් බලන්නෙ නැතුව ටයිප් කරන්න පුළුවං වුණේ Langway Institute එකට පිං සිද්ධ වෙන්න..)

ඊලඟ අවුරුද්දේ, ඒ කියන්නේ 1998 විතර MyData කියලා ආයතනයක Data Entry Operator කෙනෙක් විදිහට සති දෙකක් විතර රස්සාවට ගියේ, රස්සාවකට යන්න ඕන කමකට ම නෙවෙයි ඕං.. (ඒ ගැන අහන්න එපෝ..) කොහොම හරි දවස් 2-3 නිවාඩුවක් ඉඳලා යනකොට කොම්පැණිය නෑ..

ඒ අවුරුද්දෙම 3 වැනි අති සාර්ථක වතාවටත් උ/පෙ ලියලා ඉවර වෙලා නොමිලේ ශිෂ්‍යත්ව දෙන කොම්පියුටර් විභාග වලට ලිවුවා.. ඔන්න එකක් සැට් වුණා... ලි.ප. ගාස්තුව විතරයි.. තිබුණේ කාසල් එක ඉස්සරහා.. Western Micro Information Systems කියලා ආයතනයක්... ඒක කරගන යන අතරේ හිතුනා මේක නම් මදි තව මොකක් හරි කොරන්න ඕන කියලා.. ඔය අතරේ තමයි ආරංචි වුණේ..  Open University එකේ Computer Course එකක් තියෙනවයි කියලා.. ඔන්න ඉතිං මං මගේ තව යාළුවෙකුත් එක්ක ගියා  Open University එකට ඉල්ලුම් පතක් ගන්ට..
අපි: Computer Course එකට  Application Form එකක් දෙනවද?
OU: Engineering ද?  Stand Alone ද?
අපි: (මූණට මූණ බලා ගනිමින් ටික වෙලාවක් හිඳ ඕන මඟුලක් කියලා.... ) Engineering
OU: Medium එක Sinhala ද?  English ද?
අපි: (මූණට මූණ බලා ගනිමින් ටික වෙලාවක් හිඳ ඕන මඟුලක් කියලා.... ) English

ඔන්න ඔහොම විවෘත සරසවියේ ඩිග්‍රිය කරන්න පටං ගත්තු අපි..ටික කාලෙකිං දැන ගත්තා Internet  කියලා අහවල් එකක් තියෙනවා කියලා..  yaahoo එකේ Mail Accounts එහෙමත් හදා ගත්තා..  දැං අර class එකේ Pascal වගේ  Programming Languages එහෙමත් හීනියට උගන්වනවා.. OU එකේදී Pascal  විෂය ටිකක් දක්ෂයෙක් වගේ හදාරන්න මට ඒක වාසියක් වෙන්න ඇති..

ඊට පස්සේ 2000 අවුරුද්දේ මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානයේ දෘඩාංග පාඨමාලාවක් කළා.. ඒ කාලේ තමයි ටිකක් වැඩිපුර කොම්පියුටරේ ගැජට්, බැජට් ඇල්ලුවේ කළේ.. ඒ කාලෙම මං කොම්පියුටරයක් ගත්තා.. ඒක 486 එකක්.. RAM 8Mb, HDD 350 MB, Clock speed 66 Mhz.. කොහොමද පාර.. OS එකWindows 95.

ඔන්න මං මාස 3.5 ක පුහුණුවකට ගියා .. Informatics කියන ආයතනයට.. මුලින් මාස 2ක් මොනිටර්, ප්‍රින්ටර් හදන Workshop එකකත් ඉතුරු ටික Computer WorkShop එකකත් හිටියා.. එහේ ඉන්න කාලෙ ඉද හිටලා ඉන්ටර්නෙට් ගියා..

Programming වලට අදාල පුහුණුව ගත්තේ OU එකේ මයි.. දැනුම සඳහා Web එක පරිහරණය කරන හැටි ගැන මේ කාලයේ වැඩි අවබෝධයක් ලැබුණා..

ඊට පස්සේ Programmer කෙනෙක් විදිහට වැඩ කරන්න ගත්තාම නිතර E-Mail පරිහරණය කළා..vbforums.com, srilanka.net forum වගේ ෆෝරම් වලින් සමූහයක් එක්ක වැඩ කරන්න හොඳට අත් දැකීම් ලැබුණා..

මං මුලින්ම මොනවා හරි හොයන්න ගිහිං Elakiri.com කියන අඩවියේ සාමාජිකයෙක් වුණා..  ඒ වෙනකොට ෆේස්බුක් සාමාජිකයෙක් වෙලා තිබුණද කියලා මතක නෑ.. හැබැයි ඒ තරම් ක්‍රියාකාරී නෑ කියලා නම් මතකයි.. Elakiri වලින් තමයි මං ආයෙත් කලාවට බැස්සේ.. ඊට පස්සේ සයිබර් ලෝකේ මං ආපු දුර ගැන ඊලඟ ලිපියෙන් ලියන්නම්.. එළකිරිය තමයි මගේ සයිබරයේ දොර..

7 comments:

  1. මේ කථා‍‍වේ සමහර කොටස් මටත් ඒ විදිහටම අදාලයි වගේ....

    ReplyDelete
  2. චතුර මල්ලීව එළකිරියේදි තමයි මටත් හමු උනේ. ඒ අතීතය මතක් කලාට තුති. ආ මග කෙටියි,යා යුතු මග බොහෝ දුර බව තමයි මට කියන්න තියෙන්නේ. ඔබේ හැකියාව ගොඩාක් දුරකට ඔබව ගෙනියාවි. ඔබේ හැදියාව ඒ මග ආලෝක කරාවි. ජයෙන් ජයම වේවා!

    ReplyDelete
  3. ඊලඟ ලිපිය කියවන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

    ReplyDelete
  4. හැකි ඉක්මනින් දෙන්නම්..

    ReplyDelete
  5. බොහොම ස්තුතියි.. අක්කේ.. මටත් ඒ මතකයන් බොහොම වටිනවා..

    ReplyDelete
  6. එහෙනම් විරාජුත් අපේ සමකාලීනයෙක් වෙන්ටෑ..

    ReplyDelete
  7. ඕං චතුර මල්ලි ගොඩාක් මතක අවදි කරලා.

    අර ටීවී එකට හයි කල කොම්පියුටරය සින්ක්ලෙයාර්, අටාරි වගේ හෝම් කොම්පියුටරයක් වෙන්න ඕනේ.

    ඒ අත්දැකීම් අනුව හිතාගන්න 80දශකයේ මුල ලංකාවේ කොම්පියුටර් ක්ෂේත්‍රය මොන විදියේ වෙන්න ඇද්ද. හැබැයි ඒ කාලේ අසල්වැසි ඉංදියාවට වඩා අපි ගොඩාක් ඉදිරියෙන් හිටියේ.

    මං මුලදී පාවිච්චි කර IBM PC එක 10 Mhz

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..