Wednesday, May 30, 2012

වෙයා...

 වෙයා කියා සිංහල වචනයක් ඇති දැයි මා දන්නේ නැත. ඒත් ඉංගිරිසියට නම් මේ "වෙයා" ව නැතිවම බැරිය. මං ලඟින්ම ඇසුරු කරන්නේ කොම්පීතරය හින්දා එතැනින් පටං ගත්තොත්..


කොම්පීතරයත් එක්ක සහවාස වන "වෙයා" හතරක් ඇත. ඒ හා(ර්)ඩ් වෙයා, සොෆ්ට්වෙයා, ලයිවු වෙයා සහ ෆර්ම් වෙයා ලෙසිනි.. මෙයිනුත් මට සමීප වී ඇත්තේ සොෆ්ට්වෙයා ය. සොෆ්ට්වෙයා කීවාමත් ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයා සහ සිස්ටම් සොෆ්ට්වෙයා ලෙස භාවිත වේ.. මේවායින් සමහරක් ෆ්‍රී වෙයා වන අතර අනෙක් සමහර ඒවාට ගෙවන්ට ගිහාම නෝ වෙයා වන බව ද මතක් කළ යුතුය. සමහර සොෆ්ට්වෙයා හොයන්න අපට වෙබ් එකේ එවුරි වෙයා හොයන්ට වෙනවාය. සම්වෙයා හරි තිබුණොත් හොඳය. නැතිනම් නෝ වෙයා ම තමාය. දැං කොම්පීතරේට වඩා සොෆ්ට්වෙයා ෆෝන් එකට තියෙනවාය...


කොම්පීතර් ගැන කතා කරද්දි හමුවෙන හාඩ්වෙයා වලට අමතරව තවත් හාඩ්වෙයා වර්ගයක් තිබේ.. ඒ ගොඩනැගිලි ද්‍රව්‍ය වගේ ඒවා විකුණන කඩ විශේෂයකි. මේක නම් බලා ඉන්දැද්දි දියුණුවෙන්ට ඇහැකි බිසිනොස් එකකි.. 


කොහොම කිවුවත් අපට වඩාත්ම සමීප වෙයා එක අන්ඩ වෙයා එකය.. මෙයට අමතරව, සැනිටරි වෙයා, ෆූට් වෙයා, වගේ ඇඳ පැළඳ ගන්ට පාවිච්චි කරන වෙයා වර්ගත් එමටය..


නාන කාමර උපකරණ ආදී දෑ වලට බාත්වෙයා කියා කියනවාය.


අවෙයා කියන්නේ "දන්නා" කියන එකටය. බිවෙයා කියන්නේ පරෙස්සම් වෙන්ට කියන එකටය.  මෙන්න මෙතැනට ගියොත් වෙයා අගට යෙදෙන වචන පනස් ගනණක් බලා ගත හැකිය..

ඔය ඔක්කොටමත් අමතරව "කොතනද" යන අරුතින් හා වාක්‍ය සම්බන්ධ කරන්නත් වෙයා යොදනවාය....


කොහොම වුණත් "වෙයා" කියන්නේ කටේ නිතර මිමිණෙන වචනයක්ය 





14 comments:

  1. ම් ... මොකද මේ එක පාර හිටී ගමන් ‘වෙයා‘ මතක් වෙල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. නෑ ඉතිං.. අපිට නිතරම කතාකෙරෙන බොහෝ දේවල් වලට වෙයා සම්බන්ධ බව නිකමට වගේ හිතුනා..

      Delete
  2. අන්ඩ කෝෂ වලට අන්දවන අන්ඩර්වෙයා අමතක වෙලා.

    ReplyDelete
    Replies
    1. එහෙම අමතක වෙලා කොහොමද..? ඒක නොවැ අපට වඩාත් සමීප වෙයා එක.. නිහාල්ට මඟ ඇරෙන්ට ඇති..

      Delete
    2. ඇත්ත නේන්නං.. මට මග ඇරිලා. ඒත් බීච් වෙයා beachwear නං අර ලිස්ට් එකෙත් නෑ වගේ.

      Delete
    3. ඒක හැබෑව.. මොකද එතන තියෙන්නේ "ware" වලින් අවසන් වෙන ඒවා නොවැ... සද්දෙ "වෙයා" කියලා ආවට ඉංගිරිසියෙ එක එක විදිහට නොවැ ලියන්නෙ..

      Delete
  3. සිංහලෙන් වෙයා නැති වුණාට වේයා නම් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. වේයෝ සැට් වුණොත් නම්.. නෝ වෙයා..

      Delete
  4. Replies
    1. ඒක අර මං දීලා තියෙන ලින්ක් එකේ තියෙන ලිස්ට් එකෙත් තියෙනවා.. බොහොම ස්තුතියි..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..