පළමු කොටසට
මං මගේ බිරිඳත් එක්ක ගමනක් යනවා.. ජීප් රථයක නැඟලා.. හදිසියේ ගැහැණු කෙනෙක් වාහනයට අත දැම්මා..
මාත්තියා මාව වෙදමාතියා ගාවට එක්ක යන්න.. දෙමළ කාන්තාවගෙන් ආයාචනයක්.. ඇය තරමක අසනීපයෙන් සිටි බවකුයි පෙනුණේ.. දරුණු උණක් ඇයට වැළඳිලා තිබුණා.. ඇයට ජීප් රථයේ පිටුපසින් නඟින්න කිවුවා.. ඇය අප දෙස බැලුවේ, අප හා කතා කළේ බොහොම හිතවත්ව.. ලෙංගතුව... ඇයගේ නම තංගමනී.. ජීප් රථයේ යද්දිත් හම්බ වුණා අර උමඟ... ඒක කොහොමද මෙතැනට ආවේ.. සිතුවිලි දිගින් දිගටම හිතෙන්න ගත්තා.. මට මතක් වුණේ සූරිය ආරච්චි මහත්තයාගේ ඔවදන..
ඔය වංගු තියෙන උමඟ ඇතුලින් යද්දී.. හිතට මුලා වෙන්නෙ නැතුව යන්න..
තංගමනී මේ ළඟමද? හනිකට ඇයගෙන් පැනයක් ඇසුවේ.. ඇයවත්, මගේ බිරිඳවත් දැහැනින් මුදවා ගන්ටයි..
අප තංගමනීව වෙද මහත්තයා ලඟට එක්ක ගියා..වෙද මහත්තයා හිටියේ මිදුලේ... පුදුමයක්.. මේ ඉන්නෙ සූරිය ආරච්චි මහත්තයා නේ..
මං වාහනේ නවත්තලා එතුමා වෙතට ගියා.. මෙයා මට හම්බ වුණේ කොයි කාලෙද..? මට නිනවු නෑ.. එච්චර කාලයක් ගිහිල්ලත්.. ඉස්සර වගේමයි.. අනේ මන්දා..? අර අද්භූත වැඩ කර කර හිටිය මනුස්සයා.. වෙද මහත්තයෙක් වුණේ කොහොමද..?
වෙදමහත්තයාගෙ නම සුරිය ආරච්චි ද?
අනේ නෑ මහත්තයෝ.. මගෙ නම මුදියාන්සෙ..
හ්ම්..
මං නිහඬවම ජීප් රියට ගොඩ වුණා..
ඔයා ඒ වෙද මහත්තයාව අඳුණනවාද? බිරිඳ ගේ පැනයට.. දෙන පිළිතුර මොකක්ද කියලා මට හිතාගන්ට බැරි වුණ නිසා මං නිහඬවම හිටියා..
මතු සම්බන්ධයි..
මුලා වෙන්න එපා කිව්වේ ඒක හින්දද.. ? මට අගක් මුලක් නෑ...
ReplyDeleteලියගෙන යමුකෝ......
මටත් එහෙමයි..!
Deleteකියවමි... රසයි.. දිගටම ලියන්න...
ReplyDeleteහරිම සතුටුයි.. එක්කෙනෙකුට හරි රසයක් දනවන්න පුළුවන් වීම ගැන.. බොහොම ස්තුතියි..
Deleteමට නම් දැන් අර ලහිරු පෙරේරගෙ සින්දුව වගේ. අලද ගෝවද කියල හිතාගන්න බෑ.
ReplyDeleteමේ කතාව එච්චර හොඳ ද?
Deleteඅනේ මන්ද..කමක් නැහැ ලියන්නකෝ..
ReplyDeleteදිගටම කියවන්නකෝ.. වැඩිය දිග නෑ..
Delete