Friday, September 14, 2012

භව ගමනක සිහිනය (4)


තුන්වැනි කොටසට

ඊයෙ මං මහ අමුතු හීනයක් දැක්කනේ..
කුස්සියේ උය උයා උන්නු මගේ අම්මයි, බිරිඳයි හා කතාවට වැටෙමින් මං කිවුවා..
***************************************************************

ඕක භව දෙක තුනක කතාවක් වගේ.. නේද?
අතීතය මතක් වෙනවද දන්නෙ නෑ..
එතකොට පුතා පෙර ආත්මෙ ඉඳං අපිත් එක්ක ඉන්න කෙනෙක් නෙවෙයිද?
කෙල්ලට මොකක් හරි නරකක් වෙයිද දන්නෑ..

ඔය ආකාරයටයි.. මගේ බිරිඳගේ ප්‍රතිචාර..

අපේ ආච්චි නං ... නැගිට්ට ගමං.. රෙද්දකිං ඔලුව වහගෙන කාටවත් නොපෙනෙන්න ගිහිං පැඟිරි ගහකට හීනය කියනවා..

ඒ අපේ අම්මගේ ප්‍රතිචාරය..

***************************************************************
ඇත්තටම  මට පරණ භව වල මතකයක් ආවද..?
මගේ හිතේ තිබුණු දේවල් ම හීනයක් විදිහට පෙනුණද?
නිකම්ම නිකං හීනයක් විතරද?

මගේ දුව.. පෙර ආත්මෙ තංගමනී ද..? එහෙම වෙන්නත් පුළුවන්..
එතකොට සූරිය ආරච්චි මහත්තයා දීපු පණිවුඩේ....!
හිතට මුලා වෙන්න එපා.. ඒක හුඟක් වැදගත් උපදෙසක්.. විශේෂයෙන් තමන් යම් යම් දේ වලින් ආවරණය වෙලා තියෙන වෙලාවට.. උමඟෙන් සංඛේතවත් කළේ.. අපේ හිතද..? නැත්නම් සිතුව්ලි ද? තීන්දු තීරණ ද?..
සූරිය ආරච්චි මහත්තයා එක එක චරිත වලින් මතු වුණේ ඇයි..? මුල් චරිත දෙකේ උසස් මට්ටමේ ජීවිත ගෙවූ ඔහු අවසන් චරිතයේ.. දුර්වල චරිතයක් වුණේ ඇයි.. ? එතනින් පෙනෙන්නේ... මොන වගේ දෙයක් ද..? භවයේ සැරි සරද්දී.. චරිත වලට වන වෙනස ද?

මේ වගේ අදහස් ගනණාවක් මගේ හිතේ ඇති වුණා..

මං තීරණය කළා මේක ඔබ හමුවේ තියන්න..

***************************************************************
හීනේ කියන්න පටං ගත්ත ගමං

හුඟක් අයට ප්‍රශ්නයක් උනේ උමඟ.. DDT මල්ලිට තමයි වැඩියෙන්ම එහෙම උනේ..
අපේ.. හිරුයි, හිරු හිමාවියි නං.. අනේ මන්දා.. අනේ මන්දා.. කිය කියා අහගෙන හිටියා.. චන්දි අක්කට ගල්කිස්සෙ පාලමක් මතක් වුණත්.. සූරිය ආරච්චි මහත්තයාගේ අවවාදය ගැන නම් මොනවා හරි තේරුණා වගෙයි පෙනුණේ.. දුකාටත් උමඟ ගැන තමයි අවුල ඇවිත් තියෙන්නේ..
කතාවේ මැද හරියට එද්දී

DDT මල්ලිට.. කතාව ලහිරු පෙරේරාගේ සිංදුවක් තරම් රසවත්ව දැනෙන්න ගත්තා....
මාතලන්ට නං රසයක් දැනිලා තිබුණා..

හීනේ ඉවර වුණාම..
DDT මල්ලිට හරි සතුටක් දැනුණා.. මට හීනෙන්ම පිස්සු නොහැදුණු එක ගැන..
හසිත ගෙයි හිරු ගෙයි ඔළුව මඤ්ඤං වුණු බවකුයි පේන්න තිබුණේ..
හිරු හිමාවියි, යසිරුයි  දෙන්නා කතාව රස වින්ද බවකුයි... පෙනුණේ..

නිමි..

ප.ලි.
මේක ඇත්තටම මං දැක්ක හීනයක්.. කතාවට පුංච්.. පුංචි වෙනස් කම් ටිකක් කළා..



10 comments:

  1. අම්මෝ .... ඒක මහ පිස්සු හැදෙන හීනයක් තමයි. ඇති යාන්තන් ඔයින් ගියා.

    ඇත්තටම අයියා අපි කතාවක් කියවන්න ගියාම ඒක කියවල රසවිඳල ඉතිං ඊට පස්සෙ පටන් ගන්නව අලගිය මුලගිය තැන් හොයන්න. ජාතික පුරුද්ද නේ ... කොහෙ අතාරින්න ද? :)

    ReplyDelete
    Replies
    1. ඒක වරදක් නෙවෙයි මල්ලී.. එහෙම හොයලා බලන එක අපේ යුතුකම නොවැ..

      Delete
  2. සිහින වලත් පොඩි ආතල් එකක් තියෙනව නින්දෙන් බයිස්කොප් බලනව වගේ නේව

    ReplyDelete
    Replies
    1. මේක දැකලා නම් මං ගැස්සිලයි ඇහැරුණේ.. විනාඩි දෙක තුනක් ගියා සිහි එළවගන්න

      Delete
  3. පංකාදු පහට ලියල තියනවා...

    ReplyDelete
  4. හච්චෝ හච්චෝ අවසානයත් මම හිතුවේ කතාව කියල...හී හී....අපිවත් මතක් කලාට ස්තුතියි..අලුත් යමක් ලියන්න කාලයයි එහෙනම් මේ..:)

    ජය!

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔවු.. මං හිතාගෙන ඉන්නවා.. ටිකක් දිගට ඇදෙන කතාවක් ලියන්න.. සාහිත්‍ය මාසෙ පහු වුණාවෙකෝ..

      Delete
  5. තව ටිකක් හදලා කරලා හොඳ කතාවක් ඔයාට ලියන්න පුලුවන් වේවි අයියේ. භද්‍රජි මහින්ද ජයතිලක ලිව්ව පවුරු බැඳි රාජ්‍යය පොත ලියලා තියෙන්නේත් ඒ වගේ අත්දැකීමකින්. එයා කලින් චීනයේ ඉපදිලා ඉදලා තියෙනවාලු, චීන් මහා ප්‍රාකාරය හදන අදහසත් එයාගෙලු...

    ReplyDelete
    Replies
    1. දැං ඉතිං මේක ගියාවේ.. ඉස්සරහට ඔය වගේ හීනයක් දැක්කොත් බලමු.. බොහොම ස්තුතියි මල්ලි අදහසට..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..