Tuesday, October 1, 2013

මගෙ ආදරේ මේ වෙන්නැතී

නිති මීරි බස් තෙපලන්නැතී
හිස අත ගගා සනසන්නැතී
වෙන කාටවත් මං දෙන්නැතී 
මගෙ ආදරේ මේ වෙන්නැතී

බිඳුණු පෙම් දම් නොසොය' නොබලා
ලැබුණු සුවයක මිහිර විඳලා
යුතු කමුත් අකුරට ම කරලා
නොම යදිමි පෙම නුඹෙන් පෙරලා

හස තොස පවා විමසන්නැතී
රට තොට පුරා සැඟවෙන්නැතී
හොඳ තැනකවත් ගැවසෙන්නැතී
මම මා ගැනත් තව දන්නැතී

2 comments:

  1. මම මා ගැනත් තව දන්නැතී

    හ්ම් හ්ම්...තිත්ත ඇත්ත ඒක තමා..

    ReplyDelete
  2. ඒක නෙ.. බොහොම ස්තුතියි රතී.. අදහසට සහ දුන් දිරියට..

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..