ම ඳ හ ස හිරුගෙ විඳ සුවබර | හිමිදිරියේ |
සෙ නෙ හ ස පුදමි සඳ නුඹ වෙත | සුමිහිරියේ |
කි තු ගො ස බිඳුණු පසුව ද නොම | අත හැරියේ |
නු ඹ මි ස අත්වැලක් නැත මගෙ | සුවිසැරියේ |
බැ ඳි මහ පවුරු පිණි බිඳු මෙන්ම ය | කතර |
සැ දි මඟ කවුරු කීවත් නොම විය | නතර |
ලැ දි බව නො අඩු විය අග හිඟ කම | අතර |
රැ ඳි නෙතු කඳුළු නොදුටිමි හසකැන් | විතර |
ක ය නුඹෙ විකුණුවත් මට එය නැත | කාරී |
ලෙ ය මගෙ රකිණු වෙනුවෙනි ලුහු කළෙ | සාරී |
රැ ය ඉකි බිඳිණු කිම මිත මට ඇත | තේරී |
සි ය හදවතින් තවමත් නුඹ මගෙ | බාරී |
වෙ හෙ රෙ හි බුදු මැදුරෙ හා මහ බෝ | මළුවේ |
ද හ රෙ හි උතුම් සදහම් සිසිලස | ගැලුවේ |
ප හ රෙ හි සැඩ, ඇදෙන්නට මල් නැහැ | නෙළුවේ |
නු දු රෙ හි තිබෙන නිවනකි නිතරම | බැලුවේ |
මි හි ම ත සිටින මනු පල්ලන් | අතර යම |
සි හි තෙ ත රැකගෙන ම ගිණියම් | කරන ළැම |
ඇ ඳි ව ත පරයමින් රැකගත් | පතිනි කම |
හි ම ව ත කළ හැකිද සොඳුරිය | නුඹට සම |
මම.. හදපතුලෙන් ම නැගෙන අදහස් අකුරු කරමි... ඔබ .. එය කියවන්න.. රස විඳින්න .. විවේචනය කරන්න... අපි .. මේ ලෝකය මොහොතකට සුන්දර කරමු...
Thursday, October 17, 2013
හිමවත කළ හැකිද සොඳුරිය නුඹට සම?
Subscribe to:
Post Comments (Atom)
හ්ම් හ්ම්... මට නං ඕවට කියන්න දේවල් නෑ...
ReplyDeleteමටත් නැහැ බං.
Deleteඔය ටිකත් මදැයි..
Deleteචතුර අයියාගේ කවි ඉතිං ආයේ බලන්න දෙයක් නෑනේ. සුපිරිම සුපිරිනේ
ReplyDeleteබලන්න දෙයක් නෑ කියලා නොබලා ඉන්නවා එහෙම නෙවෙයි.. බොහොම ස්තුතියි කිවුවා ඇගැයීමට..
Deleteරැක එළි සමය නිසි විරිතක් ගෙන සොඳිනා
ReplyDeleteදැක සඳ රාහු මුව වෙත සියොවම පනිනා
කැළ තුන පතුළ දිවි මඟ පන්්හිඳ හැඳිනා
කළ කවි කමට තුති මල් මේ ලෙස යෙදිනා
කාලේකට පස්සේ දැක්ක සුපිරි කවි පෙළක්,මේ අනුභූතිය හිත සසල කරනවා.හේතුව දැන් අපිට ඕන තරම් අහන්න ලැබෙනවා සැමියා ඇතුළු කුටුම්්භය රකින්න හදන අම්මලා
බොහොම ස්තුතියි මල්ලි අගනා පැදියකින් සහ සටහනකින් කළ සංග්‍රහයට..
Deletelassanai
ReplyDeleteබොහොම ස්තුතියි ඔබගේ ඇගැයීමටත්..
Deleteලස්සනයි..
ReplyDeleteදිනේෂ්... කාලෙකින් නේද? සාදරයෙන් පිළිගන්නවා.. බොහොම ස්තුතියි ඇගැයීමට..
Deleteමේ ප්‍රශ්නයට මගේ ලිපියේ අදාලත්වය මොකක්ද කියලා පැහැදිලි නෑ.
ReplyDeleteමේ බ්ලොග් දෙකම කරන්නේ චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න විසින් බව ඒවායෙහි තිබෙනවා.. පුංචි කුමාරිහාමි සහ ඔහු අතර කිසියම් පුද්ගලික බැඳීමක් ඇත්දැයි නොදනිමි. එහෙත් ඔවුන් දෙදෙනා දෙදෙනෙකු බව සිතමි. සුජිත් නිශාන්ත ගැන නම් ඇසුවේ අදමය.