මචං.. උඹ හොඳටම වයසට ගිහිං නෙ..
ඉතිං වයසයිනෙ බං දැං..
නෑ බං උඹේ මූණෙවත් ඇඟේ වත් නෙවෙයි වයස.. ඔය කොණ්ඩෙයි රැවුලෙයි.. බලපං සුදුවෙලා බාගෙට බාගයක්.. ඒ මදිවට තට්ටෙත් එනවද කොහෙද?
හරි හරි ඉතිං කොණ්ඩෙයි රැවුලයි තියෙන්නෙත් ඇඟේ නෙ..
උඹ හවස නානවද?
නෑ බං..
එහෙනං උදේ පාන්දර ?
එහෙමත් නෑ බං..ඇයි එහෙම අහන්නෙ..
නෑ.. උඹ හැමදාම වැඩට යනවනෙ.. ඉතිං අවේලාවෙ නාලා වෙන්න ඇති ඔය කොණ්ඩෙ පැහෙන්නෙ කියලා හිතුණා..
ආ.. ඒකනම් වෙන්න ඇති..
ඈ.. දැං උඹ කිවුවෙ අවේලාවෙ නාන්නෙ නෑ කියලා..
හෙක්.. හෙක්.. මං කිවුවෙ උදේ පාන්දරටයි .. හැන්දෑවටයි නාන්නෙ නෑ කියලා.. මං නාන්නෙ රෑ දොලහට එකට විතර බං..
හැන්දෑවටයි නාන්නෙ
ReplyDeleteපරෙස්සමින්..
Deleteහෙක්.. හෙක්..
ReplyDeleteඅන්න හොඳ ළමයෙක්..
Deleteමමත් තවමත් දිනපතා නාන්නේ රාත්‍රී හතත් නවයත් අතර. නින්දට යනවිට යන්තම් හරි දාඩිය ගතියක් දනුනොත් නැවත ඇඟ සෝදනවා. මගේ වයස සමග බලනවිට තවමත් එයින් ප්‍රශ්නයක් වෙලා නැහැ.
ReplyDeletesir oya wayasa gana hitanawa wadi kiyala hitanawa..godak welawata noticed karapu deyak tama eka
Deleteහොඳයි හොඳයි එහෙම නොහිතා ඉන්නම්කො. බොහොම ස්තුතියි ඔබට.
Deleteවස විස උනත් පුරුදු උනහම අවුලක් නෑ කියනවනේ..
Deleteඉතිං බං මාත් නාන්නේ රැටනේ හැමදාම. මම නං කොණ්ඩේ කපලම දාල තියෙන්නේ ඒ නිසා. දැන් ෆුල් ජොලි
ReplyDeleteමාත් හිතා ඉන්නෙ ඔය වැඩේ කොරන්න.. කොහෙද අපේ ගෙවල් වල ඇත්තො කැමති නෑ නොවැ..
Deleteපීනසේ හිනදයි කොන්ඩෙ සුදු.. :)
ReplyDeleteඅනේ ඔවු.. මගෙත් එහෙමයි..
Deleteඅපිත් නාන්නේ රෑට තමා හැබැයි කළුවරේ ඒක නිසා තරුණයි..
ReplyDeleteඇත්තට.. හොඳ වෙලාවට කිවුවෙ.. මීට පස්සෙ ලැයිට් නිවලා නාන්නෝනෙ..
Deleteඅපිත් ඉතින් අවේලාවේ නාන්නේ නෑ. හැමදාම නාන වෙලාවට( රෑ 12 ට ) විතරමයි නාන්නේ.
ReplyDeleteඒ පිළිවෙලට මාත් කැමතියි..
Delete