Wednesday, July 22, 2015

බැරිදා විග්‍රහය ! බැඳුම්කරේ මෙයයි හොරේ..!


මා මීට පෙර ද සඳහන් කළ පරිදි.. වත්මන් රජය නා ගත් ප්‍රධානතම තැන මහබැංකු බැඳුම්කර සිද්ධියයි..එම සිද්ධිය හා සම්බන්ධව හරිහැටි කරුණු දැක්වීමක් නැති නම්.. මහ බැංකු අධිපතිවරයාට විරුද්ධව ක්‍රියා කළ යුතුව තිබුණු බව මම එහිදී සඳහන් කළෙමි.. විශේෂයෙන්.. ඩිව් ගුණසේකර වැනි මා ගරු කරන පැරණි වාමාංශික නායකයෙකු අසත්‍යය පවසතතැයි සිතන්නට මගේ සිත ඉඩ දුන්නේ නැත. අනුර කුමාර සහෝදරයා ද කීවේ.. රනිල් ගෙන් බැඳුම්කර ගැන ඇසූ විට රනිල් කබ් රාල් ගැන කියන්නේ එතැන වංචාවක් සිදුව ඇති නිසා බවය. මේ සියල්ල නිසා ම රට විනාශ කළ මරා ප්‍රමුඛ අශුද්ධ සංධානයට මුහුණ දීමට තරම් ශක්තිමත් ශුද්ධ සංධානයක් රනිල් ප්‍රමුඛ එජාපයට තැනිය නොහැකි බව මගේ විශ්වාසය විය. එපමණක් නොව.. රටට විකල්පයක් නැති කරුමය ගැන අපමණ කණගාටුවක් සිතෙහි විය.

එහෙත්.. පසුගිය විසි වැනි දින.. නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා විසින් බැඳුම්කර සිද්ධිය සම්බන්ධව ඉදිරිපත් කර ඇති විග්‍රහය ට සවන් දීමෙන් පසු මහබැංකු අධිපතිවරයා නිවැරදි බවක් හැඟුණි. එහෙත් එක් පාර්ශවයක කරුණු පමණක් සෑහෙන්නේ නැත.. . දැන් යළිත් දොරටු විවෘත ය.. සියළු කරුණු කාරණා සහිතව සංවාදයකට එළැඹීමට කබ්‍ රාල්, ඩිව් හා සුජීවට අවශ්‍ය මනා වේදිකාවක් පමණය...




වීඩියෝව මෙතැනින්
නැත්නම්.. මෙතැනින්..

ප.ලි
රනිල්  බැඳුම්කර ගැන කියද්දි ..කබ්‍ රාල් ගැන කතා කළේත්..
ඩිව් සුජීවත් එක්ක සංවාදයකට එන්න බෑ කිවුවේත්.. ඇයි කියා.. මේ විග්‍රහය ඇසූ කෙනෙකුට මනාව තේරුම් ගත හැක..

5 comments:

  1. No, Yahapalana clique is not plundering the country! Whitewashing is not easy anyhow! Ravi is internationally known thief! The video tape shows how UNP is behind the bank plunder!

    ReplyDelete
  2. MR camp's accusations are pretty much baseless. Anyone dare to show how the 50Billion loss is calculated?
    http://www.dailymirror.lk/78805/central-bank-s-30-year-bond-debacle-what-is-the-loss

    ReplyDelete
  3. කළු ජුලිය , ඉන්දියන් හමුදාව , ලාම්පු කලගෙඩි නැටුම, ජේවීපී මර්දනය මුවාවෙන් විරුද්ද මතධාරීන් ඝාතනය,භික්ෂුන් නිවන් පුර වැඩමවීම, ශිෂ්‍යයන් නිවන් පුර වැඩමවීම, මාධ්‍ය වීදීන් නිවන් පුර වැඩමවීම, කලාකාරයින් නිවන් පුර වැඩමවීම,ත්‍රස්තවාදීන්ට ආයුද, මුදල් සැපයීම,ත්‍රස්තවාදීන්ට හමුදා පුහුණුව සැපයීම , හමුදා බුද්දි අංශය නිවන් පුර වැඩමවීම,කොටින්ට සන්නිවේදන උපකරණ දීම. රාජ්‍ය සම්පත් හිතවතුන්ට ලබාදීම , බැඳුම්කර මගඩිය

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..