| අරුම පුදුම සුහද මිතුරො මරා ගන්න | ආදරේ |
| පතාගෙනම ඇවිත් ඔතා බදා ගන්න | ආදරේ |
| දුකෙත් සැපෙත් එකට ඉඳිමු මැරෙමු කියන | ආදරේ |
| කාසි පනම් එක්ක පස්සෙ දොරෙන් යා ලු | ආදරේ |
| තරුණ කාලෙ කට්ටි පැනල' හොරෙන් කරපු | ආදරේ |
| බැන්ද ගමන් ලැයිසොන් එක ලැබෙයි නමට | ආදරේ |
| ඊට පස්සෙ හැදෙන ළමයි හටයි වැඩිය | ආදරේ |
| පුදුම වැඩේ මතක නෑලු ඉස්සර බැඳි | ආදරේ |
| පංති ගානෙ අරං ගිහිං වැඩිම හින්ද' | ආදරේ |
| පුංචි පුතේ වෙයං කියයි දොස්තර නං | ආදරේ |
| හංදි ගානෙ කරක් ගහල' ඌ බැඳුනම | ආදරේ |
| වංදි දැකිය හැක මානව හිමිකම් නැති | ආදරේ |
| අපි නං ඔය කාලෙ කිසිත් කෙරුවෙ නෑ නෙ | ආදරේ |
| ටිකක් ඉඳිං කල් තියෙනව' කරන්ට බොට | ආදරේ |
| හොඳිං කියල' බැරි උනොතින් බිඳ දමන්ට | ආදරේ |
| දෙයියො ඉන්නවා පිහිටට සල්ලි වලට | ආදරේ |
| දින සති හෝ මාස වලින් ගෙවිල යද්දි | ආදරේ |
| බැරිම තැනදි තරුණ ළමයි හඳ පානට | ආදරේ |
| අලුත් ළමයි ඉපිදෙනවා තුලින් අලුත් | ආදරේ |
| නිමා නොමැති සකක් නොවෙද ලොවක් තනන | ආදරේ |
මම.. හදපතුලෙන් ම නැගෙන අදහස් අකුරු කරමි... ඔබ .. එය කියවන්න.. රස විඳින්න .. විවේචනය කරන්න... අපි .. මේ ලෝකය මොහොතකට සුන්දර කරමු...
Saturday, December 19, 2015
අරුම පුදුම ආදරේ
Subscribe to:
Post Comments (Atom)
ලස්සනයි මචෝ...
ReplyDeleteසුබ නත්තලක්.
ඔහ්.. මිස් වෙලා.. ස්තුතිය් බෙහෙවින්..
Delete