මල් යටට යාවේ
කළු ගල් ජලයෙ පාවේ
ගොළුවන් කතාවේ
අඳ අයත් ටෙලි සුවයෙ නෑවේ
හොර මැර තක්කඩින්
ඉහළය කිවොත් ලුහුඬින්
දුරුවල අපෙ හඬින්
අවදි වෙති ටින් එකේ සාඩින්
බුදු බණට හුරුවා
යහපත ගරුව සරුවා
අය පදින ඔරුවා
හිල් කරති දස අතින් මරුවා
රජ මැදුරු සරුය
සිටු ඇමති වරු හොරුය
වනන්නෙම බොරුය
ලැබෙන වාහන ටිකත් මරුය
විභාගෙට කොප්පේ
ගහපු අය අපෙ අප්පේ
නිතර ඒරොප්පේ
උගත්, වෙහෙසෙන අයට හුප්පේ
යේස්.. අපට තමයි අන්තිමට හුප්පේ.. :(
ReplyDeleteයේස්.. අපට තමයි අන්තිමට හුප්පේ.. X 2
ReplyDeleteAğrı
ReplyDeleteKütahya
Balıkesir
Bingöl
Maraş
Osmaniye
Erzurum
Ordu
Tekirdağ