පරිගණකයේ ද්විතීයික මතක ගබඩාව (Secondary Storage) කියන්නෙ ඉතිං පරිගණකයේ අත්‍යවශ්‍ය මෙන්ම වැදගත්ම උපාංගයක්. දෘඩ තැටිය (Hard Disk) තමයි මේ යටතෙ භාවිත වෙන ප්‍රධාන උපාංගය. මුල් කාලයේ අපි භාවිත කරපු දෘඩ තැටි පෙනුමින් විශාල වුණත්.. එහි මතක ධාරිතාව ඉතා කුඩයි.. මට මතකයි මගේ මුල්ම පරිගණකයේ දෘඩ තැටියේ ධාරිතාවය මෙගා බයිට්ම 350ක්. Primary Storage නොහොත් RAM එක.. 4MB. මාරයි නේ.. ? අද භාවිත කරන්නෙ.. 2TB දෘඩ තැටියක්.. 8GB RAM එකක්.. කාලය මැවු වෙනසක අරුමේ.. තමයි ඉතිං..
|
IDE Cables |
|
IDE Hard Dis Drive |
ඉතිං මේ දෘඩ තැටිය එහෙම නැත්නම්. Hard Disk Drive (HDD) අද වෙනකොට ධාරිතාවය ඉහළ ගොහිං තිබුණට.. පෙනුම.. පුංචි වෙලා මිසක්කා ලොකු වෙලා නම් නෑ . අපි ඒ කාලෙ භාවිත කළේ IDE කියන අතුරුමුහුණත (Interface) එක භාවිත කළ දෘඩ තැටි. ඒ කියන්නෙ පරිගණකයේ ප්‍රධාන පුවරුව (Mother Board) හා දෘඩ තැටිය සම්බන්ධ කෙරුනෙ IDE කියන තාක්ෂණය තිබුණු Cable සහ Ports/Slots භාවිතයෙන්. ඒත් කාලය ගෙවෙද්දි, 2007 විතර, මේ වැඩේ ට අලුත් තාක්ෂණයක් හඳුන්වා දුන්නා.. ඒ තමයි SATA. මේ තාක්ෂණයත් එක්ක තමයි.. දෘඩ තැටියෙ ධාරිතාවය ඉක්මණින් ඉහළ ගියේ. ඒ කියන්නෙ ඒ වෙනකොට තිබුණු 80GB වගේ IDE දෘඩ තැටිය , 512GB SATA දෘඩ තැටිය මඟින් ඉතා පහසුවෙන් ප්‍රතිස්ථාපනය උනා. ඒ කියන්නෙ මතක ඒකකයක මිලත් සැලකිය යුතු ලෙස පහල බැස්සා.. එයිට අමතරව වේගය.. ඔවු.. දත්ත ගමන් කිරීමේ වේගය SATA වල ඉතා ඉහළයි.. එය IDE වගේ තිස් හතලිස් ගුණයක් තරම්.. ඒ වගේ ම IDE සහ SATA CABLES අතර පෙනුමෙ තිබුනු වෙනසත් කැපී පෙනුනා. එතෙක් කල් තිබුනු පළල් රිබන් එකක් වගේ IDE CABLE එක වෙනුවට සිහින් SATA CABLE ආදේශ වුණා. හිතන්න එපා පරණ පරිගණක වල IDE CABLE එක ගලවලා SATA CABLE ගැහුවාය කියලා. ඇත්තටම මේක උනේ.. අලුතෙන් එන පරිගණක වල.. ඒවයේ IDE වෙනුවට SATA යොදා ගත්තා.. IDE දෘඩ තැටි වල අනුපිළිවෙල හඟවන්න භාවිත වුණු Jumpers නමැති කුඩා Pins එකිනෙක සම්බන්ධ කරන Connectors වර්ගය SATA තාක්ෂණයේ දී අවශ්‍ය වුණේ නෑ.. SATA තාක්ෂණයෙන් දෘඩ තැටියක් හරි CD, DVD ආදී වෙනත් උපාංගයක් හරි සම්බන්ධ කළ ගමන් ඒක හඳුනගන්න පරිගණකයට හැකියාව ලැබුණා.. ඒකට කිවුවෙ Plug and Play කියලා. අද මං භාවිත කරන 2TB දෘඩ තැටියත් භාවිත කරන්නෙ.. SATA කියන තාක්ෂණය.
|
SATA HDD |
|
SATA Cables
|
SATA කිවුවෙ Serial Advance Technology Attachment කියන එක නෙ. තවත් තාක්ෂණයක් තමයි PATA හෙවත් Parellal Advance Technology Attachment කියන්නෙ. දැං හොයපල්ලකො මේ ගැන. නෑ කරදර වෙන්න ඕන නෑ. PATA කියන්නෙ IDE (Integrated Drive Electronics) කියන එකම තමයි ලු.
|
SSD |
කොහොම හරි ඉතිං අද වෙනකොට ඊටත් වඩා අපූරු තාක්ෂණයක් ඇවිත්.. හැබැයි මේක SATA විසින් IDE නැත්නං PATA ව පැන්නුවා වගේ නෙවෙයි.. මේක තමයි SSD (Solid State Drive). මේකෙන් ප්‍රතිස්ථාපනය කළේ.. මෙතෙක් කල් දෘඩ තැටිය ඇතුළේ ක්‍රියාකාරීත්වය. ඒ නිසා තව දුරටත් අතුරු මුහුණත විදිහට ඉන්නෙ SATA ම තමයි. ඉස්සර යකඩ තැටි ටිකක් කැරකි කැරකි දත්තත් එක්ක කරපු මෙහෙයුම SSD මඟින් Memory Chips භාවිත කරලා කරනවා. පුරුද්දට වගේ Hard Disk Drive කිවුවට.. SSD කියන්නෙ තවත් HDD එකක් නෙවෙයි.. SSD කියන්නෙ HDD වලට විකල්පයක්. මිළ අධික කම හැරුණම මේක හැම අතින්ම වගේ විශිෂ්ඨයි.. වේගය අතින් ඉතාම ඉහළයි.. යාන්ත්‍රික ශක්තිය වැය නොවන නිසා.. බල පිරිමැස්මත් ඉතා ඉහළයි. බර ඉතා අඩුයි. එකම ප්‍රශ්නය මිළ වැඩියි.. හැබැයි.. HDD එකට සාපේක්ෂව SSD වල කාර්යක්ෂමතාව සිය ගුණයක් විතර ඉහළයි කියලා කියන නිසා. HDD එක වගේ දහ ගුණයක් විතර මිළ වුණත් .. ඒක නොසලකා හැරියට කමක් නෑ කියලා කියන්නත් පුළුවන්.. ඒ වගේ ම ලොකු ඉඩක් අවශ්‍ය වන වැඩ වලට භාවිත කරන්න ලොකු ධාරිතාවයක් තියෙන HDD එකකුත්.. OS (Operating System) එක ඇතුළු Systems Software ටික දාගන්න (250GB විතර) පොඩි SSD එකකුත් තියාගත්තා නම් හොඳයි.. හොඳයි නෙවෙයි ඒක පට්ට..
ප.ලි.
මං ඉතිං දන්න තරමිං ලිවුවෙ.. අඩු පාඩු.. ඌණ පූර්ණ.. විවේචන කරන්න ආරාධනා කරනවා.. ඔබ සැමට..
SATA පෝර්ට් එක Plug and Play කියලා හරියටම දැනගත්තේ අදයි.
ReplyDeleteදැන් SSD වලට වඩා වේගවත් NVMe සහ M.2 කියලා ගැජට් වර්ග දෙකකුත් තියෙනවා. වැඩිය තොරතුරු දන්නේ නම් නෑ.
https://en.wikipedia.org/wiki/NVM_Express
https://en.wikipedia.org/wiki/M.2
බොහොම ස්තුතියි අදහසට.. ඔවු.. ඒ තාක්ෂණය ගැනත් ඉදිරියේදී ලිපියක් ලියන්න හිතාන ඉන්නවා..
Deleteplug and play weerawansada
ReplyDelete