Tuesday, June 30, 2020

ලැප්ටොප් පරිගණකය හා බැටරිය| Laptop & Battery


ඔබ ගේ ලැප්ටොප් පරිගණකය එක දිගට විදුලි සැපයුමට සම්බන්ධ කිරීම බැටරියට අහිතකරද?
මේ ලිපිය ලියන මා පවා කලක් සිතා උන්නේ එය අහිතකර බවයි. නමුත් තොරතුරු සොයා බැලූ විට එහි ඇති වරදක් නැත. 

එම සංකල්පය මෙයට ටික කලකට පෙර භාවිත වූ නිකල්-කැඩ්මියම් බැටරිය සමඟ අප අතරට පැමිණි එකකි. වර්තමානයේ භාවිත වන ලිතියම් අයන් බැටරි සඳහා එය අදාළ නොවේ. මෙහිදී බැටරිය සම්පූර්ණයෙන් චාර්ජ් වූ පසු ස්වයංක්‍රීයව ම චාර්ජ් වීම නවතාලන බව පැවසේ. 

කෙසේ වෙතත් බැටරියේ ආයු කාලය කෙරෙහි බලපාන යම් යම් ක්‍රියා මාර්ග කිහිපයක් දැක්විය හැක.
1. ලිතියම් අයන් බැටරියක් බිංදුවටම බස්සවා උපරිමයටම චාර්ජ් කිරීම පුළුවන් තරම් අවම කළ යුතුය (මෙය ද නිකල් කැඩ්මියම් බැටරි සඳහා යොදාගත් තාක්ෂණයකි)

2. නමුත් මාසයකට පමණ වරක් මෙලෙස උපරිමයට චාර්ජ් කොට බිංදුවටම බැස්සවීම කළ යුතු බව කියැවේ. බිංදුවට බස්සවා පැය පහක් පමණ තබා නැවත උපරිමයට (එක දිගට) චාර්ජ් කළ යුතුය.  මෙය බැටරියේ ශක්තිය පිළිබඳ නිවැරදි තක්සේරුවක් රඳවා ගැනීමට හේතු වේ.

3. බැටරියේ හා පරිගණකයේ රත් වීම බැටරියේ පැවැත්ම දුර්වල කිරීමට ඉවහල් වේ. එබැවින් බැටරියේ උෂ්ණත්වය ගැන සැලකිළිමත් වීම අත්යවශ්‍ය කරුණකි. විශේෂයෙන් පරිගණක ක්‍රීඩා වැනි වැඩි ක්‍රියාකාරීත්වයක් ඇති වැඩසටහන් (Programmes) භාවිතයේ දී හා එකවර වැඩසටහන් කිහිපයක් භාවිතයේ දී පරිගණකයේ රත්වීම ඉහළ යන බව පැවසේ. එනිසා පරිගණකයේ පහසු කම ඇත්නම් හැකි හැම විටම බැටරිය විසන්ධි කොට භාවිත කිරීම සුදුසුය. 


No comments:

Post a Comment

වටිනා අදහස් ලියනු මැනේ..