Wednesday, October 19, 2011

කවි හදන හැටි - 6(දශ මහා ගුණ)

කවි හදන හැටිකවි හදන හැටි - 2කවිහදන හැටි - 3,  කවි හදන හැටි - 4කවි හදන හැටි - 5 නමින් මේ ගැන කලින් මා ලියූ ලිපි කියවන්නට ඇතැයි සිතමි. මෙම ලිපියද සැකසෙනුයේ සේන අම්බලන්ගොඩ කිවිඳුන්ගේහරියටම කවි හදන හැටි (ගුරුමුෂ්ටි)   නම් පොත ඇසුරිනි.


කවි පබැඳීමේ දී එම කවි තුළ තිබිය යුතු ගුණාංග දහයක් "දශ මහා ගුණ" වශයෙන් විස්තර වේ..


1. ප්‍රසාද ගුණය
කවියක් කියැවීමේ දී හෝ ඇසීමේ දී ඉතා පැහැදිලිව කවියේ අදහස කියවන්නාට තේරුම් ගොස් මනරම් චිත්‍රයක් මැවෙන්නේ නම් එම ගුණය ප්‍රසාද ගුණය නම් වේ..
උදා:-
ගොඩ මඩ දෙකම සරු සාරය -- පළ බරය
කටුරොද ගම්මාන තරමක ------ පිටිසරය
ඒ ගම මැදින් ගලනා ගඟ ------- මනහරය
කඩමණ්ඩිය පිහිටියේ ගම ---- කෙළවරය




2. ඕජස් ගුණය
ඕජස් ගුණය යනු එක්වරම අර්ථය තේරුම් ගැනීමට අපහසු වන සේ සමාස යොදමින් අර්ථවත් කවියක් නිර්මාණය කිරීමයි.


3. මධුරතා ගුණය
කවි රසය ඉස්මතු වන සේ මධුරවත් අර්ථ පූර්ණවත්  බඳිනා ලද කවියක මධුරතා ගුණය ඇතැයි කියනු ලැබේ..


4. සමතා ගුණය
පද හතරෙහි ම එක සමානව අකුරු යොදා තිබීම හා මෘදු වර්ණ වර්ගාන්තයෙහි යෙදීම සමතා ගුණය නම් වේ..
කුඩ සහ සුපිපි ---------------- නා
පුවක් මල් වල් විදු ----------- නා
සපු මල් පහනි ---------------- නා
කරන පුද වැනි එවර සුර ---- නා
(කාව්‍ය ශෙඛරය 1 සර්ගයේ 59 වැනි කවිය)
5. සුකුමාරතා ගුණය
න,ම, ද ආදී කෝමල අක්ෂර බහුලව යොදා නිර්මාණය කරන කවි වල සුකුමාරතා ගුණය ඇත.


6. ශ්ලේෂතා ගුණය (සිලෙසිතා)
වැඩිපුර ලඝු අකුරු යෙදීමෙන් ද, එකම ආකාරයක අකුරු ලං ලංව පිහිටුවීමෙන්ද ශ්ලේෂතා ගුණය මතුවේ..


කිවි කිවි කඳ කුමරු
අහත සිව්වන ගුරු ගුරු
සරසවිය සුර ගුරු
මෙපුර වනතොත් මඳක් වෙති සුරු
(කාව්‍ය ශෙඛරය 1 සර්ගය 38 කවිය)


7. උදාරතා ගුණය
කවිය කී විටදීම යම් අයෙකුගේ ශක්තිය, බලය, වීර්යය, ගෞරවය ආදිය කියැවේ නම් එය උදාරතා ගුණය සහිත කවියකි..


8. කාන්ති ගුණය
යම් කිසි ඉතිහාස ගත දෙයක් ඉතා මැනැවින් හෙළි කිරීම තුළින් කාන්ති ගුණය මතු වේ...


9. අර්ථ ව්‍යක්ති ගුණය
කවිය කියන විටම එහි අර්ථය තේරුම් ගැනීමට හැකිනම් එහි අර්ථ ව්‍යක්ති ගුණය ඇත.


10. සමාධි ගුණය
සම්මත ලෝක ව්‍යවහාරයන් ඉක්මවා නොයන සේ කිසියම් වස්තුවක පිහිටි ගුණය වෙනත් වස්තුවකට ආරෝපණය කිරීමෙන් සමාධි ගුණය ඉස්මතු වේ...



6 comments:

  1. නිශාන්ත අනුරුද්ධOctober 19, 2011 at 11:45:00 PM GMT+5:30

    පට්ටනේ මසන්....

    ReplyDelete
  2. මේ එක් එක් ගුණයට අපට උදාහරණය බැගින් දෙන්නකෝ හැකිනම් සොයලා.....

    ReplyDelete
  3. උත්සාහ කරන්නම් අයියා.. කාලය තමයි ප්‍රශ්ණේ..

    ReplyDelete
  4. සුභාෂ්(දුකා)October 24, 2011 at 1:47:00 AM GMT+5:30

    නිසඳැසක් නැතුව කවියක් ලියන්න හිතුනු දවසට මේ කරුනු ඔක්කෝම කෙසේ වෙතත් කීපයක් වත් සලකා බලන්න ඕන කියලා හිතට ගත්තා

    ReplyDelete
  5. ස්තුතියි අනුරුද්ධ

    ReplyDelete
  6. ඔවු ඔක්කොම එක පාර ඕන නෑ.. ටික ටික තමයි හදා ගන්න ඕනි. දුකා ඉතිං කොහොමත් හොඳ කවි අදහස් තියෙන කෙනෙක් හින්දා ඉක්මනටම වැඩේ ගොඩ දාගන්න පුළුවං වෙයි. ස්තුතියි මචං..

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..