Thursday, January 5, 2012

කොස් ඇට, දොඩං හා අහවල් ඒවා..(18+ වඩාත් සුදුසුයි)





අලුත් අවුරුද්දේ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මගේ පළවෙනිම වැඩිහිටියන්ට වඩාත් සුදුසු ලිපිය දාන්න යනවා...

ඔන්න දැං ඉතිං ඔයාලා හිතන්ට පුළුවං රංග ගේ උපදෙස් මාලාව කියවලා වත් ද මං මේ ලිපිය මෙහෙම ලියන්නේ කියලා.. එහෙම්මම නෙවෙයි.. මට මේ ලිපිය ලියන්න මතක් වුණේ පහුගිය අඟහරුවාදා උදේ බස් එකේ එද්දී..

මං ගැටයා කාලේ.. ඒ කියන්නේ මීට අවුරුදු 17 කට විතර ඉස්සර.. මං ඉස්කෝලේ ගියේ, අවිස්සාවේල්ලේ ඉඳලා කොල්ලුපිට්යට. ටියුෂන් පංති ගියේ නුගේගොඩට. ඔවු.. ඔවු.. අවිස්සාවේල්ලේ ඉඳලම තමයි.. මීට කලිං ලිපියක මං සඳහන් කරපු යාලුවා එක්ක තමයි මං නුගේගොඩ පංති ගියේ හුඟක් වෙලාවට.. සමහර දාට තවත් යාලුවෝ එකතු වුණා..

දවසක් මේ යාලුවයි මායි සුනිල් මෙන්ඩිස් සර් ගේ පංතියට ගියා.. ඉන්ටර්වල් එකේදී මගේ යාලුවා උරහිසේ අමාරුවක් තියෙන කෙනෙක් වගේ අත එහාට මෙහාට කරනවා..



මොකද බං.. මං ඇහුවා..


නෑ බං උදේ එනකොට, අහවල් එකක් කරේ තියාගෙන ආවනේ..
එතකොටයි මට මතක් වුණේ.. අපි දෙන්නා ආපු සීට් එකේ යාලුවා ආවේ ජනේලෙට සම්බන්ධ නොවන පැත්තේ සීට් එකේ වාඩි වෙලා.. මං තමයි ජනේලෙ පැත්තේ වාඩි වෙලා ගියේ.. ගෑනු කෙනෙක් මගේ යාලුවා ගේ ඇඟට හේත්තුව දාගෙන ආවා මටත් මතකයි.. ඒ කාලේ බස් වල අද කාලේ බස් වලට වඩා සෙනඟ වැඩියි. කොහොමට ත් අක්කලා ඇවිත් අහවල් එක කරෙං තිබ්බාම අපට බෑ කියන්න බෑ නේ.. අපි කොයි තරම් අසරණ ද නේද?


ඒත් හිටපු ගමං අයියලා එනවා කොස් ඇටේ කරෙන් තියන්න. 
ඒක තමයි ඉවසන්නම බැරි කට්ට. ඒ වෙලාවට මං නං දෙපාරක් තුන් පාරක් සීරු මාරු වෙලා බලනවා ශේප් එකේ විසඳගන්න පුළුවන්ද කියලා.. බැරිම නං මූණටම කියනවා.. අයියේ ඔය කොස් ඇටේ පොඩ්ඩක් එහාට ගන්න කියලා.. දවසක් ඔහොම කියන්න ගිහිං අයියා කෙනෙක් මගෙත් එක්ක පොඩි කොක්ක කුත් දා ගත්තා.. මිනිහා කියනවා..
උඹලට අපි පොඩ්ඩක් ඇඟේ වැදුණොත් තමයි අමාරු.. මෙච්චර වෙලා කෙල්ලෙක් ඇඟේ ගෑවි ගෑවි ගියා.. ඔය අගේ ට හිටියේ..

ඔවු ඉතිං මං කොල්ලෙක්නේ.. කෙල්ලෙක් ඇඟේ වැදුණට අමාරුවක් නෑ.. තමුසේ මොකද කියන්නේ කියලා.. (මං දැං මෙහෙම හිටියට ඒ කාලෙ ටිකක් සැරයි හොඳේ..)

ඒ කාලෙ ඉස්කෝලෙ යනකොට මං යන්නේ අවිස්සාවේල්ල කොළඹ පරණ පාරෙන්. ඒ බස් වල සෙනඟ එකයි. ඉඳගන්න ජනේලෙ අයිනෙන් සීට් එකක් හම්බවෙන්නේ කලාතුරකින්.. අනික් දවසට ඉතිං ඔෆිස් යන අක්කා කෙනෙක් මාව අපහරණයට ලක් කරන එක සාමාන්‍ය දෙයක් වගේ.. එක්කෝ මං අහවල් එක කරේ තියං යන්න ඕන, නැත්නං දොඩං වල පහස විඳින්න ඕන. ඔන්න ඉතිං මං ගැන වැරදියට එහෙම හිතනවා නෙවෙයි.. මං ඒවට මෙහෙමයි කියලා සහයක් දීලා නෑ.. කිඹුලෙක් වගේ ඔහේ ඉන්නවා මිසක.. මොකෝ විරුද්ධ වෙලා ගුටි කන්නයෑ..

ඉතිං කොහොම හරි කාන්තාවන්ට හිරිහැර කරන්න එපා කියලා බස් වල පුවරු තිබුණට පිරිමින්ට හිරිහැර කරන්න එපා කියලා ... අඩු ගානේ පිරිමි ළමුන්ට හිරිහැර කරන්න එපා කියලා බෝඩ් එකක් තියෙනවද?
අවංකවම කියනවා නං අක්කලාගෙන් මල්ලිලා බොහෝම පරෙස්සං වෙන්ට ඕන.. උං ඉලක්ක කරන්නේ අවුරුදු 22ට විතර අඩු පුංචි මල්ලිලාව කියලා මට හිතෙන්නේ දැං අවුරුදු ගානකිං මාව අපහරණය කරන්න කවුරුවත් සැට් වුණේ නැති හින්දා..

කොස් ඇට, දොඩං සමඟින් අහවල් ඒවා
බස් එක තුළ දි අපි කර ගහගෙන ආවා
සැපතත්, දුකත් සමඟින් නෙක රස ගාවා
තෝරා දෙන්න තේරෙන්නේ නෑ මේවා..
ප.ලි.
මෙය විහිලුවක් විදිහට ලියූවද සමාජ යථාර්තයකි. එය අප හිතනවාට වඩා සමාජය වෙනස් කරණ සාධකයක් ද විය හැක..

පිංතූරෙ ගත්තේ මෙතැනින්..

26 comments:

  1. http://pathiruva.blogspot.comJanuary 5, 2012 at 11:33:00 PM GMT+5:30

    අනේ අම්මේ ඇත්ත ඇත්ත මේවා බස් වල යන පොඩි කොල්ලොන්ටයි ඕනෙම වයසක ගෑනු අයටයි වෙන දේවල් හි හි

    ReplyDelete
  2. අනේද කියන්නෙ, ඔය අහවල් ඒවා මමත් කරේ තියන් ඇවිත් තියෙනවානේ බොලේ ඒ කාලේ. දවසක් එහෙම එකක් කරේ තියන් ගිහිල්ලා අන්තිමට ඒ අක්කා බැහැලා ගියේ සාරියට ගහපු ආය කට්ටකුත් පිටේ ගහලා.....!

    කොල්ලෝ ජැක් ගහන කතා එහමට ඇහුවත් මේ අක්කලාගෙන් මල්ලිලාට වෙන තවර ගැණ කවුරුවත් කතා කරන්නෙ නෑනේ.....! (මම හිතන්නෙ කවුරුවත් කම්ප්ලේන් කරන්නෙ නැති නිසා වෙන්න ඇති )

    ReplyDelete
  3. නියම කථාව චතුර මල්ලී. වෙනදට අහන්නෙ මැදිවයසෙ පිරිමි ගැහැනුන් ගේ ඇඟට හේත්තුවෙලා යන කතා නේ . මේක වෙනසක්. මෙහෙම වෙන බව දන්නෙත් අදයි ඔන්න. (ඒක ලිවුවෙ මම වැඩිය බස් වල හිරවෙලා යන්නෙ නැති නිසා. )

    ReplyDelete
  4. කොල්ලෙක්ට හරියකට එලියට බහින්න පුලුවන් කාලයක්ද මේ හැබෑට???කලියුග කා....ලේ!

    ReplyDelete
  5. අපෝ කියල වැඩක් නෑ ඔය ගෑණු ගැන.

    ReplyDelete
  6. චතුර විජේකෝන්January 10, 2012 at 1:13:00 PM GMT+5:30

    ඕනම වයසක ගෑණු අයට කියන්න අමාරුයි.. අවුරුදු 10-50 විතර Range එකේ නේද?

    බොහොම ස්තුතියි සහෝ.. අදහසට..

    ReplyDelete
  7. අනේ ඔවු.. කම්ප්ලේන් කරන එක මොන විලි ලැජ්ජා නැති වැඩක් ද? හික්ස්...

    ReplyDelete
  8. හික්ස්.. චන්දි අක්කලා දන්නේ නැති වුණාට මෙහෙම අනන්තවත් වෙනවා.. අපි ගෑණු කෙනෙක් ගාවට යන්න ඇඹරුනාට ගෑණු අය කිසි ගානක් නැතුව පිරිමි දහයක් මැද්දට වුණත් බය නැතුව රිංගනවනේ අප්පා..

    මගේ දැනුමේ හැටියට නං.. ඔය විෂයය සම්බන්ධව ගෑණු අය අතරත්, පිරිමි අය අතරත් Positive, Negative, සහ Neutral කට්ටිය ඉන්නවා.. ප්‍රතිශත නං වෙනස්..

    පිරිමි කට්ටියගේ වැඩි හරියක් Neutral ගෑණුන්ගේ Positive ප්‍රමාණයට වඩා පිරිමින්ගේ Positive ප්‍රමාණය අඩුයි. පිර්මින්ගේ Positive කට්ටියගෙන් සමාජයට වෙන හානිය ගෑණුන්ගේ Positive කට්ටියගෙන් වෙන හානියට වඩා ප්‍රබලයි..

    මේ මං හිතන හා මට දැනෙන හැටි හොඳේ..

    ස්තුතියි චන්දි අක්කා.. අදහසට..

    ReplyDelete
  9. කියලා වැඩක් නෑ.. හික්ස්.. ස්තුතියි සාබිත් අදහසට..

    ReplyDelete
  10. ගෑණු විතරක්යෑ.. සහෝ.. ඔයිට හපං පිරිමිත් ඉන්නවා නොවැ..

    ස්තුතියි ඉන්දික අදහසට...

    ReplyDelete
  11. සම්පූර්ණ ඇත්ත....
    අත්දැකීම් ගැන කියනවනම්........එක්කො ඕන නැහැ..

    ReplyDelete
  12. මම නම් මුකූත් කියන්නෑ චතුරයියෙ,මොකටද නිකං නෝන්ඩි වෙන්නෙ......

    ReplyDelete
  13. අත්දැකීමක් බෙදාගන්ට .. දෙපාරක් හිතන්නෙ මක්කටෙයි..

    බොහොම ස්තුතියි සහෝ මේ පැත්තේ ඇවිත් අදහස් දැක්වූවාට..

    ReplyDelete
  14. හ්ම්.. හ්ම්.. මලයගේ කැමැත්තක්..

    ස්තුතියි මල්ලී මේ පැත්තේ ඇවිත් අදහසක් පළ කළාට..

    ReplyDelete
  15. මේ ලිපිය කියෝලා බලන්න.

    http://tikakhinawenna.blogspot.com/2012/01/blog-post_22.html

    ReplyDelete
  16. කාන්තා හිංසනය ගැන කතා කරාට කාන්තාවන්ගෙන් අපිට වෙන අත වර ගැන කවුරුවත් කතා නෑ.. අපිත් ලැජ්ජ බයට හැදුන නිසා එහෙම වෙලාවට කතා නොකර ඉන්නවා... බයටම. බොරුද හික් හික්...

    ඔය කතාව හරි. ගොඩක් ස්කෝලෙ යන... ක්ලාස් යන පොඩි 16 - 20 විතර කොල්ලොන්ට හේත්තුව දාන කෙල්ලො ඉන්නවා.

    ReplyDelete
  17. ඒ ලිපිය කියෙවුවා.. ඒ ලිපියේ මට වඩා එළියට බැහැලා කතා කරනවා නේද?.. ඒත් ඒ ලිපියේ තියෙන සමහර කරුණු එක්ක නම් එකඟ වෙන්න අමාරුයි.. ස්තුතියි කතන්දර..

    ReplyDelete
  18. ඇත්තමයි.. ඒ කාලේ ඔය වගේ දේවල් වලට යටි හිතේ තිබුණු ආශාවත්, නොදන්නා කමත් හින්දා එහෙම නෙවෙයි ඔන්න ඕවට ඉඩ දුන්නේ.. හික්ස්..

    ReplyDelete
  19. අප්පට සිරි මෙතනට ආවේ අදනෙ.... සිරා ලිපියක්.... උදාහරණ නැති වුනාට මමත් ලිව්වේ මීට ටිකක් එහා ගිය ඒත් මේ වගේම දෙයක් ගැන...

    ReplyDelete
  20. ඔවු.. ඔයාගේ ලිපියෙදී ටිකක් එළියට බැහැලා කතා කොරනවා නොවැ.. ස්තුතියි අබීත මේ පැත්තේ ඇවිත් අදහසක් දක්වලා ගියාට..

    ReplyDelete
  21. මේක බැලුවේ අදයි . . අඩේ ඉස්සර ඉස්කෝලේ ගිය කාලේ ගැන හිතලා බැලුවාම කතාව ඇත්තනේ යකෝ . . .

    ReplyDelete
    Replies
    1. ඇත්ත නොවෙන්නම්.. මං බොරු ලියනවා කියලැයෑ..?

      Delete
    2. මම වැඩිය බස් එකේ යන්නේ නැ
      මම 9 වසරේ ඉන්නකොට ගාමන්ට් අක්කලා මටත් මෙහෙම කොලා

      Delete
    3. අනේ බලන්ටකෝ ඉතිං.. අවුරුදු 14 කොලු පැට්ටෙකුටවත් ඉන්ට දෙන්නෙ නෑ නොවැ මේ වල් කෙල්ලො..:D

      Delete
    4. බේරෙන්ට බැහැ මේ ගෑණු නිසා.
      අනේ අනිච්චං කාට කියන්නද

      කාන්තා අධිපාත්‍ය බොලව් කාන්තා අධිපාත්‍ය

      Delete
    5. සුළු ජාතිකයො.. සුළු ආගම් කාරයො වගේ තමයි කාන්තාවොත්.. බැලුවොත් අයිතිය ඉල්ල ගත්තු ගමං.. ඒත් හරිනං අයිතිය ඉල්ලන්ට ඕන අපි.. මොකද කියන්නෙ.?

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..